• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

A-B-C-S-W අකුරු අස්සෙ හිරවෙලා…! දරුවන්ගේ හීන ගොඩක් නොපෙනෙන්නට සැඟවිලා…!

April 6, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
A-B-C-S-W අකුරු අස්සෙ හිරවෙලා…! දරුවන්ගේ හීන ගොඩක් නොපෙනෙන්නට සැඟවිලා…!
Share on WhatsAppShare on Facebook

අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය බොහෝ දරුවන්ට ඔරොත්තු නොදෙන බව දිනෙන් දින වාර්තා වන සිදුවීම්වලින් පැහැදිලි වන කරුණක්. ඇතැම් දරුවන් විභාගවලට මුහුණ දෙන්නේ මවුපියන්ගේ බලකිරීම් නිසා. තරගකාරී අධ්‍යාපන රටාවෙන් මිදීමට නොහැකි නිසා තවත් දරුවන් පිරිසක් බලහත්කාරයෙන්ම වාගේ ඒ තරගයට ඇතුළත් වෙනවා. දශක ගණනාවක් තිස්සේ රට පාලනය කළ බලධාරීන් මෙරට අධ්‍යාපනය ක්‍රමය සකසා ඇති ක්‍රමවේදය ඊට ප්‍රධාන හේතුවක් වෙනවා.

මෙම විෂම අධ්‍යාපන රටාව තුළ දරුවන්ගේ සහජ දක්ෂතාවන්, ප්‍රායෝගික හැකියාවන් ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන බවට වූ උදාහරණ ඕනෑ තරම් වාර්තා වනවා. පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ මේ සිදුවීම ඊට හාත්පසින්ම වෙනස් වූ සිදුවීමක්. එය පාසල් වාර විභාගයක් අතරතුර සිදුවූ සිදුවීමක් වන අතර ඒ පිළිබඳ සමාජ මාධ්‍යවල බොහෝ සෙයින් කතාබහට ලක්ව තිබුණා.

තම පාසලේ ශිෂ්‍යයෙක් වාර විභාගය ලිවීම පසෙක තබා ඔහු රැගෙනවිත් තිබූ පෑන් පැන්සල්වලින් ගොඩනැගිල්ලක ආකෘතියක් නිර්මාණය කර තිබුණා. එය දුටු විභාග පරීක්ෂාව සඳහා පැමිණ සිටි පබෝධ සම්පත් නම් ගුරුවරයකු සහ එම දරුවා අතර ඇතිව තිබුණේ මෙවැනි සංවාදයක්.

ගුරුවරයා :
මොකද කොල්ලො කරන්නේ exam වෙලාවේ?
සිසුවා :
මට මේ Paper එකේ මුකුත් තේරෙන් නෑ සර්.
ගුරුවරයා :
exam වෙලාවේ ඔව්වා කරලා හරියනවද?
සිසුවා :
මම තමයි කවදහරි මේ පැත්තේ ලස්සනටම ගෙවල් හදන්නේ සර්. මට ඒ ඇති….
ගුරුවරයා :
හෙට ඉඳන් අපි දෙන්නා අකුරු ටිකක් ඉගෙන ගමුද එහෙනම්…?
සිසුවා :
හා සර්. මට ඕනේ චිත්‍රයක් අඳින්න පුළුවන්. අකුරු තමා බැරි…
ගුරුවරයා :
හ්ම්…

මෙය ඇසූ ගුරුවරයා එතැනින් පිටව ගියේ හිතේ ඇතිවුණු කම්පනයක් සහිතවයි. පසුව මේ ගුරුවරයා සමාජ මාධ්‍යයට ඒ පිළිබඳ මෙලෙස තම අදහස් මුදාහැර තිබුණා.

‘අද ලංකාවේ තියෙන අධ්‍යාපනයේ සිස්ටම් එක මේක. පොඩි කාලේ ඉඳලම ‘ඩොක්ටර් කෙනෙක් වෙන්න’ ‘ඉන්ජිනේරුවෙක් වෙන්න’ යනාදී ලෙස මවුපියන් සිදුකරන බලපෑම් මත බොහොමයක් සිසු දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් යටපත් කරන ආකාරය දැකගන්න පුළුවන්…

වෛද්‍ය වෘත්තිය, ඉන්ජිනේරු වෘත්තිය තමයි සමාජයේ පිළිගන්නා වෘත්තීන්. අනෙක් ඒවා වැඩක් නෑ. ඒවා කළොත් සාර්ථක වෙන්න බෑ. ජීවිතේම ඉවරයි වැනි පුහු ආකල්ප මත ඉඳල සිසුන්ට කරන මෙවැනි බලපෑම්වලින් ළමයාගේ අනාගතයම අඳුරු වෙන්න පුළුවන්.

