මේ මස අවසානයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා තීරණය කොට ඇත.
වෙනදා ඉන්දීය අගමැතිවරයා කටුනායකින් ලංකාවට පැමිණියත්, ඉන්දීය අගමැතිවරයා මෙවර තීන්දු කර ඇත්තේ යාපනයෙන් ලංකාවට ඇතුළු වීමටය.
මෙම සංචාරයේදී පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටද ඉන්දීය අගමැතිවරයා සැලසුම් කර ඇති බවක් දැනගන්නට තිබේ.
මීට පෙර යහපාලන ආණ්ඩු සමයේදීද ඉන්දීය අගමැතිවරයා ලංකාවට පැමිණ පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කර තිබුණත් එවක ඒකාබද්ධ විපක්ෂය දැක්වූ විරෝධතා හේතුකොට ගෙන එය අත්හිටුවීමට ඉන්දීය අගමැතිවරයාට සිදුව තිබිණි.










