• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ස’ පාක්ෂික සමුලුව! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

March 26, 2022
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
ස’ පාක්ෂික සමුලුව! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ලංකාවේ සර්වපාක්ෂික සමුළු ජාතකයේ පියා ජේ.ආර්. ජයවර්ධනය. 1983 කළු ජූලියට පසු ගැහැනියක් පිරිමියෙක් කිරීමත්, පිරිමියෙක් ගැහැනියක් කිරීමත් හැර අන් ඕනෑම දෙයක් කරන්න තමාට සහ ආණ්ඩුවට බලය ඇතැයි කී ජේ.ආර්., ලොකු අමාරුවක වැටුණි. ඇත්තටම 1983 කළු ජූලිය ජේ.ආර්.ගේ ආණ්ඩුවේම නිර්මාණයකි. උතුරේදී එල්.ටී.ටී.ඊ.ය ඝාතනය කළ හමුදා භටයන්ගේ මළ සිරුරු කොළඹට එන දින සිංහල බෞද්ධයන්ගේ වෛරය තමන්ටත් ආණ්ඩුවටත් එල්ල වෙයි කියන බයේ සිංහල බෞද්ධයන් පිනවන්න ජේ.ආර්.ගේ ආණ්ඩුව දමිළ සංහාරයක් සැලසුම් කළේය. මේ දමිළ සංහාරයට එරෙහිව ඉන්දියාව කෙවිට අතට ගනිද්දී ජේ.ආර්. හොඳටම බය විය. ඉන්දියාව පමණක් නොව ලොවම මේ දමිළ සංහාරයට එරෙහිව හඬ නඟද්දී ජේ.ආර්. තමන් අතින් සිදුවූ වැරැද්ද වහගන්නත්, ඉන්දියාවේ සහ ජාත්‍යන්තරයේ බලපෑම මත උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් දීමේ දේශපාලන පාපයට විපක්ෂය හවුල් කරගෙන එයට එරෙහිව එන සිංහල බෞද්ධ විරෝධයෙන් බේරෙන්නත් සර්වපාක්ෂික සමුළුවක් කැඳවූවේය. එයිටත් වඩා ජේ.ආර්.ගේ සහ යූ.ඇන්.පී.යේ පරම හතුරා වූ ශ්‍රීලනිපය භේදබින්න කිරීමටත් හොඳම ආයුධය සර්වපාක්ෂික සමුළුව බව ජේ.ආර්. තේරුම් ගත්තේය.

ජේ.ආර්. සර්වපාක්ෂික සමුළුව කැඳවන විටත් 1982 ජනාධිපතිවරණයෙන් සහ ජනමත විචාරණයෙන් අන්ත පරාජයකට පත් ශ්‍රීලනිපය ඇතුළේ බෝම්බ පුපුරමින් තිබිණි. 83 කළු ජූලියට පසු ජේ.ආර්., අනුර බණ්ඩාරනායකව විපක්ෂ නායක කරමින් ශ්‍රීලනිපය ඇතුළේ බෝම්බ තියමින් සිටියේය. සර්වපාක්ෂික සමුළු යෝජනාව එන විට පක්ෂ ලේකම් රත්නසිරි වික්‍රමනායක සිටියේ අනුර විරෝධී විජය-චන්ද්‍රිකා කඳවුරේය. ජේ.ආර්. මුලින්ම අනුර සමග කතාකොට විපක්ෂ නායක ලෙස සර්වපාක්ෂික සමුළුවට එන්න යැයි කීවේය. රත්නසිරි වික්‍රමනායකලා එයට තදින් එරෙහි වූහ. අවසානයේ එකඟතාවකට ආවේ බණ්ඩාරනායක මැතිනියට අහිමි කළ ප්‍රජා අයිතිය දෙනවා නම් සර්වපාක්ෂික සාකච්ඡාවලට යන්නටය. ඒ සඳහා අනුර, රත්නසිරි ඇතුළු හයදෙනකුගෙන් යුත් ශ්‍රීලනිප නියෝජිත පිරිසක් ජේ.ආර්. හමුවී මේ ඉල්ලීම කළහ. ජේ.ආර්. එය ප්‍රතික්ෂේප කළේය. අන්තිම මොහොතේ ශ්‍රීලනිපය සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරන්න තීරණය කොට ජේ.ආර්.ගේ උගුලෙන් බේරුණි. රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න ජේ.ආර්.ට සහාය දිය යුතුය යන මතයේ අනුර සිටියත් විජය සහ චන්ද්‍රිකාගේ මෙහෙයවීමෙන් අනුර තනි විය. පක්ෂය දෙකඩ විය.

