• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගමන කිලෝමීටර් 1750යි! අවුරුදු 100කට වඩා පරණ බයිසිකල් ටිකක නැගලා යාපනේ ගිහින් ආපු මොරටුවේ කොල්ලො සෙට් එක!

March 24, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ගමන කිලෝමීටර් 1750යි! අවුරුදු 100කට වඩා පරණ බයිසිකල් ටිකක නැගලා යාපනේ ගිහින් ආපු මොරටුවේ කොල්ලො සෙට් එක!
Share on WhatsAppShare on Facebook

පසුගිය පෙබරවාරි 19 වැනිදා යක්කු ගස් නඟිනා ජාමයට මොරටුව රාවතාවත්තේ ශුද්ධ වූ එම්මානුවෙල් මුණිඳුන්ගේ පල්ලිය ඉදිරිපිට වූයේ තරමක කලබලයකි. ජව සම්පන්න තරුණයෝ පිරිසක් ස්වකීය මොටෝ සයිකල් පල්ලිය ඉදිරිපිට නතර කරගෙන මොකක්දෝ හෙයියම්මාරුවකට සූදානම් වෙමින් සිටියෝය. ඩිලෝ මෝටර්ස් නමින් මුද්‍රිත ටී ෂර්ට්වලින් සැරසී සිටි මේ නඩයේ දිවංකා සහ ඉන්දිකා නමින් කාන්තාවන් දෙදෙනෙක්ද විය. විටෙක එන්ජින් සැර දමමින්ද, ඒවායේ විදුලි බුබුළු දල්වා නිවා දල්වමින්ද නොඉවසිලිවත්ව සිටි මේ කොලු නඩයේ සූදානම ලංකාව වටා මුහුදුබඩ මාර්ග ඔස්සේ චාරිකාවක යෙදීමය.

ගණනින් 11ක්වූ මේ අපූරු නඩයේ ‘නඩේ ගුරා’ දමිඳු ප්‍රනාන්දුය. ඔහු සිය චාරිකා කොහොමටත් අරඹන්නේ ශුද්ධවූ එම්මානුවෙල් මුණිදුන්ගේ දේවස්ථානය අබියසිනි. පල්ලියේ ඔරලෝසුවේ අළුයම එකේ කණිසම සටහන් වෙද්දී ගමන ඇරැඹීම පිරිසේ අරමුණ විය. සියළු දෙනාගේ මොටෝ සයිකල්වල විදුලි පහන් රැයේ අඳුර කපා ගමනට සූදානම් වුවද නඩේ ගුරාවූ දමිඳුගේ මොටෝ සයිකලයේ ‘හෙඩ් කයිට්’ එක තවමත් දැල්වී තිබුණේ නැත.

‘නඩේගුරා කළුවරේද යන්නේ?’ එකකු ඔච්චමට මෙන් විමසුවේය.

‘ඉන්නකෝ පොඩ්ඩක් වෙලාවට පත්තු කරන්න’ යැයි පැවැසූ දමිඳු සිය පියඹ, දිවංකා අතවූ ගිනිපෙට්ටිය ගෙන සිය බී.ඇස්.ඒ. ෆයිව් හන්ඩ්‍රඩ් මොටෝ සයිකලයේ විදුලි පහනේ වීදුරුව ඇර එය දැල්වීමට සූදානම් විය. ගිනිකූරක් ගසා හෙඩ් ලයිට් දැල්වීම ඔබට විස්මය ගෙන දෙන්නක් වුවත් රට වටා යන්නට දමිඳු ප්‍රනාන්දු තෝරාගත් මොටෝ සයිකලයේ හෙඩ් ලයිට් එක දල්වන්නේ කාබයිට් සහ ජලය මුසුකිරීමෙන් උපදින වායුව දහනය කිරීමෙනි. ඊට හේතුව දමිඳුගේ මොටෝ සයිකලය නිපදවූ සමයේ වාහන වෙනුවෙන් විදුලි බුබුලු නිපදවා නොතිබීමය.

