සිංදුවක් නිසා අපහසුතාවට පත්වූයේ නම් සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිට බව ගීත රචක පසන් ලියනගේ සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මේ බව කියා සිටියි.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ‘වැඩ කරන අපේ විරුවා’ නම් අතිශය ජනප්‍රිය වූ ගීතයේ රචකයා සහ නිර්මාණකරු වන්නේ ඔහුය.
එහි මෙසේ සදහන්ය.
කිසිම දේශපාලන පක්ශෙකට සහය නොදෙමි!
සින්දුවක් නිසා අපහසුතාවයටපත් උනානම් මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා…
එදා ඉදන් අද වෙනකන් මම මෙතන අදත් ඉන්නේ ඔගොල්ලො මගේ ගීත ආදරෙන් අහපු නිසයි.
ඒ නිසා මේ වෙලාවෙත් මම ඔගොල්ලො එක්කමයි ඉන්නෙ!
දැන්වත් හැමදාම බලයෙ ඉන්න හදන පක්ශවලට කඩේ යන්න එපා. අලුත් කට්ටියට ඉඩ දෙන්න රට හදන්න!
මොකද අද මේ තත්වය උදාවෙලා තියෙන්නෙ එදා කාලෙ ඉදන්ම තමන්ගෙ වාසියට රට කාපු අය නිසයි!
නැත්නම් මීට කලින් මේ රට දියුනුවෙලා!