පාසල් තුළදීත් එහෙමයි. ලකුණු අඩුවෙන් ගන්න ළමයා අදක්ෂයෙක් කියල කොන් කරලා, ලකුණු වැඩි ළමයින්ට ප්‍රමුඛත්වය දෙන සමහර ගුරුවරු ඉන්නවා. ඒත් අර ළමයා ඒ විෂයෙහි අදක්ෂයෙක් වුණාට වෙනත් විෂයක ගුරුවරයාටත් වඩා දක්ෂයෙක් වෙන්න පුළුවන්. ගුරුවරු, මවුපියෝ කරන්න ඕනේ පොඩි කාලෙම තම දුවා දරුවන්ගේ සුවිශේෂ හැකියාවන් තේරුම් අරගෙන ඒ පැත්තෙන් යන්න අත දෙන එක මිසක්, තමන්ට කරන්න බැරි වුණු දෙයක් ළමයා ලවා කරගන්න එක හෝ එහා ගෙදර ළමයා මෙහෙමයි, අරහෙමයි කියලා එයාලට පේන්න බලහත්කාරයෙන් දරුවා අකැමැති ක්ෂේත්‍රයක් ඔස්සේ තල්ලු කිරීම නොවේ. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වගේම මවුපියන්ගේ චින්තනයෙත් වෙනසක් සිදුවිය යුතුම කාලයක් මේක….’

පබෝධ සම්පත් ගුරු මහතා සමාජයේ බොහෝ පාසල් දරුවන් මුහුණ දෙන ගැටලුවක් වෙනුවෙන් අවංකව තම අදහස් ප්‍රකාශ කර තිබුණේ ඒ විදියට. පාසල්වල ඇතැම් ගුරුවරු ඉන්නවා මොළයට කතාකරන. තවත් ගරුවරු ඉන්නවා හදවතට කතාකරන. ඒ අතරින් පබෝධ ගුරු මහතාව අප අගය කරන්නේ ඔහු දරුවන්ගේ හදවත හඳුනාගත් ආදරණීය ගුරුවරයකු විදියට.

වෙනත් ගුරුවරයෙක් ඉහත සිදුවීමට මුහුණ දුන්නා නම් ඒ දරුවාගේ නිර්මාණය විනාශ කර දමන්නට බොහෝ විට ඉඩ තිබුණා. දරුවාගේ විභාගය තහනම් කරලා, විදුහල්පතිතුමා ඉදිරියට පමුණුවන්නටත් ඉඩ තිබුණා. එවැනි දෙයක් සිදුවුණා නම් ඒ දරුවා මානසිකව ඇදවැටිලා ජීවිතයම මොහොතින් අඳුරු වෙන්නටත් ඉඩ තිබුණා. නමුත් මේ ගුරුවරයා දරුවාගේ හැකියාව දැක්කා. කරුණාවෙන් දරුවා දිහා බැලුවා. එය බොහෝ ගුරුවරුන්ට ආදර්ශයක් ගෙන දෙන සිදුවීමක්.

දරුවෙක් තම නිවෙසේදී අම්මා තාත්තාගේ ආදරය ලබනවා. පාසල් ගිය පසු ඔහු ආදරය ලබන්නේ පාසලේ ගුරුවරුන්ගෙන්. ඒ බව ගුරුවරු සිහි තබාගත යුතුයි. සමහර දරුවන් ගුරුවරු දුටු විට වෙව්ලන්න පවා පටන්ගන්නවා. ඒ, එම ගුරුවරයාගේ සැරපරුෂ බව නිසා. පරුෂ වචනයෙන් බැණවදිමින්, පොලු මුගුරුවලින් දරුවන්ට පහර දෙන ඇතැම් ගුරුවරුන්ට දරුවන් දක්වන්නේ දැඩි බියක්.