ඉන් පසු මේ සර්වපාක්ෂික සමුළු ආයුධය අතට ගත්තේ රණසිංහ ප්‍රේමදාසය. ඒ, උතුරේ ඉන්දීය හමුදාවටත්, දකුණේ ජවිපෙ භීෂණයටත් මුහුණ දීමට නොහැකිව අසරණ වූ විටදීය. ඒ වෙලාවේ ජවිපෙ භීෂණය නිසා ශ්‍රීලනිපයටත්, ජවිපෙ මර්දනය කරගන්න ඕනෙ වූ නිසාත් බණ්ඩාරනායක මැතිනිය ජාතික ආණ්ඩුවක අගමැති හීනයක සිටි නිසාත් ශ්‍රීලනිපය පළමු වරට සර්වපාක්ෂික සමුළුවට සහභාගි විය. සමුළුව යද්දී ප්‍රේමදාස ආණ්ඩුව දක්ෂ ලෙස ජවිපෙ මර්දනය කොට ඉන්දීය හමුදාවත් පිටමං කරන තැනට වැඩේ කළේය. ජවිපෙත් මර්දනය කොට ඉන්දීය හමුදාව යවා ප්‍රේමදාස ආණ්ඩුව දස දහස් ගුණයකින් ශක්තිමත් වූ පසු බණ්ඩාරනායක මැතිනියගේත්, ශ්‍රීලනිපයේත් ඇස් ඇරුණි. ප්‍රේමදාස දක්ෂ ලෙස මර්දනය අස්සේ මැතිනියත්, ජවිපෙත්, ඉන්දියාවත් අතර එකඟතාවක් ඇතිවී ආණ්ඩුවට තර්ජනයක් එල්ල වීම වළක්වා ගත්තේය.

ඊළඟට 1994 චන්ද්‍රිකා ආවේ වාර්ගික ප්‍රශ්නය විසඳනවා කියාය. ඇය ජාත්‍යන්තරයට පොරොන්දුවක් දුන් අතර දෙමළ ජනතාව ඇයට ඡන්දයද දුන්හ. වාර්ගික ප්‍රශ්නය විසඳන්න ගියහොත් තමා සිංහල බෞද්ධයන්ගේ හැතිරියක් වන බව දැන ඇය තමාට එන විරෝධයට යූ.ඇන්.පී.යත් හවුල් කරගන්න සර්වපාක්ෂික තේරීම් කාරකසභාවක් පත්කරනු ලැබුවාය.

රනිල්ගේ නායකත්වයෙන් යුත් යූ.ඇන්.පී.ය ඒ උගුලෙන් ගලවුණත්, තේරීම් කාරකසභාව හරහා චන්ද්‍රිකා යූ.ඇන්.පී.ය භේද කරන්න සමත් වූවාය. ඇය රනිල්ගේ සමීපතම දේශපාලන උපදේශකයා වූ හමීඩ් බාගෙන යූ.ඇන්.පී.යේ ජ්‍යෙෂ්ඨයන් වූ විජයපාල, සිරිල් මැතිව්, සුසිල් මුණසිංහ ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවට එකතු කරගෙන යූ.ඇන්.පී.ය දුර්වල කළාය.

ඊළඟට 2005 ජනාධිපති වූ මහින්ද 2006දී එල්.ටී.ටී.ඊ.ය සමග සාම සාකච්ඡා සඳහා එකඟත්වයක් හදාගන්න සර්වපාක්ෂික සමුළුවක් කැඳවීය. ඒ, මහින්ද 2005 දින්නේ නෝර්වේ රටින් පන්නා ප්‍රභාකරන් එක්ක කෙළින්ම සාකච්ඡා කොට ප්‍රශ්නය විසඳනවා කියාය. හැබැයි මහින්දට ජාත්‍යන්තර බලපෑම මත එය කරගත නොහැකි විය. ඔහු ජනතාවට තමා දුන් පොරොන්දුව කඩකිරීමේ වරදින් බේරෙන්න සාම සාකච්ඡාව විපක්ෂයේ කරෙත් එල්ලන්න සර්වපාක්ෂික සමුළුව කැඳවීය. එවක යූ.ඇන්.පී. නායක සහ විපක්ෂ නායක රනිල් ඊට සහභාගි නොවීය. ජාතික ප්‍රශ්නය විසඳන්න ජාතික එකඟතාවක් ඕනෑ කියා ඒ සමුළුවට ගියේ පක්ෂ සභාපති කරු ජයසූරිය සහ ජී.එල්. පීරිස්ය. අවසානයේ කරුට අගමැති ධුරයදී ජාතික ආණ්ඩුවක් හදන්නම් කියා මහින්ද, කරු, ජී.එල්., මිලින්ද ඇතුළු 17ක් යූ.ඇන්.පී.ය කඩා ආණ්ඩුවට එකතු කරගත්තේය.

