රුසියානු – යුක්රේන සාම සාකච්ඡා අලුත් වටයකින් ආරම්භ කෙරෙන බව වාර්තා වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල්මිල ගණන් නැවත වරක් අද (29) පෙරවරුවේ පහළ වැටිණි.
එමෙන්ම චීනයේ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන ෂැංහැයි, කොවිඩ්-19 තර්ජනයක් හේතුවෙන් වසා දැමීමත් සමඟ ඉන්ධන ඉල්ලුමේ අඩුවක් වනු ඇතැයි චීනය බිය පළ කර ඇත.
අද උදයවරුවේ නිකුත් කෙරුණු නවතම මිල ගණන්වලට අනුව බ්‍රෙන්ට් කෲඩ් වෙළෙඳපොළේ තෙල් බැරලයක මිලිය ඇමෙරිකානු ඩොලර් 109.97 ක් ලෙස දැක්විණි. ඊට පෙර අලුයම් කාලයේ දී තෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 111.41ක මිලකට අලෙවි වෙමින් තිබිණි. මෙය සියයට 1.0 එනම් ඇමෙරිකානු ඩොලර් 1.07ක පහළ වැටීමක් යැයි සඳහන් විණි.











