ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ අරමුණින් යුතුව දැවැන්ත ඩිජිටල් මෙහෙයුමක් ආණ්ඩුවේ පාර්ශවයෙන් ආරම්භ වී තිබේ.
මෙම මෙහෙයුම ‘අපි ගෝඨා සමගයි’ යනුවෙන් නම් කොට ඇත.
පහත දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ සමීපතමයකු ලෙස සැලකෙන මිලින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ ඒ පිළිබද තබා තිබූ සටහනය.
ඒ අනුව අවශ්‍ය අයකුට එම දිගුව වෙත ගොස් තම මතය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී.