ලංකාව වටා යන මේ ගමනට එක්වූ පිරිසෙන් දෙදෙනෙක් හැර අන් සියල්ලෝම පැදවූයේ අදින් දශක ගණනාවකට පෙර බි්‍රතාන්‍ය සුළු අවි කම්හලේ නිපදවූ බී.ඇස්.ඒ. මොටෝ සයිකල්ය. ඒ අතර වූ ඉපැරැණිම මොටෝ සයිකලය වූ දමිඳුගේ බි.ඇස්.ඒ. ෆයිව් හන්ඩ්‍රඩ් එක බව ඔහු පවසනුයේ මහත්වූ ආඩම්බරයෙනි. 1920 වසරේ නිපදවා ඇති මේ මොටෝ සයිකලය ලංකාව වටා ගමනට එක්වන විට එහි වයස වසර 102කි.

හරියටම රාත්‍රී එකේ කණිසමට පිරිස ගමන ඇරඹීය. දමිඳුගේ මොටෝ සයිකලයේ කාබයිට් ආලෝකය ගාලු පාරේ අඳුර කපාගෙන ඉදිරියට ඇදෙත්ම සෙසු සගයෝද ඔහු පසුපස වැටෙන්නට වූහ. දමිඳු පසුපසින් වූයේ බී.ඇස්.ඒ. ගෝල්ඩන් ෆ්ලෑෂ් 650 වර්ගයේ සයිකලය පැදවූයේ ඔහුගේ මස්සිනා වූ දසුන් කළුවැල්ලය. ඔහු පසුපසින් වූයේ අතුල හෙට්ටිආරච්චිගේ බී.ඇස්.ඒ. බී.බී. 31 මොටෝ සයිකලයය. බී.ඇස්.ඒ. එම්. 21 මොටෝ සයිකලයක් සමග චාරිකාවට එක්වූ අනිල් සිල්වා ඊට පසුපසින් විය. රජිත් ප්‍රසන්න සිය බී.ඇස්.ඒ. බැන්ටම් 175 සයිකලය පදවමින් ඊට පසුපසින් විය. සුද්දාගේ රටින් ගොඩබට බී.ඇස්.ඒ. බළඇණිය පසුපසින් ජපනා හැදූ කවසාකි 250 සහ සුසුකි ජී.එන්. 125 මොටෝ සයිකල් දෙකක් විය. රන්දික ප්‍රනාන්දු සහ ඔහුගේ බිරින්දෑ ඉන්දිකා කවසාකියද සහ යසිත් පෙරෙරා සහ ශවේන්ද්‍ර කුරේ සුසුකියද පදවමින් සවාරියට එක්වූවෝය. නඩේගුරා ‘උපන්ගෙයි බාස්’ කෙනෙක් වුවද ලසන්ත කළුවැල්ල බඩී ලොරියකින් ගමනට එක්වූයේ අතර මඟදී අකරතැබ්බයක් වුණොත් කියාය.

අල්ලේ ඉරි පේනා වේලාවට බෙන්තොට පසුකර ඉඳුරුවට ළඟාවූ පිරිසට හිමිදිරියේ සීතල මකා උණුසුම් තේ කෝප්පයක රස බලන්නට ලැබෙන්නේ අම්බලන්ගොඩදීය. තවත් පැරැණි මෝටෝ සයිකල් ළෝලියෙක්වූ ප්‍රසන්ත මහත්තයා බලහත්කාරයෙන්ම පිරිසට උදේ තේ සූදනම් කර තිබුණේය. අම්බලන්ගොඩදී තේ බී යළි ගමන් අරඹන පිරිස ඊළඟට නතර වූයේ දකුණු ලකේ අගනගරේ ගාලු පුරේය. ගාලු කොටුව අසල නතරව ඡායාරූප ගනිමින් සිටි පිරිසට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයන්ය. ගාලු වැසියෝ උදෑසන දහසක් කාර්යන් අත්හැර මේ අපූරු රිය පෙරහැර බලන්නට රොක්වූවෝය. ගාල්ලෙන් නික්මෙන පිරිස සිය පාතරාසය පිණිස නතරවනුයේ මාතර සුරංග බුද්ධිකගේ නිවෙසේය. දහවල් ආහාරය වැල්ලවායෙන් ගෙන පිටත්වූ නඩය, රාත්‍රී ආහාරයට මොනරාගලට පැමිණියෝය. මේ ගමනේ විස්තර දමිඳු පවසනුයේ මෙසේය.

