ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ආණ්ඩුව ගෙන ආ සංශෝධන සම්බන්ධයෙන් ජන්දයක් ඉල්ලීමට විපක්ෂය කටයුතු කර ඇත.
ඒ අනුව අනුර කුමාර දිසානායක සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් විසින් මෙම ජන්දය ඉල්ලීමේ යෝජනාව ඉදිරිපත් කොට තිබේ.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධූරවලින් නෙරපා හැරීමෙන් පසු ආණ්ඩුව පළමු වතාවට පාර්ලිමේන්තුව ඇතුළේ ජන්දයකට මුහුණ දෙන්නේ අද දිනයේදීය.