2015 ජනාධිපති වූ මෛත්‍රිපාලත් 2018දී සර්වපාක්ෂික සමුළුවක් කැඳවීය. ඒ, රනිල්ව අගමැති ධුරයෙන් පහකොට කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට සුදු හුනු ගාගන්නටය. තමාගේ වැරැද්දකින් තමාත්, රටත් ලොකු අර්බුදයකට ගොස් ඇති බව වටහාගත් මෛත්‍රි, තමා විනාශවේය යන බියෙන් තමාට අවශ්‍ය ලෙස කාලය ගෙන තමාට වාසි විසඳුමක් දෙන්න සර්වපාක්ෂික සමුළුවක් කැඳවූවේය. ඔහු ඒ හරහා මහින්දගේ ආණ්ඩුවට යූ.ඇන්.පී. මන්ත්‍රීවරු බාගන්න හැදුවත් වැඩේ සාර්ථක වූයේ නැත.

ඊළඟට 2019 ජනාධිපති වූ ගෝඨා කොරෝනා වෛරසය ආ විට හොඳටම බය විය. පළමු කොරෝනා රෝගියා හමුවූ විට විපක්ෂය කළ අනතුරු ඇඟවීම් නොසලකා හැර මහ ඡන්දය තියන්න ගොස් වෛරසය රට පුරා පැතිරෙයි කියන බයේ වෛරසය පැතිරීමේ චෝදනාවෙන් බේරෙන්නත්, සමගි ජන බලවේගයට වඩා රනිල්ගේ යූ.ඇන්.පී.ය උස්සන්නත් ඔහු සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීය. එම සමුළුවට ඇවිත් මෛත්‍රි, සජිත්, රනිල් මාර යෝජනා ඉදිරිපත් කළහ. ගෝඨා ඔක්කොටම හා හා කියා තමන්ට ඕනා දේ කර මහ ඡන්දයට යන්න දින නියම කළේය. හැබැයි රාජපක්ෂවරුන්ට කඩේ යන මාධ්‍ය හරහා රනිල්ට ප්‍රධාන තැනක් අරන් දුන්නේය. රටේ විපක්ෂ නායක සජිත්ව බින්දුවට දැම්මේය. මහ ඡන්දයෙන් ගෝඨා තුනෙන් දෙකකට ආසන්න ගණනක් ගත්තත් රනිල් සහ යූ.ඇන්.පී.ය කුජීත ලෙස පරාජය විය. ඒ නිසා විපක්ෂය දෙකඩ කිරීමේ උපාය වැරැදුණි.

දැන් ගෝඨා 1983 ජේ.ආර්., 1989 ප්‍රේමදාස, 1995 චන්ද්‍රිකා, 2006 මහින්ද, 2018 මෛත්‍රි, 2020 ආයෙත් ගෝඨාම කළ සෙල්ලම පටන්ගෙන තිබේ. ඒ, මෛත්‍රි-රනිල් ආණ්ඩුව කෝටිපතියන්ට ගහපු බද්ද ඉවත් කිරීමත්, කොරෝනා කාලයේ මහ ඡන්දය තියා තුනෙන් දෙකක් ගන්න විදේශ ශ්‍රමිකයන්ට රටට එන්න නොදී අසරණ කිරීමත් නිසා මතුවූ ආර්ථික අර්බුදය තමන්ගේ හිස මත කඩාවැටී ඇති නිසා එයින් හුස්මක් ගන්න සර්වපාක්ෂික සමුළුවක් කැඳවීය.

සර්වපාක්ෂික සමුළුවලින් ප්‍රශ්න යටගහන්න ගොස් ඇනගත් මෛත්‍රිගේ ශ්‍රීලනිපයම ගෝඨාට ඒ යෝජනාව කිරීම හාස්‍යජනකය. මිනිසුන්ට පාරට බහින්න කිය කියා පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් රට වටේ ගිය ශ්‍රීලනිපය මිනිසුන්ට පාරට බහින්න අවස්ථාවක් දුන්නේ නැත. සජබය සහ ජවිපෙ මිනිසුන් පාරට ගේන විට ශ්‍රීලනිපය හොඳටම බය වුණේ ආණ්ඩුව තුළ සිටිමින් තමන් රඟපෑමක් කරනවා කියා මිනිසුන් තමන්ට ගහයි කියාය. මේ ප්‍රශ්නයට විපක්ෂය හවුල් කරගන්න ඔවුන් ගෝඨාට මේ යෝජනාව දුන්නේය. අර්බුදයේ වගකීම විපක්ෂය සමග බෙදාහදා ගැනීමටත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල දමන කොන්දේසිවලට එරෙහිව එන ජනතා විරෝධයට විපක්ෂය නායකත්වය දීම වළක්වන්නටත්, ඒ යෝජනාවලට විපක්ෂයත් හවුල්කරුවන් කරගැනීමටත් ගෝඨාභය සර්වපාක්ෂික සමුළුව කැඳවීය.