‘මොනරාගාලට එනකොට අපි කිලෝ මීටර් 250කට වඩා එක දිගට පැදලා තිබුණා. අපේ එක බයික් එකක්වත් කිසිම කරදරයක් දුන්නේ නෑ. අමතක නොවනම දේ තමයි මඟ දිගට පොලිස් මුරපොළවලින් ලැබුණු ප්‍රතිචාරය. චෙක් පොයින්ට් එකක නතර කළාම අපි පුරුද්දට ලයිෂන් ඉන්ෂුවරන්ස් දෙන්න යනවා. ඒ අය කියනවා ඕවා නෙවෙයි මේ බයික් ටික බලන්න දෙන්න කියලා….’ දමිඳු පවසන්නේය. මෙවැනි දීර්ඝ මොටෝ සයිකල් චාරිකා ආවාට ගියාට කරන්නට බැරිය. දමිඳුලාගේ ගමන ගැන ඔවුන්ටත් වඩා ඕනෑකමකින් සොයා බැලූ පුද්ගලයෙක් විය. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෛද්‍ය කාලිංග ගිනිගේය. ඔහුගේ සහාය නොවන්නට දමිඳුලාට ගමන මෙතරම් පහසු නොවන්නේමය.

මොනරාගලින් නික්මෙන පිරිස නැවත මුහුදුබඩ මාර්ගයට අවතීර්ණ වන්නේය. පොතුවිල් හරහා ආරුගම්බේ වෙත යන පිරිස නැවත පොතුවිල් වෙත පැමිණෙනුයේ සිය මුහුදුබඩ මාර්ග සිතියම නිසි ලෙස සම්පූර්ණ කරගනු රිසියෙනි. එතැන් සිට අක්කරේපත්තු හරහා අම්පාරට පැමිණීමෙන් ඔවුන් සිය චාරිකාවේ දෙවැනි දිනයද ජයග්‍රාහීව නිමා කරන්නට සමත් වන්නේය.

පසුදා ගමන ලංකාවේ අලංකාරම මුහුදු තිරය ඔස්සේ ත්‍රිකුණාමලය බලාය. මේ ගමනේදීද බොහෝ රසවත්හු ඔවුනට හමුවූහ. පැරැණි මොටෝ සයිකල් ගැන කතා බොහෝ විට පරම්පරා දෙක තුනක් එකට ගැටගසන්නේය. තම පවුල්වල ඥාති හිතවතුන් සතුව තිබූ ඉපැරැණි මොටෝ සයිකල් පිළිබඳ කතා ඔවුහු දමිඳුලාගේ නඩය හමුවේ දිගහැරියෝය. කතාබහ කොතෙක් රසවත්වීද යත් ඇතැම් තැන්හිදී ගමන අරඹන්නට බොහෝ පොරොත්තුවන්නට ඔවුනට සිදුවිය. ත්‍රිකුණාමලයේදී අනුරාධපුරයේ සිට තවත් බී.ඇස්.ඒ. එකක් පදවමින් ආ විශ්වජිත් අමරසිංහ සහ මොරටුවෙන් පැමිණි මංජුල ගමගේ යන හිතවතුන් දෙදෙනාද දමිඳුලාගේ නඩයට එක්වන්නෝය. එතැන් සිට ගමන් අරඹන නඩයේ ඊළඟ නවාතැන අලිමංකඩයි. කලකට පෙර බිහිසුණු යුද පිටියක්ව පැවැති පුදුකුඩිඉරිප්පු හරහා අලිමංකඩ කරා ගිය ගමනේදී ඔවුනට කෝකිලායි කළපුවද තරණය කිරීමට සිදුවිය. බෝට්ටුවලට මොටෝ සයිකල් පටවාගෙන කෝකිලායි කළපුව තරණය කළ ආකාරය මේ ගමනේ සදාතනික මතකයක්ම වූ බව පිරිසේ ඒකමතික අදහසය.

