• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරන්න බැරි වැඩ යන්තරෙන් මන්තරෙන් කරපු, ගෙයින් ගෙට මන්ත්‍ර හඬ ස්ත්‍රෝත ඇහෙන, බලගතු රොඩී දැහැනෙන් වැඩ ගත්තු මහා හුලවාලියන් හිටපු, මැණික්හින්න ගමේ හැංගුණු අබිරහස…

April 2, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
කරන්න බැරි වැඩ යන්තරෙන් මන්තරෙන් කරපු, ගෙයින් ගෙට මන්ත්‍ර හඬ ස්ත්‍රෝත ඇහෙන, බලගතු රොඩී දැහැනෙන් වැඩ ගත්තු මහා හුලවාලියන් හිටපු, මැණික්හින්න ගමේ හැංගුණු අබිරහස…
Share on WhatsAppShare on Facebook

‘පිං කඳ නෝනා මහත්තයා…’
මේ වචන කිහිපය ටිකක් අමුතුයි. හැබැයි ජීවිතේ එක් වතාවක් හරි හැම කෙනකුටම මේ වචනය ඇහිලා ඇති කියලා හිතන එකේ ලොකු අසාධාරණයක් නැහැ. මේ වචන ටිකට ලොකු අනන්‍යතාවක් තිබුණා. එදත් අදත් ඒක එහෙමම තිබෙනවා. මොකද මෙතැන මේ වචන භාවිත කරන්න තරම් නිහතමානී වෙන්න, නම්‍යශීලී වෙන්න කිසිම කෙනෙක් කැමැති නැති නිසා ඒ අනන්‍යතාව රැකුණාය කියලා අපට අනුමාන කරන්න පුළුවන්. හැබැයි අපි පුංචි කාලේ අපේ අත්තලා කිරි අම්මලා හැසිරිච්ච විදියක් තිබුණා. ඒ විදිය අපේ අම්මලා තාත්තලාටත් තිබුණා. අදටත් මේ වචන ගේ ඉස්සරහින් ඇහෙනකොට ගෙදර වැඩිහිටියෙක් ඉස්සරහට යන්නෙ ඒ පුරුද්දෙ කොටසක් විදියට ඒ විතරක් නෙවෙයි පුංචි දරුවෝ ඇහැට කනට පෙනෙන ලමිස්සියෝ ගෙට කරලා එළියට එන්න එපාය කියලා අවවාද කරලා උපදෙස් දීලා එළියට ගිහින් අවශ්‍ය කාරණා ඉටු කරන්න තරම් එදා වැඩිහිටියෝ ප්‍රවේසම් වුණා. අදටත් ගේ ඉස්සරහින් ඔය වචන ටික ඇහුණොත් අපේ අම්මලා තාත්තලා ඒ විදියට හැසිරෙන අවස්ථා නැතුවාම නෙවෙයි.

කවුද මේ වචන කීපයේ අයිතිකාරයෝ කියන එක වගේම ඇයි ඒ අය එද්දී පුංචි දරුවන්ව, ඇහැට කනට පෙනෙන ලමිස්සියන්ව හංගන්නෙ කියන එකත් ජනප්‍රවාදය හා බැඳුණු දිගින් දිගට පැවත එන මතයක ප්‍රතිඵලයක්. ඊළඟ කාරණය තමයි කාගෙද මේ වචන ටික කියන එක. හුලවාලි එහෙම නැත්නම් රොඩී මිනිසුන් තවත් විදියකට කියනවා නම් ගෙයින් ගෙට ගොස් තම ජීවිකාව කරගැනීමට ඈත ඉතිහාසයේ සිටම යම් අවසරයක් තිබුණු ජන කොටසක්. තවත් පැත්තකින් බැලුවොත් රොඩී දැහැන කියන මහා මන්ත්‍ර ශාස්ත්‍රය දන්නා, එයින් මහා විස්මිත වැඩ කිරීමේ හැකියාව ඇති විශේෂ පිරිසක්. මෙන්න මේ මන්තර ශාස්ත්‍රය වගේම වේවැල්වලින් විවිධ නිෂ්පාදන කිරීමේ හසළ දැනුමක් සහිත මේ හුලවාලියන් තමන්ගේ වේවැල් නිෂ්පාදන කදක් බැඳගෙන ගෙයින් ගෙට පළාතින් පළාතට ඇවිද යෑම අදටත් ඉඳ හිට දකින්න පුළුවන්. එහෙම ගෙදරකට ඇවිත් ‘පිං කඳ නෝනා මහත්තයා’ කියලා තමන්ගේ පැමිණීම සංකේතවත් කරන ඔවුන් බොහොම ඉවසීමෙන් පසෙකට වී බලා සිටිනවා. ඒ නිවැසියෙක් පිටතට පැමිණෙන තුරුයි. ඒ වගේම බොහෝ මිනිසුන්ද හාල් ටිකක් වී ටිකක් වට්ටියක කුල්ලක දමා මොවුන්ට ගෙනැවිත් දී පිටත්කර හැරීම පැහැර හරින්නේ නැහැ. එහෙම නොසලකා හැර නිවෙස තුළට වී ඉන්න කිසිදු නිවැසියකුට නොසිතෙන බවටත් මතයක් ජනප්‍රවාදයේ එනවා. ඒ විතරක් නෙවෙයි. එහෙම කිසි කෙනකුට ඔවුන්ව නොසලකා හරින්නට සිත නොදෙන විදියට යන්ත්‍ර මන්ත්‍ර ඔවුන් සතු බවත් බොහොමයක් ජනයා අතර මතයක්ද තිබෙනවා. එහි යම් සත්‍යතාවක් නැතැයි කීමටද හැකියාවක් නැති තරම්. මොකද නිවෙසකට පැමිණි හුලවාලියකු සමග ගැටුමක් ඇති කරගත් අයකු ගැන අසන්නට නොලැබෙන තරම්. අනෙක් කාරණය නිවෙසේ කොතරම් අගහිඟතා තිබුණත් කෙසේ හෝ යුතුකම ඉටුකිරීමට තරම් බොහෝ ජනයා නම්‍යශීලී වන තත්ත්වයකුත් දක්නට ලැබීමත් මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ ප්‍රතිඵලයක් විය හැකියි.

