• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!

April 6, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!
Share on WhatsAppShare on Facebook

එළැඹෙන අප්‍රේල් 21 වැනිදාට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එල්ල වූ තුප්පහිම ප්‍රහාරයට වසර 03ක් සම්පූර්ණ වීමට නියමිතය. මේ ප්‍රහාරය සම්බන්ධවද සියලු පාර්ශ්ව නිරුවත් බව අපි එළිපිටම ප්‍රකාශ කරන්නේ බයෙන් සැකෙන් තොරවය. මේ රටේ දේශපාලකයෝ දේශපාලන වේදිකාවල වහසි බස් දෙඩූමුත් තවමත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ නිසි වැරැදිකරුවකු අත්අඩංගුවට ගෙන නැත. පාස්කු ප්‍රහාරය පාවිච්චි කළේ දේශපාලන වාසි සඳහාය. එසේම තමන්ගේ තරහකාරයන්ව බිලීබාන්නට ඔවුන්ව රිදවන්න පාස්කු ප්‍රහාරය පාවිච්චි කළා මිස, පාස්කු ප්‍රහාරය නම් නිර්ලජ්ජිත තුච්ඡ ප්‍රහාරයට එරෙහිව තවමත් කිසිදු නිවැරැදි තීන්දුවක් ගන්නට මේ ආණ්ඩුව අසමත් වී තිබේ. පාස්කු ප්‍රහාරය එල්ලවී ශ්‍රී ලංකාවේ පැවැති යහපාලන ආණ්ඩුවත්, පාස්කු ප්‍රහාරය දඩමීමාකොට ගෙන පාස්කු ප්‍රහාරයේ වැරැදිකරුවන්ට දඬුවම් කරනා බව කියමින් බලයට පැමිණි නව ආණ්ඩුවත් දෙකම සිය නිරුවත සමාජය ඉදිරියේ ඔප්පු කොට අවසන්ය.