විපක්ෂය ඉතා දක්ෂ ලෙස ඒ උගුලෙන් ගැලවී සර්වපාක්ෂික සමුළුව වර්ජනය කළේය. රනිල් එයට සහභාගි වීම පුදුමයක් නොවේ. රාජපක්ෂලා රනිල්ව පාර්ලිමේන්තු ගෙන ආවේම විපක්ෂය කඩන්න බව තොත්ත බබෙක් වුණත් දනී. රනිල් සජබය කඩන්න සජබයේ හවුල්කාර පක්ෂවලට ඔහුත් සමග සර්වපාක්ෂික සමුළුවට සහභාගි වීමට ආරාධනා කළත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ. ආණ්ඩුවත් මාධ්‍ය හරහා මෙම සර්වපාක්ෂික සමුළුවට විපක්ෂය සහභාගි විය යුතුය යන මතය ව්‍යාප්ත කරමින් ලොකු කැම්පේන් එකක් කළේය. රනිල්ගේ සහභාගි වීම අගයන්නත්, සජබය සහභාගි නොවීම හෙළාදකින්නත් ආණ්ඩුව ලොකු මුදලක් වැය කරන්න ඇත. ආණ්ඩුව යූ.ඇන්.පී. මාධ්‍ය ඒ සඳහා හොඳට පාවිච්චි කළේය.

මහ බැංකු අධිපති රනිල්ගේ ආණ්ඩුව විවේචනය කරද්දී රනිල් පෙරළා පහර ගහද්දී ගෝඨා, කබ්රාල්ව නිහඬ කොට රනිල්ගෙන් සමාව ඉල්ලුවෙ රනිල් මේ වෙලාවෙ තමාවත්, ආණ්ඩුවත් බේරාගන්න කරන සේවය කොතරම්ද යන්න රටට පෙන්වමිනි. 69 ලක්ෂයක් ඡන්ද ගත්ත ජනාධිපති කෙනෙක් ඡන්ද 25,000ක් ගන්න බැරිව ජාතික ලැයිස්තුවෙන් ආ මන්ත්‍රී කෙනකුගෙන් සමාව අයැදීම ඛේදවාචකයකි. කබ්රාල් නොකියා ගැහැව්වෙ රනිල්ගේ ආණ්ඩුවෙ මහබැංකු වංචාවටය. ගෝඨා 69 ලක්ෂයක ජන වරමින් බලයට ආවෙ රනිල්ද ඇතුළු මහ බැංකු හොරු අල්ලා හිරේ දමන්නටය. ගෝඨාද ඇතුළු 69 ලක්ෂයම හොරා කී රනිල්ගෙන් සමාව ඉල්ලන තැනට ගෝඨා වැටීම ගෝඨා අද වැටිලා ඉන්න තත්ත්වය මනාව පෙන්වයි. රනිල් සජබය කැඩුවොත් මිස තමන්ට අනාගතයක් නැති බව රාජපක්ෂලා තේරුම් ගෙන සිටී.

අන්තිමේදී සර්වපාක්ෂික සමුළුවේ වුණේ රනිල් මූල්‍ය අරමුදලේ කෙටුම්පත ඉල්ලීමත්, බැසිල් ඒක දෙන්න බැහැ කීමත් පමණි.

‘දැන් රටේ ආර්ථික ප්‍රශ්න ඔක්කොම අහවරද…?’

තක්කඩියකුගේ අවසන් නවාතැන ජාතිවාදය යැයි ප්‍රකට කියමනක් තිබේ. ලංකාවේ නැති ප්‍රශ්න මවන රාජ්‍ය නායකයන්ගේ අවසන් නවාතැන නොහොත් රැකවරණය සර්වපාක්ෂික සමුළුවය. සර්වපාක්ෂික සමුළුවට ඉංග්‍රීසියෙන් කියන්නේ All Party Conference ය. මේකට හරි නම් කියන්න ඕනා ‘ඇන්ටි ගවන්මන්ට් පාටි කන්ට්‍රෝල් කරන තැන’ කියාය. ශුද්ධ සිංහලෙන් කියනවා නම් සර්වපාක්ෂික සමුළුව කියන්නේ ‘ස’ විරෝධී පක්ෂ සමූල ඝාතනය කරන තැන කියාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අපිත් කැපකිරීම් කළා! තරුණයොත් කැපකිරීම් කරන්න! රාජපක්ෂ පවුලේ ඥාති මන්ත්‍රී පුතා රටේ තරුණයන්ගෙන් ඉල්ලයි! (VIDEO)

Next Post

අදටත් යකඩ තළන සද්දෙ ඇහෙන රාවණ රජුගේ කම්මල…

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.