මේ පිළිබඳ සාක්ෂි දරන තවත් සරල කාරණා කිහිපයක්ම ඔබත් අත්දැකීමෙන් දැක ඇති. බොහොමයක් නිවාසවල මිනිසුන්ට කඩාපනින සපාකන දරුණු සුනඛයන් සිටින නමුත් කිසිදු දිනයක මේ හුලවාලියන් එම සුනඛයන්ට බියේ නිවෙසක් මඟහැර නොයන අතර සුනඛයා ගැන කිසිදු තැකීමක් නොකර නිවෙසට යෑමත්, කොතරම් දරුණු සුනඛයකු වුවද එම අවස්ථාවේ මඟහැර යන බවත් දක්නට ලැබීමත් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ හාස්කමක් නොවේ යැයි කීමට හැකියාවක් නැහැ.

‘කුලවත් පවුල්වල පුංචි ළමයින්ව ලස්සන ලමිස්සියන්ව වශී කරගෙන අරන් යනවා’ මේ අතීතයේ සිටම අපේ අත්තල කිරි අම්මලා කියපු තවත් කතාවක්. මේකත් ජනප්‍රවාද සමග බැඳුණු මතයක් වුණත් කිසිවකුත් තර්කයෙන් තොරව මේ කාරණා කළමනාකරණය කරගන්නට කටයුතු කරන්නේ රොඩී දැහැන ගැන අසා දන්නා කරුණු නිසයි.

ශාස්තරය, යන්ත්‍ර මන්ත්‍ර කෙසේ වුවද කිසිවකුට කරදරයක් හිරිහැරයක් නොකරන ඉතා නිහතමානී ජන කොට්ඨාසයක් වන හුලවාලීන්ගෙන් අදටත් ගැමි සමාජයට ප්‍රයෝජන තිබෙනවා. ඒ කුල්ලක්, කූඩයක්, ඉඳිආප්ප තට්ටුවක් අරගන්න, කැඩුණු බිඳුණු එකක් හදාගන්න වගේ දේවල්. ඒ විතරක් නොවෙයි. ගෙදරකට ගියාම කෙනෙක්ට තමන්ගෙ අත පෙන්නලා අනාගතය ගැන පුංචි හෝඩුවාවක් දැනගන්න, ශාස්තරයක් අහගන්නත් අවස්ථාව තිබෙනවා.

හුලවාලියන් කියූ සැණින් මේ ජන කොට්ඨාසය හා බැඳුණු ගම් පළාත් කිහිපයක් ගැන කියවුණද වර්තමානයේ ඒ සඳහා නිතර කියැවෙන සුප්‍රසිද්ධ ගම්මානය කූරගන්දෙණිය මැණික්හින්නයි. අතීතයේ සිටම මහා රොඩී දැහැනින් විස්මිත වැඩ කළ බව කියන ගැහැනුන් පිරිමින් වශී කළ බව කියන මහා හුලවාලියන් මේ මැණික්හින්නේ සිටි බවත් කියැවෙනවා. පරම්පරාගත මහා රොඩී දැහැන මැනවින් දත් ඒ පිරිස් වර්තමානයේද මේ ප්‍රදේශයේ ඉන්නවාද නැද්ද කියන්නට අප නොදන්නා මුත් අතීතයේ පටන් මැණික්හින්නේ නිවෙසක් නිවෙසක් පාසා මන්තර හඬ ස්තෝත්‍ර හඬ ඇසීම සාමාන්‍ය දෙයකි. සිය විවිධ අවශ්‍යතා සඳහා එදා මෙදාතුර කාලයේ ජනයා ආව ගිය මැණික්හින්න එහෙමත් නැත්නම් කූරගන්දෙණිය කොහොමද හුලවාලින්ගේ නිජබිම බවට පත්වුණේ කියන කතාව හා බැඳුණු හරි අපූරු කතාවකුත් ජනප්‍රවාද අතරේ තිබෙනවා.