2019 අප්‍රේල් 21 වැනිදා උදෑසන එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය ප්‍රමාණය ගැන දැන් ගණන් හිලව් බලා වැඩක් නැත. ඔවුන් සියලු දෙනාම අපෙන් සමුගෙන ගොස් අවසන්ය. ඒ මියගියේ අහිංසකම මිනිසුන්ය. සිය සුපුරුදු ජීවිතයේ හුරුපුරුදු පල්ලිය වෙත ආගම අදහන්නට ගිය අහිංසකයන් මරාදැමූ ප්‍රහාරයේ මහමොළකරු කවුදැයි දැන් දැන් තැනින් තැන විවිධ කයිකතන්දර පැතිරෙමින් තිබේ. ඒවායේ සත්‍ය අසත්‍යතාව ඔප්පු කරන්නට මේ ආණ්ඩුව හෝ ඉදිරියේදී පැමිණෙන වෙනත් ආණ්ඩුවක් හෝ සමත්වේදැයි අපට නම් සැකය. එයට හේතුව වන්නේ මේ සියලු දෙනාට අවශ්‍යව ඇත්තේ බලය ලබාගැනීමට මිස බලය ලබාගැනීමට සිදුකරන ලද හෝ බලය ලබාගැනීමට නියම් හෝ අනියමින් උදව් කරන ලද සිදුවීම් යළි හාරා අවුස්සන්නට නොවේ. කුණු ගොඩවල් ඇවිස්සීමෙන් ගඳගහනා බව ඒ මහත්වරු හොඳින්ම දන්නා බව ඉතා පැහැදිලිය. විශේෂයෙන්ම තම තමන්ගේ ගොඩවල් තම තමන්ගේ කුණු යැයි තීරණය කරගත් විට අනුන්ගේ කුණු යැයි පෙන්නූ කුණුගොඩවල් අවුස්සන්නට ඒ අයට හයියක් නැත. මක්නිසාද යත් කුණු ගොඩවල් අවුස්සද්දී ඒවායෙන් නම්ගම් සහිත ලිපිගොනු මතුවන්නට ඉඩ ඇති බව ඒ මහත්වරු හොඳින්ම දන්නා බව අපේ විශ්වාසයයි.
පාස්කු ප්‍රහාරයට කිසිවකුට කෙළින්ම ඇඟිල්ල දිගු කරන්නට අපට හැකියාවක් නැත. නමුත් බොහෝ විට එක් ඇඟිල්ලක් දිගුකරන මහත්වරුන් දෙසට ඉතිරි ඇඟිලි හතරම යොමුවී ඇති බව පමණක් අපට පොදුවේ පෙනෙන කාරණාවයි. 2019 අප්‍රේල් 21 වැනිදා දෙස යළි යළි හැරී බලන්නට තරම් අපට හයියක් නැත. ඒ, අපිත් මනුෂ්‍යයෝ නිසාය. මනුෂ්‍යයන් නොවන, අමනුෂ්‍යයන් විසින් මේ ප්‍රහාරය පිටුපස තිරනාටක ඇඳි බව පමණක් අපට දැනෙන කාරණයයි. නමුත් සිහි තබාගත යුතු එක කාරණයකි. ජීවිතයේ බොහෝ විට කිතුනුවන්ගේ වැඩි කොටසක් ගතවෙන්නේ පල්ලියත් සමගය. උපන්නායින් පසු පල්ලියට රැගෙන ගොස් බෞතීස්ම කොට දරුවා ගෙදර රැගෙන ඒම සාමාන්‍ය සිරිතයි. පල්ලියේ අධ්‍යාපනයත්, පල්ලියත් ගීතිකා කණ්ඩායමත් ඒ මිනිසුන්ගේ ජීවිතවල කොටසකි. තමන්ගේ ජීවිතයේ වැඩි කොටසක් පල්ලියේ ගෙවාදැමූ මිනිසුන්ව පල්ලිය තුළම මරාදැමීමට තරම් මේ කාලකණ්ණි තුච්ඡ බවට පත්විය. නමුත් ඒ මිනිසුන්ට සාමය උදාකර දෙන්නට ඒ මිනිසුන් ඇදහූ දෙවියන්ට මිස මේ රටේ පාලකයන්ට නොහැකි බව දැන් තව තවත් දැනෙමින් තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව කාත්තන්කුඩියේ පල්ලි හොයා ගිය එකම මාධ්‍ය කණ්ඩායම වන්නේ අපය. ඒ සඳහා මේ රටේ ප්‍රධානතම මාධ්‍ය කිසිවක් ඉදිරිපත් නොවූ බව අප දන්නා කාරණාවයි. අපට පාස්කු ප්‍රහාරයෙන් දින තුන හතරකට පසු කාන්තන්කුඩියට යන්න කිසිවකුගේ සහාය ලැබුණේ නැත. වෙන එකක් තියා ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වූ පරිදි අප විසින් ගමන් කරන්නට යොදාගත් කිසිදු වාහනයක් අප සමග පැමිණියේ නැත. කුලී රියක් හෝ කුලී රියැදුරෙක් අප සමග නොපැමිණෙන්නට තීරණය කර තිබිණි. ඒ ශ්‍රී ලංකාවේ එවක පැවැති තත්ත්වය ඒ තරම් අවදානම් සහ භයානක නිසාය. නමුත් කෝසල සුබසිංහ නම් වූ ප්‍රකට ඡායාරූපවේදියා මා සමග පැමිණියේ ඕනෑම අවදානමක් ගැනීමට සූදානමිනි. එසේම ගමන යන්නට මගේ පෞද්ගලික මෝටර් රථය යොදාගන්නට අපට සිදුවිය. මේ අවදානම්කාරී ගමනේදී අප සොයාගන්නා ලද බොහෝ කාරණා තවමත් පර්යේෂකයෝ මතුකර ඇති කාරණා දැයි අපට සැකයක් තිබේ. මක් නිසාද යත් කාත්තන්කුඩිය අප පින්තූරවලින් දුටු හෝ ලංකාවේ මාධ්‍ය විසින් උලුප්පා පෙන්වන ලද කාත්තන්කුඩියට වඩා ඉතා වෙනස් තැනක් බව අප ඇසින් දුටුවෙමු. එසේම කාත්තන්කුඩියේ ක්‍රියාත්මක වෙමින් තිබුණු සහ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වෙමින් තිබුණු මුස්ලිම් සංවිධාන විශාල ප්‍රමාණයක් ගැන එවක මඩකළපු බුද්ධි අංශ ප්‍රධානියා සතුව තිබුණු දැනුම සහ ලේඛන සියල්ල අපට වාසනාවකට දැකබලා ගන්නට ලැබිණි. එවැනි දක්ෂ නිලධාරියෙක්ගෙන් මේ අය ප්‍රයෝජන නොගත්තේ ඇයිදැයි අප ඔහුගෙන්ද ඊට අදාළ අනෙක් නිලධාරීන්ගෙන්ද ප්‍රශ්න කළ විට ඔවුන් පිළිතුරක් නොදුන්නද, අපට පිළිතුරක් ලැබිණි. ඒ පිළිතුර අරුමපුදුම එක්කම විය. ඒ පිළිතුරට අනුව ඉතා පැහැදිලිව දැනගන්නට ලැබුණු කාරණාව වූයේ ලිපි ලේඛන අදාළ අයට යොමුකර තිබුණද උසස් නිලධාරීන් ඒවා කිසි විටෙක පරිශීලනය කර හෝ ඒ පිළිබඳ අධ්‍යයනය කර හෝ නොතිබූ බවය. ඒ සමග මේ ප්‍රහාරයට වගකිවයුත්තෝ අප විසින් ඇඟිලි දික්කරන්නෝද, නැත්නම් ඊට වඩා වෙනස් අය දැයි අපට සිතුනි.

