භික්ෂූන වහන්සේලා සිදුකරන ක්‍රියාවන් හේතුවෙන් ආනන්තරීය පාප කර්මයක් සිදුවීමේ ඉඩක් ඇති බව කමල් අද්දරආරච්චි පවසයි.
‘අනේ අපේ හාමුදුරුවන් වහන්සේලාට කියමු තමුන්වහන්සේලා වැඩ ඉන්න පන්සල්වලම මේ වැඩේ කරනව නම් දස දහස් ගණනින් ඒ පංසල්වලම මිනිස්සු පුරවන්න පුළුවන් කියලා. එතකොට රට පුරා දස දහස් ගණනින් ඇති පන්සල් තුලින් දෙසනු ලබන වර්ථමාන අරගලය සඳහාවූ සැබෑ විසඳුම නිවැරදිව බුද්ධිමත්ව තෝරාගනිමින් මීට වඩා වැඩි වැඩියෙන් මිනිස්සු එක්වෙයි. නමුත් දැන් වෙන්නේ එක පැත්තකින් සංඝයාවහන්සේලා පිරවරක් වඩිනවා අරගලය ගැන විචිකිච්ඡාවෙන් පැන නැඟුනු තවත් අර්බූදයක් වෙනුවෙන්. අනෙක් පැත්තෙන් මෙතැන එවැනිම තවක් පිරිසක් අසුන්ගෙන සිටිනවා ඒ අරගලය වෙනුවෙන් . ඉතින්, මේ දෙපිරිසම යන්නේ කොහාටද…? මෙසේ සිදුවෙනකොට එයින් හාමුදුරුවරුන් වහන්සේලා අතරේම භේදයක් ඇතිවනවා නේද? සංඝභේදයද බුදුන්ගේ ලේ සෙලවීම වැනි ආනන්තරීය පාප කර්මයක් වන බැවින් එවන් පාපකර්මයක් සිදුවීමට හැකි ඉඩකඩ සැබෑ බෞද්ධයන් ලෙස අපි වලක්වා ගමු!’










