නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස තමන්ට ආණ්ඩුවේ ප්‍රධානියකුගෙන් ඉල්ලීමක් ලැබී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදී පවසා තිබේ.
විපක්ෂනායකවරයා මේ බව දැනුම් දුන්නේ අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ සිය මන්ත්‍රී කණ්ඩායම සමග පැවැති සාකච්ජාවේදීය.
තමන් කිසිසේත්ම ජනවරමකින් තොරව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුකිරීමකින් ආණ්ඩු පිහිටුවන්නේ නැති බව එහිදී ආණ්ඩුවේ ප්‍රධානියාට තමන් දැනුම් දුන් බවද මෙහිදී විපක්ෂනායකවරයා මන්ත්‍රී කන්ඩායමට දැනුම් දී ඇත.
මීට අමතරව ඉදිරියේදී භාරකාර ආණ්ඩුවක් හෝ අන්තර්වාර ආණ්ඩුවක් හෝ පිහිටුවන්නේ නම් එහි කිසිදු අමාත්‍ය ධුරයක් හෝ වගකීමක් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් නොගන්නා බවද එහිදී විපක්ෂනායකවරයා දැනුම් දී තිබේ.