කාත්තන්කුඩියේ කිසිදු මුස්ලිම් දෙමළ සිංහල ගැටුමක් අපට නම් දකින්නට ලැබුණේ නැත. අපට දිවා ආහාරය ඇතුළු සමහර කෑම වේලවල් ලැබුණේද මුස්ලිම් වෙළෙන්දන්ගෙනි. ඔවුන් අප දෙස හැරී හෝ රවා බැලුවේ නැත. නමුත් මහාමාර්ගයේ තැන් කිහිපයකදී අවුඩි වැනි ඉතා සුඛෝපභෝගී මෝටර් රථ පදවන ලද මුස්ලිම්වරුන් කිහිප දෙනකු සමග යම් ගැටුම් ඇතිකරන්නට අපට සිදුවුවද, අප සමග සිටි අවි ගත් නිලධාරීන් සහ අපට ලැබුණු නිශ්චිත පොලිස් ආරක්ෂාව නිසා ඒවා ගැටුම්වලින් තොරව නිමා කරගන්නට අපට හැකි විය. මේ කණ්ඩායම් විසින් තමන්ගේ ආගමික මෙහෙයන් පැවැත්වූ පල්ලියට අපට යන්නට ලැබුණු අතර මේ පල්ලියේ ආගමික මෙහෙයන් පවත්වන්නට පෙර ඔවුන් තමන්ගේ රැස්වීම් පැවැත්වූ ස්ථානය යැයි අපට හඳුන්වා දුන් ස්ථානය එවක ප්‍රබල දේශපාලකයකු සතු සහ ඔහුගේ නමට අදාළවම ගොඩනගන ලද ගොඩනැගිල්ලක් බව අප එදාද පුවත්පත්වලට ලියා තැබුවෙමු. නමුත් ඒ පිළිබඳ නිසි පියවරක් ගත්තද, පරීක්ෂණ කළාද යන්න අපට පැහැදිලි නැත. කෙසේ නමුත් මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ වෙන කිසිවකු නොව සහරාන්ම යැයි පවසනවා හැර ඉන් එපිටට කාරණයක් මේ වනතුරු කිසිවකුට මතුකර ගන්නට හැකියාව ලැබී නැත. නමුත් සහරාන් අත්අඩංගුවට ගත් පසු ඔහුව නිදහස් කරගන්නට පැමිණි දේශපාලකයා කවුදැයි ඔබ දැන් සොයාබැලිය යුතුය. එසේ සොයා නොබලන්නට මේ පාස්කු ප්‍රහාරයේ යථාර්ථය අවබෝධ කරගන්නට ඔබට නොහැකි වනු ඇත.

