• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද ලංකාවට වෙලා තියෙන දේ ගැන අවුරුදු 110කට කලින් මැකලම් ආණ්ඩුකාරයා කියපු ටක්කෙටම හරි ගිය සාත්තරේ!

April 7, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
අද ලංකාවට වෙලා තියෙන දේ ගැන අවුරුදු 110කට කලින් මැකලම් ආණ්ඩුකාරයා කියපු ටක්කෙටම හරි ගිය සාත්තරේ!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් හැටනව ලක්ෂයත් ඇතුළුව ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් මේ දිනවල දවසේ වැඩි කාලයක් ගෙවන්නේ පෝලිම්වලය. එක පෝලිමකින් තව පෝලිමකට ආදී වශයෙන් පෝලිම්වලම රැය පහන් කරනා ඔවුහු මහ මැතිවරණයේදී මෙන්ම ජනාධිපතිවරණයේදීද තම තමන් ලබාදුන් ඡන්දය ගැන පසුතැවෙති. එහෙත් ඡන්දය නොහොත් තම කැමැත්තෙන් තම පාලකයා තෝරාගැනීමේ වරය වූ කලී එලෙස පසුතැවීමට දෙයක් නොව සැබෑම වරප්‍රසාදයකි. ලක්වාසීනට එකී වරප්‍රසාදය හිමිවනුයේ අදින් වසර 123කට පෙර මෙරට බි්‍රතාන්‍ය කිරීටයට නතුව තිබූ සමයේදීය.

ලංකාවට (එවකට බි්‍රතාන්‍ය ලංකාවට) කිසියම් ඡන්ද බලයක් හිමිවනුයේ 1910 වසරේ කෲව් – මැකලම් කොමිසමේ නිර්දේශවලට අනුවය. රටේ ජනගහනයෙන් සීමිත පිරිසකට පමණක් ඡන්ද බලය හිමිවූ එකී නිර්දේශ පසුපස කතා බොහෝය. විස්මය දනවන අනාවැකි සහ දුක දනවන සිදුවීම්ද හාස්‍ය උපදවන සිදුවීම්වලින්ද ගහන ලංකාව ඡන්ද බලය ලබාගැනීමේ කතාව ගැන ඡන්දය ගැන කලකිරී සිටිනා ලක්වැසියන් බොහෝ දෙනෙක් දන්නේ නැත.

1833 හඳුන්වා දුන් කෝල්බෲක් – කැමරන් ප්‍රතිසංස්කරණවලට පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසියම් සංශෝධනයක් සිදු නොවීම නිසා බි්‍රතාන්‍ය ලංකාවේ විවිධාකාර නොසන්සුන්කම් ඇතිවෙමින් තිබිණි. එබැවින් 1909 වන විටත් ස්ථාපිත කර තිබූ කෲව් – මැකලම් කොමිසම වෙත ලාංකික ප්‍රභූන් විවිධාකාර වූ යෝජනා ඉදිරිපත් කරන්නට විය. ඊට ප්‍රධාන හේතුව වූයේ ඒ වන විටත් ඉන්දියාවට සීමිත ඡන්ද ක්‍රමයකින් තම ව්‍යවස්ථාදායක සභාව තෝරාගැනීමේ වරප්‍රසාදය හිමිව තිබීමය. එකල්හි ඉන්දියාවේ පුරුෂ සාක්ෂරතාව 1000ට 70ක් වූ අතර එය ශ්‍රී ලංකාවේ 1000ට 350 තරම් ඉහළ විය. ඉන්දියාවේ කාන්තා සාක්ෂරතාව 1000ට 7ක් වූ අතර එය ශ්‍රී ලංකාවේ 1000ට 98ක් තරම් අගයක් ගන්නා ලදී. මෙකී ඉහළ සාක්ෂරතා මට්ටම් සහ බි්‍රතාන්‍ය කිරීටයට දැඩි අවනත බවක් දැක්වීම යන කරුණු නිසා ඉන්දියාවට පෙර ලංකාවට සීමිත ඡන්ද බලය හිමිවිය යුතු බව සිතූ මෙරට ප්‍රභූ පන්තිය බි්‍රතාන්‍ය යටත් විජිත ලේකම්ගේ අවධානය පිණිස සිය යෝජනා යුහුසුලුව ඉදිරිපත් කරන්නට වූහ.

