අන්තර්වාර පාලනයක් පිහිටුවීම සදහා නව අගමැතිවරයකු ඇතුලු කැබිනට් ඇමැතිවරුන් 15ක් නම් කර තමන්ට එවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් 41 දෙනා හට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඊයේ මෙම 41 දෙනාගේ කණ්ඩායම හා ජනාධිපතිවරයා අතර ජනාධිපති මන්දිරයේදී පැවැති සාකච්ජාවේදී ජනාධිපතිවරයා විසින් මේ බව දැනුම් දී ඇත.
එසේ පත්කරන නව රජයට පාර්ලමේන්තුවේ බහුතර බලය පවතින බව පෙන්විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී දැනුම් දී ඇති බවද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මේ බව සාකච්ජා නිමවා එළියට පැමිණි 41 දෙනාගේ කණ්ඩායමේ කිසිවකු විසින් හෝ රටට අනාවරණය නොකිරීමද විශේෂත්වයකි.










