සිය පළමු නිල සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත්ව ගියේය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කිසිදු ආරක්ෂක වැඩපිළිවෙළක් නොමැතිව, රතු පලස් නොමැතිව, ප්‍රභූ පර්යන්තයෙන් නොගොස් සමාන්‍ය මගී පර්යන්තයෙන් ජනාධිපතිවරයා පිටත්ව යෑමය.
මෙම සංචාරය සදහා ජනාධිපතිවරයා කිසිදු අමාත්‍යවරයකු, ඥාතියකු හෝ හිතවතකු එක් කරගෙන නොමැති අතර 10 දෙනකුට අඩු නිලධාරීන් කිහිප දෙනකු පමණක් රැගෙන ගොස් තිබීම තවත් විශේෂ සිදුවීමකි.










