ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා ද ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා වැඩි කිරිමට සිදුව ඇතැයි කිරිපිටි ආනයනකරුවෝ පවසති.
පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත පසුගිය 7 වැනි දා කළ දැනුම් දිමට අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 600කින් හා ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 260 ඉහළ යනු ඇතැයි ද ඔවුහු කියති.
ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි කිලෝවක මිල ඩොලර් 2.80 සිට ඩොලර් 5.30 දක්වා ඉහළ යාම සහ ඇමෙරිකා ඩොලරයක වටිනාකම රුපියල් 202 සිට රුපියල් 280 දක්වා වැඩිවීම හේතුවෙන් ආයනයන කිරිපිරි මිල වැඩිකිරීමට සිදුව ඇතැයි එම සමාගම් කියයි.










