• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යල කන්නයටත් කාබනික පොහොර දෙන්න ජනපති සූදානම් වෙයි! අද වගකිවයුත්තන් එක්ක සාකච්ජාවකුත් තියයි!

March 15, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
යල කන්නයටත් කාබනික පොහොර දෙන්න ජනපති සූදානම් වෙයි! අද වගකිවයුත්තන් එක්ක සාකච්ජාවකුත් තියයි!
Share on WhatsAppShare on Facebook

මහ කන්නයේදී කාබනික පොහොර නිවැරදි ලෙස භාවිතා කළ ගොවීන් ඉහළ අස්වැන්නක් ගෙන තිබේ. ඊට යොමු නො වූ ගොවීන් ද නිසි ලෙස දැනුවත් කර සිදු වූ අඩුපාඩු මඟහරවා ගැනීමෙන් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ ජය ගත හැකි බව දිස්ත්‍රික් ලේකම්වරු කියති.

යල කන්නය සඳහා කාබනික පොහොර බෙදාහැරීමට ඇති සූදානම සම්බන්ධයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කෙරිණ.

මහ කන්නයේදී ලත් අත්දැකීම් පාදක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදකයින් 48දෙනෙකු තෝරාගෙන පොහොර බෙදාහැරීමේ කටයුතු සැලසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙන්වා දෙනු ලැබී ය.

අනාගත දරු පරපුර වෙනුවෙන් වස විසෙන් තොර ආහාර වේලක් ලබා දීම අරමුණු කර ගනිමින් හරිත කෘෂිකර්මාන්ත වැඩසටහන ඇරඹිණ.

රසායනික පොහොර සහ වල්නාශකවලට හුරු වූ ගොවීන් කාබනික වගාවට යොමු කිරීම අභියෝගාත්මක කර්තව්‍යයකි.

එහෙත් සියලු ම මට්ටමේ නිලධාරීන් දැඩි උනන්දුවකින්, විශ්වාසයකින් හා කැපවීමෙන් වැඩ කර සාර්ථක ප්‍රතිඵල පෙන්විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරයි.

ගොවීන් නිසි ලෙස දැනුවත් කිරීම, නිසි වේලාවට ප්‍රමිතියෙන් ඉහළ පොහොර ලබා දීම සිදු විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පැවති ඇතැම් රජයන්ට කෘෂිකර්මාන්තය පිළිබඳ විශ්වාසයක් නො තිබිණ. පාරම්පරික කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව ඉන් ස්වයංපෝෂිත කර, ගොවියා ශක්තිමත් කිරීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිතුමා පැවසීය.

කාබනික පොහොර නිෂ්පාදනයට සම්බන්ධ වී සිටින සියලු නිෂ්පාදන ආයතන දීර්ඝ කාලයක් පර්යේෂණ සිදු කර වගා කටයුතු සඳහා යොමු ව සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන සිටියි.

ඔවුන්ගේ දැනුම හා ඉහළ ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ගොවි ජනතාව අතට පත් කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත හැකි බව තමාට විශ්වාස යැයි ද ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබී ය.

සතියකට දෙවතාවක් දිසාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පොහොර කමිටුවට රැස්වීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොහොර නිෂ්පාදකයින් සතුව විශාල වගකීමක් පවතින බව පැවසීය.

දිස්ත්‍රික්ක රැසක ගොවීහු මහ කන්නයේදී කාබනික පොහොර යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන ඇති බව පොහොර නිෂ්පාදන ආයතනවල පර්යේෂකයෝ ද පෙන්වා දුන්හ.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු හා පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීහු, පොහොර නිෂ්පාදන ආයතන ප්‍රධානීහු ජනාධිපති කාර්යාලයට රැස් වූ අතර සියලු ම දිස්ත්‍රික් ලේකම්වරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක් වූහ.

SendShareShare
Previous Post

බවුසර් තෙල් අරන් යන එක අද රෑ සිට නවත්වයි! හෙට ඉඳන් ආපහු තෙල් නැති වන ලකුණු!

Next Post

විසිල් විතරයි බල්ටි නෑ! විමලුයි උදයයි ආණ්ඩුව ඇතුළේ කැරකි කැරකි ඉන්නවා! ඔහෙ එළියට ආපු එකක් නෑ (VIDEO)

MORE NEWS

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

Load More
ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ සන්නාමයක් වන 'බැසිලර් ටී’ (Basilur Tea), ජාත්‍යන්තර තේ දිනය සමරමින් ‘රූට්ස් ඔෆ් සිලෝන්’ (Roots of Ceylon)...

Read more
ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.