කළු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී යුක්රේන ප්‍රහාරයකට ලක් වූ “මොස්ක්වා” නමැති රුසියානු යුද නෞකාව ගිලී ගොස් ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් තහවුරු කර ඇත.
ප්‍රහාරයෙන් අනතුරුව වරායක් වෙත රැගෙන යමින් තිබියදී මුහුදේ ඇති කුණාටු සහගත තත්ත්වයක් හේතුවෙන් නෞකාව ගිලීගොස් ඇති බව රුසියාව ප්‍රකාශ කර ඇත.
කළු මුහුදේ යාත්‍රා කරන රුසියානු යුද නෞකා අතර පෙරමුණේ පසුවන නෞකාවක් වන මොස්ක්වා, රුසියාවේ යුද බලය පෙන්නුම් කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ද රුසියාව එම නෞකාව භාවිත කර ඇති බව පැවසේ.
කෙසේවෙතත් අදාළ නෞකාවට එල්ල වූයේ යුක්රේනය එල්ල කළ මිසයිල ප්‍රහාරයක් බවත්, ප්‍රහාරයෙන් නෞකාව ගිනිගොස් ඇති අතර දැඩි හානි ද සිදුව තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.