ඒ වන විටත් මෙරට ක්‍රියාත්මක ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත්කිරීමට මෙරට උගත් ජනයාට සීමිත ඡන්ද බලය ලබාදෙන මෙන් ශ්‍රීමත් ජේම්ස් පීරිස් විසින් ප්‍රථමව සහකාර රාජ්‍ය ලේකම් වෙත පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරනා ලදී. ඉක්බිතිව ක්‍රියාත්මක වූ එච්.ජේ.සී. පෙරේරා විසින් ලංකාවේ ප්‍රභූන් 800කගේ පමණ අස්සන් සහිත යෝජනාවලියක් යටත් විජිත ලේකම් වෙත යොමුකරනා ලදී. මීට සමගාමීව ශ්‍රී ලංකාවේ එවක ක්‍රියාත්මක වූ සංගම් සහ සමාජ විසින්ද සීමිත ඡන්ද බලය ඉල්ලා යෝජනා ඉදිරිපත් කරනා ලදී. එම සංගම් අතර එම්.ඒ. අරූන් ලාල්ගේ ප්‍රධානත්වයෙන් යුත් යාපනය සංගමය සහ අර්නස්ට් කොරයාගේ මූලිකත්වයෙන් යුත් හලාවත සංගමයද විය. ඊට අමතරව ලංකා ජාතික සංගමය ඇතුළු සංගම් කීපයක්ද විය.

මෙම සියලු පාර්ශ්ව ඉල්ලා සිටි ප්‍රධාන යෝජනා ද්විත්වයක් විය. ව්‍යවස්ථාදායක සභාවට ජනවර්ග අතරින් නිල නොලත් මන්ත්‍රීවරුන් පත්කිරීමට ආණ්ඩුකාරවරයාට ඇති බලය අහෝසි කර ඒවෙනුවට ප්‍රදේශ අනුව සීමිත ඡන්දයෙන් නියෝජිතයන් පත් කිරීමට අවස්ථාව ලබාදීම ඉන් පළමුවැන්නයි. දෙවැන්න වූයේ ව්‍යවස්ථා දායක සභාව සම්මත කර ගන්නා පනත් සක්‍රීය කිරීමේ බලය හිමි විධායක සභාවට සීමිත ඡන්දයෙන් තේරෙන මන්ත්‍රීවරයෙක් පත් කිරීමයි.

මෙම යෝජනා සියල්ල එවක (1907 – 1913) මෙරට ආණ්ඩුකාර ධුරය දැරූ හෙන්රි එඩ්වර්ඩ් මැකලම් ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් වූ අතර ඔහු මෙම යෝජනා පිළිබඳ සිය මතය සහ ඒවා ඉදිරිපත් කළ පාර්ශ්වයන් පිළිබඳ තොරතුරුද ඇතුළත් ආවර්ණිත ලිපියක් සහිතව ලාංකික ප්‍රභූන්ගේ යෝජනා යටත් විජිත ලේකම් වෙත යොමුකර ඇත. ආණ්ඩුකාර හෙන්රි මැකලම් සිය නිර්දේශ මගින් මෙම යෝජනා ඉදිරිපත් කරනා පිරිස් බි්‍රතාන්‍ය අධ්‍යාපනය විසින් පෙළගස්වනු ලැබූ ප්‍රභූ පන්තිය පමණක් බවත්, කිසි විටෙකත් ඔවුන් මෙරට සාමාන්‍ය ජනතාව නියෝජනය නොකරන බවත් යටත් විජිත ලේකම්ට දන්වා ඇත. එමතුදු නොව කල්තබා ලංකාවට ඡන්ද බලය ලබාදීමෙන් තම පැවැත්ම උදෙසා ක්‍රියාත්මක වෙන වෘත්තීය දේශපාලනඥයන් පිරිසක් බිහිවනු ඇති බවත්, ඔවුන් බලය ලබාගැනීමට ගෙන යන ඡන්ද ව්‍යාපාරයන් මගින් මෙරට නූගත් ජනයා අතර ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය හැකි බවත් අනාගතයේ මෙරට පාලන බලය පවුල් කිහිපයකට සීමාවිය හැකි බවත් පවසා තිබේ.

1909දී හෙන්රි මැකලම් ආණ්ඩුකාරයා දැක්වූ මෙකී අදහස් අද මෙරට පවතින දේශපාලන ප්‍රවණතා සහ රට මුහුණ දෙමින් සිටිනා අර්බුද දෙස බැලීමේදී විස්මිත අනාවැකියක් ලෙස ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් මැකලම් ආණ්ඩුකාරයා මේ පුරෝකථනය කළේ සමකාලීන ප්‍රභූ දේශපාලනයේ හැසිරීම සහ මෙරට ඡන්දදායකයාගේ උදාසීන බව නිරීක්ෂණයෙන් මිස ඔහු සතුවූ වෙනයම් අමුතු බලයකින් නොවනා බව සඳහන් කළ යුතුමය.