මඩකළපුවේ 2012-2013 කාලයේ ඇතිවූ ගැටුම් පිළිබඳ ඔබ සොයා බැලිය යුතුය. ඒ ගැටුම් පිටිපස සිටින දේශපාලකයන් සහ මේ කණ්ඩායම් පෝෂණය කළේ කවුදැයි සොයාබලා තොරතුරු දැනගැනීම ලංකාවේ ක්‍රියාත්මක ප්‍රබල බුද්ධි අංශයකට අපහසු කරුණක් වෙතැයි මම සිතන්නේ නැත. මෙහිදී මෙම ගැටුම ඇතිවූයේ සහරාන් විසින් මෙහෙයවන ලද කණ්ඩායම සහ සුන්නතුන් වල් ජමාත් නම් කණ්ඩායම අතරය. එහිදී බරපතළ ලෙස මේ දෙපිරිස කාත්තන්කුඩියේ ගැටුණු අතර සහරාන්ද අත්අඩංගුවට පත්වූ බව අප අසා තිබේ. නමුත් ඒ පිළිබඳ නිසි පරීක්ෂණ සිදුවී නැති අතර ඔහු නිදහස් කරගන්නට දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වූ බව අපට දැනගත හැකි විය. මේවායේ සත්‍ය අසත්‍යතාව සොයාගැනීමට තවමත් පරක්කු නැත. මේ, 2019 සිට 2022 දක්වා අප ලියූ සහ කියූ සමහර කාරණාය. ඒවා තවමත් මේ රටේ නිසි බලධාරීන් විසින් පරීක්ෂණ සඳහා යොමුකර නැති වීම පිළිබඳ අපට පුදුමය. කාත්තන්කුඩියේ මුස්ලිම් බලයක් තහවුරු කරගැනීමෙන් වාසි ලැබෙන්නේ කාටදැයි ඔබ සිතාබැලිය යුතුය. ලංකාවේ සියල්ල දේශපාලනිකව සිදුවනවා මිස කිසිවක් නිරුත්සාහිකව හෝ සාමාන්‍යයෙන් සිදුවන්නේ නැත. එය අපද වගකීමෙන් යුතුව පවසන කාරණයකි. ඉතා දුෂ්කර ගමනකින් පසු අප අපේ කන්තෝරුවට පැමිණ ලියූ ලිපිය ඔබට කියවන්නට ලැබෙන්නට ඇතැයි මම විශ්වාස කරමි. නැවත වතාවක් අප විසින් මේ කාරණාවට අදාළවම බොහෝ දේ සොයාබැලීම සඳහා වනාතවිල්ලුව බලා පිටත්වුණෙමු. වනාතවිල්ලුවේ එක්තරා කණ්ඩායමක් විසින් පවත්වාගෙන ගියා යැයි කියනා හමුදා කඳවුරක පින්තූර අප මීට පෙර දැක තිබුණෙමු. එය හමුදා කඳවුරක් නොව පුහුණු කඳවුරකි. සාමාන්‍යයෙන් හමුදා පුහුණු කඳවුරක දකින්නට ලැබෙන ආකාරයේ බොහෝ දේ ඇතැයි අප වෙබ් අඩවිවල පළවූ පින්තූරවලින් දුටුවෙමු.

