සමාජ මාධ්‍ය ජාල අත්හිටුවීම මුල්කරගෙන කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ දිලිත් ජයවීර අතර ට්විටර් ගැටුමක් හටගෙන ඇත.
එහිදී මුලින්ම නාමල් ට්විටර් පණිවුඩයක් තබමින් දැනුම් දී ඇත්තේ තමන් මෙම සමාජ මාධ්‍ය ජාලා තහනම හෙළා දකින බවකි.
ඊට පිළිතුරු දෙමින් දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර සටහන් කොට ඇත්තේ රටේ ජනාධිපතිවරයා අමාත්‍යවරයාගේ බාප්පා වන බැවින් මෙන්ම අමාත්‍යවරයා ඩිජිටල් අමාත්‍යවරයාද වන හෙයින් එය ජනාධිපතිවරයාට දැනුම් දිය නොහැකිද යන්නය.
නමුත් ඊට පිළිතූරු දෙමින් නාමල් නැවත කියා ඇත්තේ තමන් එය දැනටමත් දැනුම් දී ඇති බවත්, ජනාධිපතිවරයාගේ ළගම හිතවතකු වන දිලිත් ජයවීර හටද එය ජනාධිපතිවරයාට දැනුම් දිය හැකි බවකි.










