ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවැති ජනතා විරෝධයෙන් පසු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කණ්ඩායමක් දැඩි තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය දිනවල ස්වාධීන වීම සම්බන්ධයෙන් නීතිමය උපදෙස් පවා ගෙන සිටි මෙම කණ්ඩායම ඊයේ දිනයේදීද එහි ඉදිරි සාකච්ජා සදහා හමුවී ඇති බවක් දැනගන්නට ඇත.
නමුත් මිරිහානේ සිද්ධිය වාර්තා වීමත් සමග ඔවුන් සාකච්ජාව අතරමග නවත්වා සිරස රූපවාහිනිය ඔස්සේ අදාළ උද්ඝෝෂණය සජීවීව නරඹා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අවසානයේදී මෙම කණ්ඩායම ඉතා ඉක්මනින් තම ස්ථාවරය ජනතාව වෙත ප්‍රකාශ කිරීමට තීන්දු කර ඇති බවද දැනගන්නට තිබේ.