අලිමංකඩින් නික්මෙන පිරිසේ ඊළඟ නවාතැන යාපනයයි. එම ගමනේදී පිරිස යළිත් ජල දුර්ගයක් තරණය කරමින් කයිට්ස් දූපතටද පැමිණෙන්නේය. සියවසක් පැරැණි දමිඳුගේ බී.ඇස්.ඒ. ෆයිව් හන්ඩ්‍රඩ් එක ඇතුළු මොටෝ සයිකල් පෙරහැරට කයිට්ස් දූපත්වාසීන්ගෙන් ලැබුණේ උසස් ප්‍රතිචාරයකි. අසීරුතා මධ්‍යයේ හෝ තම දූපතටත් ගොඩවැදීම ගැන කයිට්ස්වාසීහූ දමිඳුලාට බොහෝ සේ ස්තුති කළහ. යාපනයෙන් නික්මීමට පෙර විශ්වජිත් සහ මංජුල නඩයෙන් සමුගන්නේ කර්යබහුල බව නිසාමය. යාපාපටුනේ ලද අත්දැකීම් ගැන දමිඳු ප්‍රනාන්දු පවසන්නේ මෙසේය .
‘අපි යාපනයේ දවසක් නතර වුණා. නාගදීපයේ යන්නට බලාපොරොත්තු වුණත් අපේ බයිසිකල් ඒ බෝට්ටුවලට පටවන්නට බැරි නිසා ඒ ගමන අතහැරියා. යාපනයේත් පැරැණි මොටෝ සයිකල් තියනවා. ඒත් මගේ බී.ඇස්.ඒ. 500 එක ඒ ගොල්ලන්ට අලුත්ම අත්දැකීමක් වුණා. මොකද මේකේ වෙනස්කම් ගොඩක් තියනවා…’ ඇත්තටම ඒ වෙනස්කම් මොනවාදැයි අපි ‘මව්රට’ පාඨකයන් වෙනුවෙන් දමිඳුගෙන් විමසුවෙමු.

‘මේකේ පිටිපස්සේ බ්‍රේක් එක තියෙන්නේ පිටිපස්සට පාගන්න. ඇක්ස්ලේටර් එක කරකවන්න නෙමෙයි තියෙන්නේ අත් ට්‍රැක්ටරේක වගේ එක ගානකට තියන්න. ඊළඟට මේකේ ගියර් දාන්න තියෙන්නේ අතින්. හරියට කාර් එකක වගේ ගියර් ලිවර් එකක් තියෙන්නේ. ඔයිල් උඩට ගන්න වෙනම පොම්පයක් තියනවා. බ්‍රේක් සහ ක්ලච් ලිවර් හැන්ඩ්ල් එක කෙළවරට හයිකරලා තියෙන්නේ ඇතුළට අල්ලන්න පුළුවන් විදිහට. ලයිට් පත්තු වෙන්නේ කාබයිට් ගෑස් කරලා. ඒකට කාබයිට් සහ වතුර දාන්න වෙනමම ටැංකියක් ලයිට් එකට උඩින් තියෙනවා. මේකේ අංකයත් තනි අංකයේ එකක් ක්‍9276 දමිඳු එක හුස්මට කියාගෙන ගියේය.

