• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ ඉස්කෝලෙ ළමයි මේ උපකරණ දැකලාවත් තිබ්බේ නෑ! ඔබට ස්තූතියි විපක්ෂනායකතුමනි! සජිත් තවත් ගම්බද පාසලකට ඩිජිටල් උපකරණ සමග සුහුරු පන්තියක් ලබා දෙයි! (PHOTOS & VIDEO)

March 20, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
අපේ ඉස්කෝලෙ ළමයි මේ උපකරණ දැකලාවත් තිබ්බේ නෑ! ඔබට ස්තූතියි විපක්ෂනායකතුමනි! සජිත් තවත් ගම්බද පාසලකට ඩිජිටල් උපකරණ සමග සුහුරු පන්තියක් ලබා දෙයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

කැප කිරීම තුලින් ආදර්ශය ලබා දිය යුත්තේ පාලකයා බවත් එසේ නොමැතිව ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලා සිටීම කිසිසේත් නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රටේ අර්බුදයෙන් ගොඩ එන්නට ඇති මගක් වන්නේ ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණය මෙන්ම ඒ ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළක් බවද විපක්ෂ නායකතුමා පැවසීය.

අකුරැස්ස බෝපිටිය විමලවංශ කනිෂ්ඨ විද්‍යාලයට ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ ඇතුලත් සුහුරු පන්ති කාමරයක් නිර්මාණය කිරීමේ සක්වල වැඩසටහනට අද(18) එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල වැඩසටහන මේ වන විට දිවයින පුරා අදියර මට්ටමින් ක්‍රියාත්මක වේ.

සක්වල වැඩසටහන ඉතාමත් වැදගත් කාලෝචිත රටට අගයක් එකතු කරන බුද්ධිමත් ජන සමාජයක් නිර්මාණය කිරීම උදෙසා ඉවහල් වන ප්‍රායෝගික වැඩපිළිවෙළක් බව පැවසූ විපක්ෂ නායකතුමා මේ වෙනතෙක් ප්‍රජාත්‍රන්තවාදී විපක්ෂයක් රට සංවර්ධනය කිරීමේ වැඩසටහන් සිදුකළ ඉතිහාසයක් සොයාගත නොහැකි බවද පැවසීය.

“අපි රටක් හැටියට ලොකු අමාරු තත්ත්වයකට වැටිලා ඉන්නේ. වර්තමාන ආණ්ඩුවේ නොහැකියාව, උද්දච්චකම, කුහකකම තුළ අද රට විනාශ මුඛය කරා යනවා. රටේ ඩොලර් සංචිතය පතුළටම බැහැලා. විෂම චක්‍රයක් නිර්මාණය වෙලා. බදු සහන දීපු නිසා බදු ආදායම අඩු වුණා. අපිට රටක් හැටියට බෑ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොලට ගිහිල්ලා අඩු පොලියට ඩොලර් ණයක් ගන්න.

මේ තත්ත්වය තුළ තෙල් ටික ගෙන්න ගන්න ඩොලර් නැහැ. තෙල් නැති උනාම විදුලිය කැපෙනවා. විදුලිය කැපෙන කොට කර්මාන්තශාලාවල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. කර්මාන්තශාලාවල ක්‍රියාකාරීත්වය අඩු වෙනකොට අපනයන භාණ්ඩ නිපදවීම අපේ රටේ අවම වෙනවා. එතකොට අපනයන වෙළදපොලෙන් අපෙන් ඉල්ලපු නිෂ්පාදන භාණ්ඩ කලට වේලාවට අපට සපයන්න බැරි කොට අපනයන වෙළෙඳ පොළවල් අපිට අහිමි වෙනවා.

අපනයන අඩු වෙනකොට ඩොලර් නැති වෙනවා. මෙන්න විෂම චක්‍රය. මේ විෂම චක්‍රය අද රටේ විෂ චක්‍රය බවට පත්වෙලා. මේකට විසඳුමක් තියෙනවා. කැපකිරීම පටන් ගන්න ඕනේ පාලකයාගෙන්. ආදර්ශමත් පරමාදර්ශී චරිත වෙන්නට ඕන” යයිද විපක්ෂ නායකතුමා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් සිසුවියක් සදහන් කර සිටියේ පාසලේ දරුවන් මෙතෙක් මෙවැනි උපකරණ දැක හෝ නොතිබූ බවකි.

SendShareShare
Previous Post

ලාෆ්ස් ගෑස් සිලින්ඩරය 4199ට නගී! ලිට්‍රෝත් 2000ක වැඩිවීමක් ඉල්ලයි!

Next Post

ගෑසුත් වැඩිවුණා! කිරිපිටිත් වැඩිවුණා! අද ඉඳන් ටී එක 100යි! පුලුවන්නම් බොන්න!

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper