• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඩලස් ඇමැතිතුමා දැක්ක මුවන් තුන්දෙනයි හයිනො රංචුවයි කව්ද? (VIDEO)

March 14, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
බොරු කියන්න එපා ඇත්ත කියන්න! ඩලස් ඇමැති මණ්ඩලයට අනතුරු අඟවයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඩලස් අලහප්පෙරුම කියලා කියන්නේ පහුගිය කාලෙ ලංකාවෙ ඉතාම ප්‍රකට දේශපාලකයෙක්. එතුමා රටේ තියෙන ප්‍රධාන තනතුරු කිහිපයක්ම දරපු කෙනෙක්. මේ වෙලාවෙ මාධ්‍ය සම්බන්ධව මූලිකත්වය අරගෙන ජනමාධ්‍ය අමාත්‍යවරයාව ඉන්නෙත් එතුමා. හොඳ මාධ්‍යවේදියෙක් වගේම දේශපාලන පරිචයක් තියෙන මනුස්සයෙක් විදියට ඩලස් අලහප්පෙරුම මහත්තයව බොහෝ දෙනෙක් හඳුන්වනවා. සාමාන්‍යයෙන් දේශපාලනය ඇතුළේ, දේශපාලන මඩගොහොරුවේ ඩලස් කියන මනුස්සයා එහෙමටම මඩ ගාගෙන තියෙනවා අපි දැකලා නෑ. කාගෙත් ඉතින් වැරැදි අඩුපාඩු තියෙනවනෙ. එහෙම තියෙද්දි ඩලස් අලහප්පෙරුම මහත්තයා ගැන අපට එහෙම කියන්න තරම් වරදකුත් නෑ. හොඳ කලාකාමියෙක්. කලාවට සම්බන්ධ කෙනෙක්. කලක් හිටපු මාධ්‍යවේදියෙක්. ඒ නිසා ඩලස් කියලා කියන්නේ අපි කවුරුත් යම් තරමකට ආදරේ කරන මනුස්සයෙක්.

ඩලස් අලහප්පෙරුම මහත්තයා පහුගිය දවසක එයාගෙ ෆේස්බුක් එකේ අපූරු වීඩියෝවක් පළ කරලා තිබුණා. ඒ වීඩියෝව බැලුවට පස්සේ අපට හිතුණා ඒ ගැන ටිකක් කතා කළොත් හොඳයි කියලා. ඒක දාලා තිබුණේ ‘වැරැදි වෙලාවක වුණත් හරියට ඉන්න’ කියලා. මේ වැරැදි වෙලාවෙ හරියට ඉන්න කට්ටිය තුන්දෙනෙක්. ඒ තුන්දෙනාගෙ වටේ ඉන්න අය දරුණු විදියට පහරදෙන්න උත්සාහ කරනවා. සමහරු බලාගෙන ඉන්නේ මේ තුන්දෙනා වැටෙනකම්. මේ තුන්දෙනා නොවැටී ඉන්න උත්සාහ කරනවා. ඒක ජීවිතයත් මරණයත් අතර සටනක්. හැබැයි මේ සටන අර තුන්දෙනා පහසුවෙන් නැතත් ඉතා අපහසුවෙන් වුණත් ජයග්‍රහණය කරනවා. ඒ කියන්නේ අපිට පේන විදියට. අපි දන්නෙ නෑ ඇත්තටම මේ වීඩියෝව අරගෙන අවසන් වුණාට පස්සේ මොනව වුණාද කියලා. මොකද මේ කතාවෙ මේ පින්තූරෙ අපට පේන්නෙ ටිකයි. මේ පින්තූරෙ අපි නොදකින, අපට නොපෙනෙන බොහෝ දේ තියෙනවා කියලා අපට තේරෙනවා. මොකද බොහෝ තැන්වලදි අපි මේ සාමාන්‍ය මිනිස්සු විදියට දකින්නේ කැමරාවෙන් පේන දේවල් විතරනෙ. තිරෙන් පිටිපස්සේ කැමරාවට නොපෙනෙන හරියෙ බොහෝ දේ සිද්ධ වෙනවා. ඒවා වාර්තා වෙන්නෙ නෑ. ඒවා කවුරුවත් කියන්නෙත් නෑ. කොහෙන්වත් මතුවෙන්නෙත් නෑ. කොහොම නමුත් මේ වීඩියෝව ගැන කතා කරනකොට අපට දැනෙන්නේ මේ වීඩියෝවෙ නම් ඉන්නෙ ඇත්තටම මුවො තුන්දෙනෙක් සහ හයිනාවො රංචුවක්. මේ මුවො තුන්දෙනා කවුද, හයිනාවො කවුද කියන එක සමාජ ජාලවල මේ කතන්දරේ පළවුණාට පස්සේ සමහර අය අදහස් දක්වල තියෙනවා අපි දැක්කා. සමහරු කියනවා මේ මුවො තුන්දෙනා තමයි විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර කියන මහත්තුරු කියලා. ඒගොල්ලන්ගෙන් දෙන්නෙක් දැන් හිටපු අමාත්‍යවරු. වාසුදේව මහත්තයා විතරයි අමාත්‍යවරයෙක් විදියට ඉන්නේ.

