සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලැබුණු අරමුදල් සම්බන්ධයෙන් මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ බරපතළ අර්බුදයක් නිර්මාණය වී තිබේ.
එම අරමුදල් සොරකම් කර ඇති බවට ප්‍රේමදාස කදවුරේ ප්‍රබලයන් දෙදෙනකු වූ තිස්ස අත්තනායක මහතා සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් එකිනෙකාට ප්‍රසිද්ධියේම චෝදනා එල්ල කර ගැනීම මේ සදහා හේතු වී ඇත.
පළමුවෙන්ම මේ සම්බන්ධයෙන් මලික් සමරවික්‍රම මහතාට චෝදනා එල්ල කරමින් තිස්ස අත්තනායක මහතා කියා සිටියේ අදාළ අරමුදල් මලික් සමරවික්‍රම ඇතුලු පිරිසක් විසින් අවභාවිත කර ඇති බවකි.
නමුත් මලික් සමරවික්‍රම මහතා මීට පිළිතුරු දෙමින් කියා සිටියේ ලැබුණු සියලු අරමුදල් වොක්ෂෝල් වීදියේ කාර්යාලයට ලැබුණු බවත්, තමන් කිසිදු අවස්ථාවක එම කාර්යාලයට නොගිය බවත්, තිස්ස අත්තනායක ඇතුළු කණ්ඩායම එම මුදල් භාරව සිටි බවත්ය.










