• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොදු හතුරා බැසිල්! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

March 13, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
පොදු හතුරා බැසිල්! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

2004 අවුරුද්ද වෙනකොට විමල් හිටියේ දැඩි මහින්ද විරෝධියකු වශයෙන්ය. ඒ කාලයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා සහ චන්ද්‍රිකාගේ අගසව්වකු වූ මංගල මහින්දට ගහන්න පාවිච්චි කළේ විමල්වය. මේ ගැහිල්ල කොච්චර දුරදිග ගියාද කියනවා නම් 2001 රනිල්ගේ ආණ්ඩු කාලයේ ශ්‍රීලනිපය ඇතුළෙන් මහින්දට විපක්ෂ නායකකම දිය යුතු බවට දැඩි මතයක් නැගගෙන එද්දී මහින්දට විපක්ෂ නායකකම නොදෙන්න විමල් පාර්ලිමේන්තුව ඇතුළේ ලොකු මෙහෙයුමක් දියත් කළේය.

‘මහින්ද කරන්නේ රනිල් කියන දේ. මහින්ද රනිල්ගෙ කොන්ත්‍රාත්කාරයෙක්. මහින්ද විපක්ෂ නායක කළොත් රනිල්ට ගේමක් නැතුව ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්…’ විමලුත්, ජවිපෙත් එදා මහින්දට පාර්ලිමේන්තුව ඇතුළෙත්, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ගැහුවේ එහෙම කතා කියමින්ය.

ඊළඟට 2004 මහ ඡන්දයෙන් පසු රනිල් පරාජය වී ශ්‍රීලනිපය බලය ගත් විට අගමැතිකම දිය යුත්තේ කාටදැයි පක්ෂය ඇතුළේ විශාල මත ගැටුමක් හටගත්තේය. ඒ වෙලාවේ ශ්‍රීලනිපය ඇතුළෙන් නම් දෙක තුනක්ම එළියට ආවත් බොහෝ අය කියා සිටියේ මහින්දට අගමැතිකම දියයුතු යැයි කියාය. නමුත් විමල් සිටියේ ඊට දැඩි විරෝධය පළකරමින්ය. විමල් පමණක් නොව ජවිපෙ පවා එම ස්ථාවරයට ගෙන ඒමට විමල් සමත් විය. ඒ නිසා අවසානයේදී මහින්දට අගමැතිකම නොදිය යුතු බවට ලියුමක් පවා ජවිපෙ චන්ද්‍රිකාට යැව්වේ විමල්ගේ බලපෑම පිටය.

මෙහෙම දෙපැත්තට වෙලා ගහමරා ගත්ත මහින්දවයි, විමල්වයි එකට එකතු කළේ වෙන කවුරුවත් නොව බැසිල්ය. ඒ, ජවිපෙ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ඉවත් වී අලුත් නායකත්වයක් හොය හොයා ඉන්න වෙලාවේදීය. ඒ අනුව 2005 ජනාධිපතිවරණයට මහින්ද අපේක්ෂකයා වශයෙන් පත්කරලීම සඳහා බැසිල් ගහපු ගේමට සහාය ගන්න බැසිල් එක්කගෙන ආවේ විමල්වය.

මහින්දත් ඒ වෙද්දී විමල් එක්ක හිටියේ නයි වෛරයකින්ය. මොකද විමල් ශ්‍රීලනිපයේ, චන්ද්‍රිකාලාගේ, මංගලලාගේ හයිය අරගෙන මහින්දට ගහද්දී මහින්ද කළේ යූ.ඇන්.පී. එකට හිතවත්ව තිබුණු මාධ්‍ය අල්ලාගෙන විමල්ගේ රෙදි ගැළවීමය. ඒ නිසා ඒ වෙද්දී මහින්දත් විමලුත් හිටියේ පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ හමු වුවත් අහක බලාගෙන යන තැනකය. හැබැයි මේ නයි වෛරය අයින් කරලා විමල්ව සදාකාලිකවම දේශපාලන වශයෙන් බැසිල් මහින්දට පූට්ටු කිරීමට සමත් විය. ඒක කොච්චර හොඳට බැසිල් කළාද කියනවා නම් 2008 මහින්ද අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට එජාපය ජවිපෙ සමග එකතුවී එය පරාජයට පත්කිරීමට සියලු සැලසුම් සකස් කර තිබුණත්, අන්තිම මොහොතේ විමල් ඇතුළු කණ්ඩායමක් ජවිපෙන් කඩලා එළියට අරගෙන බැසිල් මහින්ද ගාවට අරගෙන ඒමට සමත් විය. ඒ විදියට බලද්දී ඒ කාලේ විමල්ගේ දේශපාලන ගමන් සගයා බවට පත්වී සිටියේ වෙන කවුරුවත් නොව බැසිල්ය.