එතකොට කවුද මේ හයිනාවො? ඒක ඔබ හිතාගන්න ඕනෙ. එතකොට වැරැදි වෙලාවක වුණත් හරි විදියට ඉන්න කියන එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? සමහරු කියනවා මුවො තුන්දෙනා ගැන නෙවෙයි මේ කියන්නේ, තමන්ගෙ දේශපාලන මිත්‍රයො තුන්දෙනා ගැන කියලා. හැබැයි ඉතින් ඒවා අපට පැහැදිලි නෑ. මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම සාමාන්‍ය එකක්. කිසිම හේතුවක් නැතුව පළකරපු එකක්ද දන්නෙත් නෑ. ඒ කියන්නේ ජොලියට වගේ. කොහොම නමුත් මේ වීඩියෝව ෆේස්බුක් එකෙන් පැය කිහිපයක් යන්න කලින් ඉවත් කළා කියලා තමයි ඩලස් අලහප්පෙරුම කියන්නේ. හැබැයි ඉතින් මේ වීඩියෝව සහ ෆේස්බුක් එකේ තියෙන නීති රීති ගැන හොඳින්ම දන්න අය විදියට අපට තේරෙනවා ෆේස්බුක් එකට මේ වීඩියෝව ඉවත් කරන්න තරම් හේතුවක් නෑ. මොකද මේකෙ කිසිම අමානුෂික දෙයක්, ලිංගිකත්වය හුවාදක්වන දෙයක්, ඝාතනයක්, ලේ වැගිරීමක්වත් නෑ. ඒකෙ තියෙන්නේ හයිනාවො මුවන්ට කුරුමානම් අල්ලන එක විතරයි. හැබැයි මේකෙ ඔරිජිනල් කතාව ඒක නෙවෙයි නම්, අපේ රටේ තියෙන දේශපාලන ප්‍රවාහය තුළ තියෙන ගේම් එකක් නම් මේක ටිකක් භයානකයි.

මොකද හයිනාවො කියලා කියන්නේ කොයි වෙලාවෙ හරි මුවන්ව මරලා දාන සත්තු. මුවො තුන්දෙනා මෙතැනින් බේරුණාට හයිනාවො රංචුවට මේ මුවන්ව මරාගන්න එක සම්බන්ධයෙන් තියෙන අදහස අයින් වෙලා නෑ. අවාසනාවකට ඔය පළමුවැනි දවසෙ හයිනාවන්ට මුවන්ගෙ ළඟට එන්න තරම් ආත්මශක්තියක් නෑ. මුවෝ කියලා කියන්නේ අහිංසක සත්තු. මුවන්ට පහර දීමේ හැකියාවක් නෑ. හැබැයි මුවන්ගෙ ඔළුවෙ අං තට්ටුවක් තියෙනවා. ඒවයින් උන් පහර දෙනවා. උන් පහරදීගන්නෙ තම තමන්ට. හරියට අපේ රටේ මිනිස්සු වගේ. මේ කතන්දරය අපි දැක්ක හින්දා අපි ලිව්වා. මොකද ඩලස් අලහප්පෙරුම මැතිතුමා තමයි හරියටම දන්නේ මොකක්ද මේ සිදුවීම කියලා. සමහර වෙලාවට මේක ඇතුළේ අපි නොදන්න දෙයක් තියෙනවද දන්නෙ නෑ. ඒවා ඉතින් අපට වැඩකුත් නෑ. හයිනාවො අපට අදළ නෑනෙ. මොකද ලංකාවෙ හයිනාවො නෑ. ඒ ජාතියෙ මුවොත් නෑ. වනාන්තරත් නෑ. හැබැයි ඉතින් වීඩියෝව ගැළෙව්වේ කවුද, වීඩියෝවෙ කතාව මොකක්ද කියන එක ගැන අපට කියන්න හිතුණා. මේ වීඩියෝවෙ ඉන්නවා තුන්දෙනෙක්. ඒ තුන්දෙනාව විනාශ කරන්න එනවා රංචුවක්. කවුද මේ තුන්දෙනා, කවුද මේ රංචුව. ඕක දන්නෙ ඉතින් එතුමාම තමයි. සමහර විට එතුමා මේ කොහෙ හරි යන එන ගමන් යන එනකොට දැකපු වීඩියෝවක් දාලා, පස්සෙ හිතුණද දන්නෙ නෑනෙ මේවා මේ වෙලාවෙ දාන්න හොඳ නෑ කියලා. කොහොම නමුත් අපූරු දෙයක්. කැලේට සත්තුන්ට ආදරේ කරන එක හොඳ දෙයක්. ඒගොල්ලො ගැන හොයන එක දැනගන්න එක, විස්තර කතා කරන එක ඊටත් වඩා හොඳ දෙයක්. ඒ නිසා වීඩියෝව නම් ෂෝක්. හොයාගන්න ඕනෙ කෙනෙක් ඉන්නවා නම් අපි කියන්නම් හොයාගන්න විදිය. මොකද ඉතා ඉක්මනට මේ ගැන කියවන්න මේවා ගැන දැනගන්න ඔබට පුළුවන්. ඉතින් බලමු මොකක්ද මේ හයිනාවන්ගෙ සහ මුවන්ගෙ කතාව කියලා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විපක්ෂ නායක සජිත් ෆේස්බුක් එකෙන් රටේ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි!

Next Post

සජිත් රෑ 9.30ට ජ්‍යෙෂ්ඨයන්ගේ හදිසි සාකච්ජාවක් කැඳවයි! උද්ඝෝෂණය ගැන අවසන් තීන්දු තීරණ රැසක් ගන්න නියමිතයි!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

අප රටේ පවතින දැවැන්ත ආර්ථික අවදානමට තවත් බරපතල තත්ත්වයක් එකතු වන බවත් මේ වන විට ප්‍රවෘත්තිවල ජනාධිපතිවරයා, ඇමතිවරු ආදී සෑම...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.