නමුත් සත්‍ය සොයා වනාතවිල්ලුවට ගිය අපට දකින්න ලැබුණේ විශාල ඉඩමක් සහ ඒ මැද තනන ලද මුර කුටියක් හා සමාන ගෙයක් පමණි. එහි කිසිදු තැනක කිසිදු ආයුධයක් හෝ පුහුණු වීම් සඳහා ඉදිකරන ලද්දක් දකින්නට ලැබුණේ නැත. එහි තැන් තැන්වල එල්ලා තිබූ ටයර් ආදිය පින්තූරවල තිබුණමුත් වනාතවිල්ලුව වත්තේ නම් තිබුණේ නැත. වනාතවිල්ලව වත්ත සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ඉඩමක් හා සමාන එකකි. අපි යන විට වනාතවිල්ලුව වත්තේ පොල් කඩමින් සිටියේය. එය ඉතා සාමකාමීව ගතකරමින් තිබූ කාලයකි. ඒ අනුව මේ වනාතවිල්ලු කතන්දරය පවා නිර්මාණය කරන ලද සහ අනවශ්‍ය ලෙස අයිසින් යොදන ලද කේක් එකක් බව අප ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස මෙසේ ශ්‍රී ලාංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ඉදිරියේ ප්‍රකාශ කර සිටිමු. එසේම මේ 21 වැනිදා ප්‍රහාරයෙන් පසුව මැයි 13 වැනිදා යළි කලබැගෑනියක් ශ්‍රී ලංකාවේ ඇතිවිය. ඒ පාසල් කිහිපයකට ප්‍රහාර එල්ල කරන බවට වූ ප්‍රකාශය සමගය. ඒ ප්‍රකාශය සමාජයට මුදාහරින ලද භික්ෂුන්වහන්සේ මේ දිනවල රටේ බොහෝ ප්‍රශ්නවලට මැදිහත් වෙමින්, දේශපාලනයට එරෙහිව යමින් ගෝඨාභය රාජපක්ෂට බැණවදිමින් සිටිනවා අපි දුටුවෙමු. දැන් මේ චීවරධාරියා තමන්ගේ ජීවිතය අනතුරේ බව පවසන ආකාරයද අපට දකින්නට ලැබිණි.

