පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මේ වනවිට චීනයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් සිටින බව දැනගන්නට ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ නව රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම් දෙන අවස්ථාවේ ගම්මන්පිල මහතා මෙසේ චීන සංචාරයක නිරතව සිටීමය.
ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට කැබිනට් ඇමැති ධූර හිමිවද්දී ගම්මන්පිල මහතා ලිපියක් මගින් දැනුම් දී සිටියේ කුඩා කැබිනට් මණ්ඩලයක් නම් කරන බැවින් තමන් අමාත්‍ය දූර බාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවකි.
එම කැබිනට් ඇමැතිවරුන් දිව්රුම් දීමේ උත්සවයට පවා ගම්මන්පිල මහතා සහභාගීව සිටියේ නැත.
කෙසේවෙතත් ඊයේ දිනයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේ උත්සවයටද ඒ මහතා සහභාගී නොවී චීන සංචාරයක නිරතව ඇත.










