එක් එක්කෙනාගේ කතාවලට බැසිල් රාජපක්ෂ මහතා ඉවත් කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයින පුවත්පත සමග පවසා තිබේ.
අමාත්‍යවරයෙකු අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමේ තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා බව පවසා ඇති අග්‍රාමාත්‍යවරයා, ඇතැම් මන්ත්‍රීවරු, පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීම සදහා අමාත්‍යවරු අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට යෝජනා කරන බවත්, මේ මොහොතේ කළ යුත්තේ රට තුළ ඇති වී තිබෙන තත්ත්වය විසදීම සදහා රජයට සහාය වීම බවත් අගමැතිවරයා යෝජනා කරයි.
රට මේ තරම් දරුණු ආර්ථික ගැටළු රැසකට මුහුණ දීම ආරම්භ වූවේ, බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වීමෙන් පසුව බවට ජනතාව අතර මතයක් ඇති බවත්, එබැවින් කළ යුතුව ඇත්තේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
උන්වහන්සේ පවසා තිබුණේ, සාපය බැසිල් බවට මතයක් ජනතාව අතර පවතින බැවින්, එය සැබෑවක්ද නැද්ද යන්න ඔප්පු කර පෙන්වීම බැසිල් රාජපක්ෂ මහතාගේ වගකීමක් බවයි.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අමතරව, පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් නෙරපා හරින ලද විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ද බැසිල් රාජපක්ෂ වහා අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවත්, ඉන් නොනැවතී ඔහු රටින් ද පලවා හැරිය යුතු බවත් ප්‍රකාශ කරයි.