උන්වහන්සේ පසුගිය දිනෙක සී.අයි.ඩී. මූලස්ථානයට පැමිණ එක්තරා යූටියුබ්කරුවකු වෙනුවෙන්ද පෙනී සිටිනු අප දුටුවෙමු. උන්වහන්සේ පවසන ලද කාරණය වූයේ ඉතා විශ්වාසවන්ත පුද්ගලයකු පවසන ලද කාරණයක් යැයි කියූ දේකි. ඔහු කීවේ පාසල් ගණනකට ප්‍රහාර එල්ල කරන්නට සූදානම් බවත්, දරුවන් පාසල් නොයවන ලෙසත්ය. 13 වැනිදා සියලු පාසල් වසා දැමීමට සිදුවූ අතර බොහෝ ප්‍රකාශ නිකුත් වන්නට ගත්තේ ‘මිනුවන්ගොඩ කාන්තාවක් මරල දාලා’ ‘ඉස්කොලෙ ටීචර් කෙනෙක් මරා දාලා’ වැනි කතන්දරය. මිනුවන්ගොඩට අහන්නට ලැබී තිබුණේ කුලියාපිටියේ එවන් ඝාතනයක් සිදුව ඇති බවකි. ලියුම්කරු කුලියාපිටියටත්, මිනුවන්ගොඩටත් දෙතැනටම ගිය අතර ඒ කිසිදු තැනක එවැනි කිසිදු සිදුවීමක් පිළිබඳ අහන්නට ලැබුණේ නැත. නමුත් මිනුවන්ගොඩ නගරයට පැමිණි එක්තරා පිරිසක් විසින් එහි වූ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට දැඩි සේ පහරදී හානි කළේය. කඩවල් ගිනි තැබුවේය මේ සියල්ල කළේ මිනුවන්ගොඩ හෝ තදාසන්න ප්‍රදේශයක පදිංචිකරුවන් නොවන අතර එයට පැමිණි ආධාරකරුවන් අතර මධුමාධව අරවින්ද නමැති දේශපාලනයට සම්බන්ධ ගායකයාද සිටි බව බොහෝ තැන්වල කියැවුණේය. ඔහු ඒ ස්ථානයෙන් ගමන් කරනු ලියුම්කරුද ඇසින් දුටු අතර, නමුත් ඔහු කියා සිටියේ තමන් එක්තරා ගමනක් යමින් සිටියදී එහි වූ කලබලය කුමක්දැයි බලන්නට වාහනයෙන් බැස ගමන් කළ බවය. එහි ඇත්ත නැත්ත දන්නේ ඔහුමය. නමුත් මේ ප්‍රහාරය කිසිවකු විසින් සැලසුම් කරන ලද රට ගිනි තබන්නට අවශ්‍ය යැයි සූක්ෂ්මව ගොතාගන්නා ලද ප්‍රහාරයක් බව පැහැදිලිය. එසේම කුලියාපිටියේ ප්‍රහාරයද ඉතා දරුණු සහ ලජ්ජාසහගත එකකි. එවක හෙට්ටිපොළ පොලිසියේ ඕ.අයි.සී.ව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතා මේ සිදුවීමට සම්බන්ධ සියලු දෙනා රැගෙනවිත් කූඩුවට දැමූ මුත් ලංකාවේ දේශපාලකයෙක් පැමිණ ඔවුන් සියලු දෙනාම රැගෙන ගියේය. ඉන් කලබලයට සහ ශෝකයට පත්වූ ඕ.අයි.සී. මහත්තයා තමන් සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව පොලිස් දෙපාර්තමේන්තුවට දන්වා, තම ඕ.අයි.සී.කම හෙට්ටිපොළ පොලිසියේම තබා ආපසු යන්නට ගියේය.

මේ සියල්ල සිදුවුණේ අප්‍රේල් 21 ප්‍රහාරයට සමගාමීවය. අප්‍රේල් 21 ප්‍රහාරයේ ශෝචනීය පැත්ත මියගිය හෝ තුවාල ලැබූවන්ගේ කතන්දරයට වඩා මේ දේශපාලනික යථාර්ථයයි. මේ කටුක දේශපාලන යථාර්ථය අවබෝධ කරගන්නට දැන් දැන් යළි අපට හිතෙන්නට පටන් ගන්නේ තවදුරටත් ඊට පසුගාමීව සිදුවන සහ අහන්නට ලැබෙන සිදුවීම් නිසාය. බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ පල්ලියේ බෝම්බ කතාව දැන් යටගොස් අවසන්ය. නමුත් ඒ බෝම්බයත් මේ බෝම්බයත් අතර සම්බන්ධයක් තිබෙනවා යැයි අප ඔප්පු නොකරන නමුත් ඒවාත් මේවාත් බෝම්බ බව පමණක් අප ඔබට පවසා සිටිමු. බෝම්බ රෝස යැයි පවසන්නට තරම් අප නිවට නැත. මේ යථාර්ථය අවබෝධ කරගන්නට තවමත් ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ හෝ මිනිසුන් උනන්දු නොවන්නේ ඇයිදැයි අපට නොතේරේ. සාමාන්‍යයෙන් මෙවැනි දැඩි සිදුවීමක් හෝ පරීක්ෂණයට ලක් කරන්නට අසමත් නම් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ වහා විසුරුවාහැරිය යුතුය. ඒවායින් වැඩක් නැත. යුද්ධයට නැති කඩුව කොස් කොටන්නට දැයි ගමේ මිනිස්සු කියන්නේ ඒ නිසාය.