කෙසේ වෙතත් කෲව් – මැකලම් කොමිසමේ නිර්දේශ මත 1910දී ශ්‍රී ලංකාවට සීමිත ඡන්ද බලය හඳුන්වා දුන් අතර, කොමිසම සිය යෝජනා ඉදිරිපත් කරමින් ලංකා ව්‍යවස්ථාදායකයේ බලතල පුළුල් කිරීමට යෝජනා කරයි. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ සභික ධුර සංඛ්‍යාව 21 දක්වා වැඩි කිරීමට යෝජනා ඉදිරිපත් වන අතර, නිලලත් මන්ත්‍රීවරු සංඛ්‍යාවට වඩා නිල නොලත් මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරන ලෙස ලාංකික ප්‍රභූන් කරන යෝජනාව ප්‍රතික්ෂේප වේ. නිල නොලත් මන්ත්‍රී ධුර වැඩිකිරීම මගින් ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා ඊට හේතුව විය හැක.

ව්‍යවස්ථාදායක සභාවට නිල නොලත් නියෝජිතයන් 10 දෙනෙක් පත්කිරීමට යෝජනා වූ අතර ඉන් සාමාජිකයන් 4 දෙනෙක් පමණක් සීමිත ඡන්දයකින් තෝරා පත්කරගැනීමට යෝජනා කර තිබිණි. එලෙස ඡන්දයෙන් පත්වෙන නියෝජිතයන් අතරට යුරෝපීයයන් දෙදෙනෙක් සහ බර්ගර් ජාතිකයෙක් ඇතුළු වූ අතර අනෙක් නියෝජිතයා උගත් ලාංකිකයෙක් විය යුතු බව කොමිසම සිය වාර්තාවේ සඳහන් කරයි. ඒ අනුව 1911 උගත් ලාංකිකයා ලෙස වෛද්‍ය මාකස් ප්‍රනාන්දු පරාජය කරමින් ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්විය.

සිංහල බහුතරයක් සිටි රටක එකම උගත් ලාංකිකයා ලෙස ද්‍රවිඩ ජාතිකයෙක් තේරී පත්වීම එකල සිංහල සමාජය තුළ වාර්ගික භේදයන් නොතිබූ බවට හොඳ සාක්ෂියකි. එමෙන්ම සීමිත ඡන්ද බලය ඉල්ලා යාපනය සමාජය ඉදිරිපත් කළ යෝජනාවලියේද වාර්ගික පදනමින් ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත්කරන ආණ්ඩුකාරයා සතුව තිබූ බලය වෙනුවට ප්‍රදේශ අනුව නියෝජිතයන් පත්කරනා සීමිත ඡන්ද ක්‍රමයක් ඉල්ලීමද කියාපානුයේ එකල දෙමළ සමාජය තුළද පටු වාර්ගික භේදයන්ට තැනක් නොතිබූ බවය.

කෙසේ වෙතත් කෲව් – මැලකම් කොමිසමේ නිර්දේශ මගින් මෙරට කාන්තාවනට සහ අඩු හා මධ්‍ය ආදායම්ලාභීන්ට ඡන්ද බලය අහිමි කරන ලදී. ඒ අනුව සීමිත ඡන්ද බලය හිමිවූයේ ඉංග්‍රීසි උගත්, රුපියල් 1,500ට නොඅඩු වාර්ෂික ආදායමක් හෝ වැටුපක් හිමි, අවුරුදු 21ට වඩා වැඩි පිරිමින්ට පමණි. ස්ත්‍රී පුරුෂ ජාති කුල සහ ආදායම් විෂමතා නොතකා වයස 21ට වැඩි සියලු ලාංකිකයනට ඡන්ද බලය ලබාදෙමින් වර්ෂ 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යෝජනා ලංකාවේ ක්‍රියාත්මක කරන ලදී. 1959 වසරේ සමගි පෙරමුණු රජය ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස අවුරුදු 18 දක්වා අඩු කරන ලදී. එය එවක විපක්ෂ ක්‍රියාකාරිකයන් අතර දැඩි විවේචනයට ලක්වූ අතර සර් ජෝන් කොතලාවල එය හඳුන්වාදී ඇත්තේ ‘වඳුරන්ට ඡන්ද අයිතිය ලබා දීමක්’ ලෙසය. 1960 මාර්තු මැතිවරණය වයස අවුරුදු 18ට වැඩි තරුණ කොටස් ඡන්දය භාවිත කළ පළමු මැතිවරණය ලෙස වාර්තා වේ.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජිත් බලන්න තලවකැලේට මහා ජන ගඟක් ගලයි! ජනාධිපති එපා! ඒකා අධිපති එපා! (VIDEO & PHOTOS)

Next Post

ජනතාව පක්ෂ පාට නොබලා පාරට බැහැලා! තවත් ප්‍රමාද වෙන්න එපා! ඩලස් පාර්ලිමේන්තුවේ 225ටම ලියුමක් යවයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.