එවක මෙරට රජ කළේ මුල් කාලයේ කුණ්ඩසාලේ අගනුවර කරගෙන රජ කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය (1707-1739). පසුව ඔහු කුණ්ඩසාලේ අතහැර සිය අගනුවර හඟුරන්කෙතට රැගෙන ගියේය. අවසන් සිංහල රජු ඔහුය. තරමක් සෙල්ලක්කාර, ස්ත්‍රීන්ට ප්‍රිය කළ රජකු නිසාම සෙල්ලම් නිරිඳු ලෙසද ප්‍රසිද්ධව සිටි නරේන්ද්‍රසිංහ රජු මේ සෙල්ලකාර ජීවිතය නිසාම සුව කළ නොහැකි රෝගයක් වැලඳී වයස අවුරුදු 49දී මියගිය බවද සඳහන් වෙනවා.

කෙසේ නමුත් එවක නරේන්ද්‍රසිංහ රජු රජකම් කරන කාලයේ මෙම මැණික්හින්න ප්‍රදේශය හිස් කැලෑ බිමක් ලෙස තිබූ බවයි පැවසෙන්නේ. ඊට ආසන්නයේ තිබූ ගම හුරිකඩුව ලෙස හැඳින්වීය. පාරම්පරික ගමක් වන හුරිකඩුවට යාව පල්ලියගොඩැල්ල පිටියේ දේවාලය තිබී ඇත. පිටියේ දෙවියන්ට ගරු කළ රජු නිතර නිතර අසු පිටින් විත් දේවාලය වැඳපුදාගෙන යෑම පුරුද්දක් වී තිබිණි. මේ අතරේ ගමේ රූමත් තරුණියක හා හිතවත් වූ රජු රාත්‍රි කාලයේ තරුණියගේ නිවෙසට යෑමට පුරුදු විය. ඒ යද්දී සිය හෙල්ලය සහ කඩුව විශාල හුරි ගසක දිරාගිය බෙනයක සඟවා තබා යෑම පුරුද්දකි. එවැනි දිනෙක පිටස්තර ප්‍රදේශයකින් පැමිණි ගස් කපන්නන් පිරිසක් ඒවා රැගෙන යන්නට ගියේය. රජු ආපසු පැමිණ බලද්දී තම කඩුව සහ හේලලය නැති බව දැන ගම්මුන් ගැන කේන්තියක් ඇති කරගෙන වේගයෙන් අසු පන්නාගෙන යද්දී ඒ අසල තිබූ වැලි සහිත බිමේ අසුගේ කුර එරී තවත් අපහසුතාවට පත්ව තිබේ. ඒ අවස්ථාවේ කුරගන් කුරගන් යනුවෙන් අශ්වයාට පහර කිහිපයක් එල්ල කළ රජු මාලිගයට ගොස් පළමුවෙන්ම කර ඇත්තේ හුරි කඩුව ගමේ එක කෙළවරක ගැමි පවුල් කිහිපයක් පදිංචි කරවා රජවාසලට කඹ හා මදු සැපයීම ඔවුන්ට පැවරීමයි.

එදා නරේන්ද්‍රසිංහ රජු කේන්තියෙන් ගත් තීරණය නිසා හුරිකඩුව ගම්මානයේ කෙළවරක ඇරඹි ගැමි ගම්මානය කූරගන්දෙණිය මැණික්හින්න ලෙස ප්‍රකට වූ අතර එදා මෙදාතුර ඉතිහාසයේ රොඩී දැහැන දත් මහා හුලවාලින්ගේ නිජබිම ලෙස ප්‍රකට මේ මැණික්හින්නේ අද වෙද්දී යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සිදුකෙරෙනුයේ තරගකාරීවය. එය සති අන්ත ජාතික පුවත්පත් පමණක් නොව සමාජ මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය දෙස අවධානය යොමු කිරීමේදීද පැහැදිලි වෙයි.

එදා අතීතයේ සිටි හුලවාලියන් රොඩී දැහැනින් මහා විස්කම් කළ බව අප අසා ඇත්තෙමු. අදත් එවැන්නන් සිටිනවාද නැද්ද යන්න අප දන්නේ නැත. ඒ බව දන්නේ මැණික්හින්නේ වෙසෙන හුලවාලියන් සහ ඔවුන්ගෙන් වැඩ කරවාගත්තවුන්ම පමණකි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

රොෂාන් රණසිංහත් ඇමැතිකමින් අයින් වෙයි! පොහොට්ටුවේ සංවිධායකකමත් එපා කියයි! ජනපතිට යවපු ලියුම මෙන්න!

Next Post

ජනතාව එළියට බහින්න හිටියෙ හෙට! අද රෑ 6 ඉඳන් සඳුදා උදේ 6 තෙක් ඇඳිරි නීතිය පනවයි!

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.