මේ පුද්ගලයන් සම්බන්ධව තොරතුරු සොයාගත නොහැකි නමුත් මෙම ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කරන එක්තරා තරුණියක් හදිසියේම ඉන්දියාවට පිටත්ව ගියේ කෙසේද? සයින්දමරුදු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මියගිය අයට අමතරව ඒ ස්ථානයේ සිටි සාරා පසුව මතුවෙන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ සිටි සාරා යළි ලංකාවට පැමිණි අතර, යළිත් ඈ පිළිබඳ එහෙන් මෙහෙන් අහන්නට ලැබෙන්නේ පසුවය. සාරා ඉන්දියාවට යැව්වේ කවුද? සාරා ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තේ කවුද? සාරාගේ පිටුපස සිටින්නේ කවුදැයි දන්නේ සාරාම පමණි. සාරාගෙන් මේවා අසනා දැනගන්නට නොහැකි පොලිසියක් ලංකාවට වැඩක් නැත. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ කතන්දර ඕනෑ තරම් ඇත. නමුත් තවමත් අපරාධකරුවන් නිදැල්ලේය. තුවාලකරුවන් රෝහල්වලය. තවමත් ජීවිතය පිළිබඳ කනගාටුවෙන් පසුවන අහිංසක මිනිස්සු ඔබට අවශ්‍ය නම් අප්‍රේල් 21 වැනිදාට කොච්චිකඩේ පල්ලිය අසලට හෝ කටුවාපිටියට ගිය විට දැකගත හැකි වනු ඇත. මඩකළපුව කොළඹට දුර නමුත් මඩකළපුවේ සියෝන් පල්ලියේ අප යන විට පවා ලේ බින්දු මස් වැදලි එහෙමම තිබුණේය.

පාවහන් පැලඳ ආ මිනිස්සු මළ සිරුරු වී නිවෙස්වලට ගියත්, පාවහන් ඒ විදියටම ඒ තැන්වල තිබුණේය. මේවා ඇසින් දුටු අයකු ලෙස යළි යළි කියන්නට සිදුව ඇත්තේ මේ අසමත් රාජ්‍යයේ බොහෝ කරුණු කාරණා පිළිබඳ ලැජ්ජා වන බවය. ඊටත් වඩා තවත් කියන්නට ඇත්තේ ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකු බවය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගන්නා බවට වහසි බස් දෙඩවූ දේශපාලකයෝ අත්අඩංගුවට ගන්නා ලද පොලිස් ප්‍රධානියා සහ ආරක්ෂක ලේකම්වරයා යන දෙදෙනාම දැන් සියලු වරදින් නිදොස් වී නිවෙස්වලට ගොස් සිටිති. ඒ මිනිසුන් වරදක් නොමැතිව දවස් ගානක් කූඩුවල ගත කළ මුත් ඇත්තටම මේ පිටුපස සිටින්නේ කවුදැයි දැනගන්නට දැන් සියල්ලෝම සූදානම් විය යුතුය. ඒ සඳහා මූලිකත්වය ගත් කාදිනල්තුමා පසුගිය දිනෙක පාප්වහන්සේ සොයා ගියේය. හේග් නුවරටද ගියේය. ඒ, ජාත්‍යන්තර අධිකරණයට සහ මේ පිළිබඳ කතෝලික ප්‍රධානියා වූ පාප්වහන්සේට දන්වන්නටය. පාප්වහන්සේටත්, හේග් මධ්‍යස්ථානයටත් දැන්වූ පසු යළි කතන්දරය නිමාවේ නම් මේ නෙයිනාඩගමෙන් වැඩක් නැත. කාදිනල්තුමා ඇතුළු බොහෝ දෙනකුට මෙහි හැබෑව තේරෙන්නට පටන්ගන්නට ටිකක් කල් ගියේය. බොහෝ විට පාස්කු ප්‍රහාරය දේශපාලන ඇසකින් දකින්නට සහ දේශපාලන වාසි ලබාගන්නට පටන්ගැනීම නිසා පාස්කු ප්‍රහාරයද තවත් එක සිදුවීමක් බවට පත්ව තිබේ. නමුත් අවාසනාවන්ත දේශයක අවාසනාවන්ත රාජ්‍යයක අහිංසක මිනිසුන් 300කට ආසන්න පිරිසක් මියයන විට යළි ඇස් කන් පියාගෙන සිටින්නට සිදුවේ නම් මේ පාපය ගෙවන්නට ඔබටද මටද යම් දිනෙක සිදුවනු ඇත. එය අපට වේදනාවක් නමුත් මේ හරහා දේශපාලන වාසි ලබාගත් තමන්ගේ ගොඩ වැඩිකරගත් සමහර තුච්ඡ නිර්ලජ්ජිත මිනිසුන්ට නම් ඉන් ලැජ්ජාවක් හෝ බයක් නොදැනෙනු ඇත. නමුත් මෙසේ අප ඉලක්ක කරන්නේ කවුද, කුමන නිලධාරියාද යන්න පිළිබඳ පැහැදිලිව සඳහන් කරන්නට අප අපොහොසත්ය. නමුත් ලංකාවේ බොහෝ දේශපාලකයෝ මේ හරහා වාසි ලබාගත් බව පමණක් අප දන්නා කාරණයයි.