දමිඳුගේ මේ අපූරු වාහනයට යාපන වැසියෝ බොහෝ ආකර්ෂණය විය. පැරැණි මොටෝ සයිකල් රසවිඳීමට ඔවුනට භාෂාව බාධාවක් නොවූයේය. කෙටියෙන් කිවහොත් උතුරු දකුණු භාෂා ප්‍රශ්නය අන් මොනවාට තිබුණත් පැරැණි මොටෝ සයිකල්වලට නම් ඇත්තේම නැති ගානය. ගමනේ සොඳුරුම රාත්‍රිය පිරිස ගෙවා දමන්නේ මන්නාරමේ ‘කීරි බීච්’ එකේය. ඒ ගමනේ තොරතුරු අපට කියන්නේ දමිඳුගේ බිරිය දිවංකා කළුවැල්ලය. ‘අපි යාපනයෙන් පිටත්වෙලා මන්නාරමට ආවා. කීරී බීච් එකේ කෑම්පින් නයිට් එක ජීවිතේට අමතක වෙන්නේ නෑ. කූඩාරම් ගහගෙන, රල බිඳෙන හඬ ඇහෙන මානයේ ගිනිමැලයක උණුසුම… එකකට ‍එකක් නොදෙවෙනි රස කතා… ඒක කියන්න නම් වචන නෑ….’ දිවංකා එකී ආනන්දනීය අත්දැකීම හැකිතාක් කෙටියෙන් අප ඉදිරියේ කියා දැම්මාය.

මන්නාරමින් නික්මෙන පිරිසේ අරමුණ විල්පත්තුව හරහා අනුරාධපුරයට ඒමය. එහෙත් නඩු කටයුත්තක් නිසා ඒ මාර්ගය වසා ඇති බැවින් අන් මඟකින් අනුරාධපුරයට එන්නට ඔවුනට සිදුවන්නේය.

‘මේ ගමනේදී එක බයික් එකක රෝදයක රේසර් එකක් හිරවෙන්න ගත්තා. ඒ වගේ පළාතක ඒක ඇත්තටම අභියෝගයක්. ඉතින් අනුරාධපුරේ ඉන්නවනේ අපේ අනිත් සගයා විශ්වජිත්, අපි එයාට දැන්වූවා අපිට රේසර් එකක් ඕනෙ කරන විත්තිය. අපි අනුරාධපුරේට එනකොට එයා රේසර් එක විතරක් නෙවෙයි අපිට රෑ කෑමත් ලෑස්තිකරලා…’ දමිඳු පවසන්නේය. විශ්වජිත්ගේ සංග්‍රහ විඳ මොටෝ සයිකලයත් හදාගන්නා පිරිස රාත්‍රියේම කොළඹ බලා පිටත්වන්නේය.

‘එන ගමනේදී කිසිම කරදරයක් වුණේ නෑ. උදේ නමය දහය වෙනකොට අපි මොරටුවේ…’ කිලෝමීටර් 1,750ක් දුර ගිය සිය මොටෝ සයිකල් චාරිකාව ගැන කතාව දමිඳු නිමා කළේ එසේය.

SendShareShare
Previous Post

#GOTAGOHOME! මරික්කාර් පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)

Next Post

සජබෙ කෘත්‍යාධිකාරී මණ්ඩලය හදිසියේම රැස්වෙයි! (PHOTOS)

MORE NEWS

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News
Exclusive

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

Load More
ඔබත් විෂ කන්‍යාවක්ද?
Astrology

සල්ලි එන පාරවල් එක පිට එක වැහෙන ඊසාන දිග…! මෙන්න කඩන්නේ නැතුව ගොඩයන සරල පිළියම්…! Sri Lanka Latest News

”‍කොපමණ හරිහම්බ කළත් සතයක්වත් ඉතිරි වෙන්නේ නැහැ”‍, ”‍ගෙදරට සල්ලි ලැබෙන මාර්ග එක පාරටම වැහිලා යනවා”‍ - වර්තමානයේ බොහෝ දෙනෙක් පවසන...

Read more
කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.