එජාපය තුළ මතුව ඇති අර්බුදය විසදා ගැනීම සදහා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන මහත්වරුන් අතර අද (29) රාත්‍රී පැවැති සාකච්ජා එකගතාවකින් තොරව අවසන් වී ඇත.
එම සාකච්ජාවලදී පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය අතහැරීමට රනිල් වික්‍රමසිංහ මහතා එකගතාව පළ කර තිබුණත් ඒ මහතා ඊට ඉදිරිපත් කර ඇති කොන්දේසියක් මුල් කරගෙන සාකච්ජා එකගතාවකින් තොරව කෙළවර වී තිබේ.
එහිදී වික්‍රමසිංහ මහතා සදහන් කර ඇත්තේ නායකත්ව මණ්ඩලයක් පත් කළ යුතු යැයි කියාය.
නමුත් ඊට සජිත් ප්‍රේමදාස මහතා විරෝධය පළ කිරීමෙන් අනතුරුව සාකච්ජා එකගතාවකින් තොරව අවසන් වී තිබේ.
කෙසේවෙතත් ඉදිරි දින කිහිපය ඇතුළත තවත් සාකච්ජා වටයක් පැවැත්වීමට තිදෙනා අතර එකගතාවක් ඇතිවී තිබෙන බවද දැනගන්නට ඇත.