මඩකළපුව බුද්ධි අංශය සම්බන්ධවද සමහර විට ඔබ නොදන්නවා විය හැකිය. නමුත් නෝනාවරුනි, මහත්වරුනි මඩකළපු පොලිසියේ බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු බොහෝ දෙනෙක් මේ සිදුවීම පිටුපස දිවා රෑ නොබලා වෙහෙසෙමින් බොහෝ කරුණු සොයාගත්තේය. බුද්ධි අංශයේ මුස්ලිම් නිලධාරීන් මේ පිළිබඳ වෙහෙසුණු ආකාරය ලියුම්කරු ඇසින් දුටුවේය. ඒ නිසා මෙය ජාතිවාදී හෝ ආගම්වාදී හෝ ප්‍රශ්නයක් නොවන බව පමණක් ලියුම්කරුට සිතේ. එසේ නම් මේ යථාර්ථය අවබෝධ වන්නට තවත් වසරක් ගතව ගිය පසු ඊළඟ අප්‍රේල් 21 වැනිදාට ලියන ලිපියද මෙසේම ලියන්නට සිදුවේ නම් මේ කතන්දරයෙන් වැඩක් නැත. ඔබද, අපද බලාපොරොත්තු විය යුත්තේ මේ සියලු ප්‍රශ්න අතර ඊළඟ අප්‍රේල් 21 වැනිදා වන විටවත් මේ සිදුවීමේ ඇත්ත එළිවන්නට මිනිසුන්ට බැරි නම් දෙවියන්ටවත් පියවරක් ගන්නට සිදුවනා බවය. එසේ නැති නම් පාස්කු ප්‍රහාරයට දහස් වන දිනය පිරෙන දා ලංකාවේ නැටූ නාඩගම සේ තවත් නාඩගමක් මේ 21 වැනිදාත් නටයි නම් ඔබද මමද ආරක්ෂාකාරී විය යුතුය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වටේටම කොට කොටා ගිහින් කෙහෙල් ගහේ හොට පටලවා ගත් කොට්ටෝරුවෝ!

Next Post

වාහනේට හැමදාම ගැහුවත් දන්නවද මේ පෙට්‍රල් 92යි 95යි කියන්නේ මොකද්ද කියලා!

MORE NEWS

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Load More
මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

අද පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මහතා හා නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා අතර පැවැති විවාදය මෙසේය.Sri Lanka Latest News

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.