පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝවිට ඉඩ ඇති බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර ඇත.
අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසලට පැමිණි හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
ආණ්ඩුවට අද දිනයේදී බහුතර බලය තිබුණද හෙට අනිද්දා වන විට තත්ත්වය වෙනස් වනු ඇති බවද ඒ මහතා කීය.