නමුත් දරුවන්ගේ මනසේ රැඳිලා තියෙන දේවල් ගැන මවුපියන් වගේම ගුරුවරුනුත් අවධානය යොමු කළ යුතුයි. දරුවන්ගේ ආකල්ප හඳුනාගත යුතුයි. දරුවන්ගේ දක්ෂතාවලට උපරිම සහයෝගය දැක්විය යුතුයි. දරුවෙක් චිත්‍ර ඇඳීමට දක්ෂ නම්, නැටුම්වලට කැමැති නම්, ගායනයට කැමැති නම් ඒ දරුවාට අදාළ අංශයෙන් ඉදිරියට යෑමට අත දීම සැබෑ ගුරුවරයකුගේ ගුණයක්. එවන් ගුරුවරු දරුවාගේ වචනවලට, හදවතට සවන් දිය හැකි හොඳ සන්නිවේදකයකුද විය යුතුයි. එහෙම වුණාම තමයි ගුරුවරු සහ දරුවන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ගොඩනැගෙන්නේ. එහෙම වුණොත් පමණයි දරුවන්ගේ ආකල්ප හඳුනාගන්න පුළුවන් වන්නේ. අපට අවශ්‍ය එවැනි සංවේදී ගුරුවරු මිස යකඩ හිත් ඇති ගුරුවරු නොවෙයි.

රටක් සංවර්ධනය කරා ගෙන යෑමට නම් යල් පැනගිය පාසල් අධ්‍යාපන ක්‍රමවලින් ඉවත්වී නව මංපෙත් විවර කිරීමට අධ්‍යාපන බලධාරීන් පෙරමුණ ගත යුතුයි. ඒ වෙනුවෙන් විශේෂඥ දැනුමැති දක්ෂයන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් පත්කර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ඇතිකළ යුතුයි. එහෙත් බොහෝ කලක සිට එවැනි ප්‍රායෝගික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියැවුණද, දරුවන්ට සහ රටට ගැළපෙන අධ්‍යාපනයේ වෙනසක් මෙතෙක් සිදුව ඇති බවක් නම් පෙනෙන්නට නැහැ. විෂය නිර්දේශයම කටපාඩම් කරමින්, සාමාන්‍ය පෙළ, උසස් පෙළ යන විභාග දෙක ඉලක්ක කරගත් අධ්‍යාපන තරගයෙන් මිදී, විධිමත් වෘත්තීය පුහුණුවකින් සන්නද්ධ වෘත්තිකයන් සමාජයට දායාද කිරීමට ලංකාවේ පාසල් පද්ධතිය පෙරමුණ ගත යුතු කාලය එළැඹ තිබෙනවා.

දරුවන් තම දක්ෂතා එළිදක්වන්නට පටන් ගන්නේ කුඩා කාලයේ පටන්මයි. ඒවා මොටකර ඒකාකාරී විභාග මූලික අධ්‍යාපන රටාවටම ඔහුව කොටුකරනු වෙනුවට, ඒ දක්ෂතා හඳුනාගැනීම බෙහෙවින්ම වටිනා කරුණක් බව අවධාරණය කළ යුතුම කරුණක්. සාම්ප්‍රදායික අධ්‍යාපන තරගයට යොමු නොවී දරුවා සතු දක්ෂතා දියුණු තියුණු කර, සමාජයටත්, රටටත්, ලෝකයටත් නව නිර්මාණ බිහිකරන විශිෂ්ටයකුට දොරටු විවර කරන පාසල් පද්ධතියක් අප නුදුරේදීම බිහි කරගැනීමට කැපවිය යුතුයි. රැකියා පෝලිම්වල ජීවිතය දියකරන රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවට ප්‍රායෝගික දක්ෂතා සපිරි වෘත්තිකයන් සමාජයට දායාද කිරීමට එය මහත් පිටිවහලක් වනු නොඅනුමානයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

‘ආණ්ඩුව පන්නමු’! රාජ්‍ය අංශයයි පෞද්ගලික අංශයයි 08 වැනිදා පාරට බහින්න තීන්දු කරයි!

Next Post

ජොනීගේ කාර්යලටත් උද්ඝෝෂකයින් යයි! (Video)

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.