අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව මිනිත්තු 5කට සීමා වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු, දිනේෂ් ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම සහභාගී වී ඇති අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඊට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහභාගී වී ඇත.
කෙසේවෙතත් ශ්‍රීලනිප මැතිඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ඊට සහභාගී වීම සදහා පැමිණෙද්දී සාකච්ජාව අවසන් වී තිබී ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ කිසිවකුත් ඊට සහභාගී වී සිටියේ නැත.










