• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශිෂ්ටත්වයේ අරගල බිමට අශිෂ්ටත්වයේ මර්දනය දිගු නොකරනු!

April 13, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
තරුණයන්ගෙ නැගිටීම ප්‍රචණ්ඩත්වයෙන් ඉවර කරන්න හිතන්න එපා! ඒකාධිපති පාලනයකට අපි ඉඩ තියන්නේ නෑ! විපක්ෂනායක විශේෂ ප්‍රකාශයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශිෂ්ටත්වයේ අරගල බිමට අශිෂ්ටත්වයේ මර්දනය දිගු නොකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මේ බව දැනුම් දී ඇත.

අපගේ මාතෘ භූමිය දරාගත නොහැකි ලෙස අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් යන අන්තනෝමතික, හිතුවක්කාරී පාලන තන්ත්‍රයට එරෙහිව දින ගණනාවක් මුළුල්ලේ පක්ෂ පාට බේද නොසලකා අරගල කරන තරුණ පරම්පරාවට එරෙහිව ආණ්ඩුව මර්දනයේත්,තර්ජනයේත් වියරු හස්තය දිගු කොට තිබේ.

පැන්සලක් හෝ පින්සලක් සමග විරෝධතා පුවරුවක් පමණක් රැගෙන සාධාරණත්වයේ සහ මිනිස්කමේ නාමයෙන් උදාර අපේක්ෂා පෙරදැරිව  අරගල කරන තරුණ පරම්පරාවට එරෙහිව මර්දනයේ බයිනෙත්තුව හෝ තර්ජනයේ වහසිබස් දෙඩිය හැක්කේ කුරිරු ආඥාදායක මිලේච්ඡත්වයකට පමණි.

⭕ ලාංකේය ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේ ද නව පරිච්ඡේදයක් සටහන් කරමින් අතිශය විනයගරුක ලෙසත්,ස්වාර්ථය වෙනුවට පරාර්ථකාමීත්වයෙන් පිරුණු අපේක්ෂාවන්ගෙන් යුක්තවත් අපේ රටේ පුරවැසියන් අරගල කරමින් සිටී.විනයගරුකත්වයේ සහ ශිෂ්ට සම්පන්නබවේ ජීවමාන උදාහරණය ගෝල්ෆේස් පරිශ්‍රය තුළින් දැකිය හැකි අතර, ඔවුන්ගේ අරගලය,බලසම්පන්න  විධායක ජනාධිපතිවරයාත්, තුනෙන් දෙකක් ඇති බවට වහසිබස් දෙඩූ ආණ්ඩුවත් බිත්ති හතරක් මැද කොටු කිරීමට සමත්ව තිබේ.

⭕මේ තත්ත්වයෙන් කුපිත වූ ආණ්ඩුව දැන් වෑයම් කරමින් සිටින්නේ ප්‍රාථමික සහ මිලේච්ඡ ප්‍රතික්‍රියා මගින්, මේ රටේ වීදිබට ජනයාගේ ශිෂ්ට සම්පන්න අපේක්ෂාවන් සමග උමතු ගැටුමක යෙදීමටය.

ආණ්ඩුව තමන්ට හුරු පුරුදු ජාතිවාදය,ආගම්වාදය, අන්තවාදය,නමැති හලාහල විෂ යොදා අරගලකරුවන් සහ අරගලබිම අපවිත්‍ර කිරීමට සියලු කටයුතු යොදමින් සිටී.
එය අපි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.

⭕අපගේ ස්ථාවරය අරගලබිමේත් මහපාරේත් සිටින අරගල කරුවන්ට සමපාත ය.
ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු අතර ඔවුන්ට එරෙහිව විශ්වාසභංගයක් සේම දෝෂාභියෝගයක් ද ගෙන ඒමට අප කටයුතු කරමු.විසිවෙනි සංශෝධනය ආපසු හරවා දහනව වැනි සංශෝධනය නැවත බලාත්මක කිරීමටත් පාර්ලිමේන්තුව තුළ ලබාගත හැකි සියලු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ලබා ගැනීම උදෙසා අනවරථව අරගල කිරීමටත් අප තිරසාර ලෙස ඇප කැප වෙමු.

මේ තීරණාත්මක නිමේෂයේ ආණ්ඩුවට අවධාරණය කළ යුත්තක් තිබේ.

⭕මෙරට එදාමෙදා තුර ඉතිහාසයේ මිනිස්කමේ උදාර අනුරාගයෙන් යුක්තව අරගල කරන ශිෂ්ටත්වයේ අරගල බිමට අශිෂ්ටත්වයේ හස්තය දිගු කළ හොත් එය ආණ්ඩුවට එරෙහි ඒකාන්තව පාරාවළල්ලක් වනවාට සැක නැත.

⭕පක්ෂ පාට ජාති ආගම් භේද නොසලකා දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ජනතාව  නැගී සිටින විට ආණ්ඩුව ඊට ප්‍රතිචාර ලෙස මර්ධනයේ හස්තය දිගු කරන ඕනෑම විටෙක , කොන්දේසි විරහිතව ජනතාවගේ පැත්තෙන් පලිහක්ව සිට ගැනීමට පසුබට නොවන බව අවධාරණය කරමු. 

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක  

SendShareShare
Previous Post

හිමිවරුන් පිරිසක් අරගලයට එක්වෙලා! තවත් හිමිවරුන් පිරිසක් ඊට විරුද්ධව පාගමන් යනවා! මේ යන්නේ කොහේටද? ආනන්තරීය පාප කර්මයක් ගැන කමල් පණිවුඩයක් තියයි!

Next Post

මේ අරගලයට නායකයන් නෑ! මමත් ජන සුනාමියක කුහුඹුවකු පමණයි! අරගලයේ නියමුවකු ෆේස්බුක් සටහනක් තියයි! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.