ජනාධිපතිතුමා විසින් කැඳවනු ලැබූ ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විමල් විරවවංශ, උදය ගම්පන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ එකොළහේ කිසිදු මන්ත්‍රීවරයකු සහභාගි නොවුවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පැමිණ සිටිම විශේෂත්වයක් විය.
මහින්ද අමරවිර, නිමල් සිරිපාලද සිල්වා, අංගජන් රාමනාදන්, චාමර සම්පත් යන ශ්‍රීලනිප මැති ඇමතිවරුන් මෙසේ ජනාධිපතිතුමා විසින් කැඳවනු ලැබූ රැස්වීමට සහභාගි විය.










