රට පුරා පවතින අර්බුදය තවත් උත්සන්න වුවහොත් රට දැඩි අරාජික තත්වයකට පත්විමට තිබෙන ඉඩකඩ නිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාට බලකිරිමට තීන්දු කොට තිබේ.
අන්තර්කාලින ආණ්ඩු, ජාතික ආණ්ඩු හෝ සභාග ආණ්ඩු කිසිවක් ඇතිවි තිබෙන අර්බුදයට විසදුමක් නොවන හෙයින් අන්තර්කාලින කැබිනට් මණ්ඩලයක් පත්කොට පාර්ලිමේනතුවේ බහුතරයකගේ අත්සන් සහිතව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාට යෝජනා කිරිම මේ අවස්ථාවේ ගතහැකි සුදුසුම තිරණය බව බොහෝ පක්ෂ නායකයන්ගේ අදහස වි තිබේ.










