විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද (29) දහවල් පැවැත්වී තිබේ.
මෙම සාකච්ජාව සදහා රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව සුලු පක්ෂ නායකයන් කිහිප දෙනකුද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ. සුමන්තිරන් මහතාද සහභාගීව සිට ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙහිදී සුලු ජාතික පක්ෂ නියෝජිතයන් මෙන්ම දෙමළ ජාතික සන්ධාන නියෝජිතයා වූ සුමන්තිරන් මහතාද විපක්ෂ නායක ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර තිබේ.
ඔවුන් පෙන්වා දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය ලබා දිය යුතු බවකි.
ඒ අනුව බොහෝ දුරට විපක්ෂ නායක ධූරය සජිත්ට හිමිවන ලකුණු මේ වනවිට පහළ කර ඇති බවක් එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දෙයි.