මහින්දගේ ආණ්ඩුව කාලේ විමල් වගේම චම්පිකලාත් මහින්දත් එක්ක එකට වැඩ කළහ. චම්පිකලත් ඒ කාලයේ මහින්දගේ ආණ්ඩුවේ ප්‍රබල චරිත බවට පත්ව සිටියහ. හැබැයි ආණ්ඩුව සමර තැන්වල වැරැදි පාරේ යද්දී විමල් වගේම චම්පිකලාත් ආණ්ඩුවට තැන නොතැන නොබලා දිගට හරහට ගන්න කටයුතු කළහ. මහින්දටත් දැඩි ලෙස ප්‍රහාර එල්ල කළහ. මේ නිසා බොහෝ දෙනා සිතුවේ විමල්ලා චම්පිකලා ආණ්ඩුවත් කඩාගෙන මහින්දත් එක්ක තරහවී එළියට යයි කියාය. ඒ හිතුවා වගේම චම්පික, ගම්මන්පිල ආණ්ඩුවෙන් එළියට බැස්සත්, විමල් ආණ්ඩුවෙන් ගියේ නැත. ආණ්ඩුවෙන් එළියට බැස්ස චම්පිකත් ගම්මන්පිලත් මහින්දගේ පතුරු යවන්න කටයුතු කළහ. පසුව ගම්මන්පිල, චම්පිකව අතහැර යළිත් මහින්දට එක්වී දිගටම මහින්දත් එක්ක දේශපාලනය කරගෙන ආවේය.

මේ විදියටම 2005 වෙන කන්ම මංගලත් ශ්‍රීපතිත් හිටියේ මහින්දගේ පරම හතුරන් විදියටය. හැබැයි 2005දී බැසිල් මේ විදියටම මංගලත් ශ්‍රීපතිවත් මහින්ද ළඟට අරගෙන ඇවිත් ඔවුන් මහින්දගේ මිතුරන් බවට පත් කරන්නට පියවර ගත්තේය. පසුගිය මහින්ද ජනාධිපති වී කොටිත් එක්ක යුද්ධ කරන්න පටන්ගත් විට මංගලත් ශ්‍රීපතිත් වෙන පාරක යන්න ලෑස්ති වෙන බව බැසිල් කල් තියාම දැක්කේය. ඒ නිසාම යුද ජයග්‍රහණයට මොවුන් දෙදෙනා විශාල තර්ජනයක් විය හැකි ආකාරය බැසිල් කල් තියාම දැක්කේය. ඒ නිසා බැසිල් මහින්දට කීවේ මොන තරම් දක්ෂයන් වුණත්, මොන තරම් ප්‍රබලයන් වුණත් යුද්ධය ජයග්‍රහණය කිරීමට නම් මංගලවත්, ශ්‍රීපතිවත් ආණ්ඩුවෙන් පැන්නිය යුතු යැයි කියාය. එසේ කොට ආණ්ඩුව ස්ථාවරව තබාගත යුතු යැයි කියාය. ඒ විදියට මංගලවත්, ශ්‍රීපතිවත් ආණ්ඩුවෙන් පැන්නූ බැසිල් ඒ අඩුව මඟහරවා ගන්නට එකවර යූ.ඇන්.පී.යෙන් කඩා ආණ්ඩුවට ගැනීමට කටයුතු කළේය.

අද රටේ තියෙන්නේ එදා මහින්ද යුද්ධය කළාටත් වඩා අති දරුණු යුද්ධයක පැටලිලාය. ඒ ප්‍රශ්න විසඳගන්න නම් පළමුවෙන්ම ආණ්ඩුව ස්ථාවර විය යුතුය. දෙවැනුව විදේශ ආයෝජන සහ විදේශ ආධාර රට ඇතුළට ගලා ආ යුතුය. නමුත් විමල් සහ ගම්මන්පිල ආණ්ඩුව ඇතුළේ සිටින තාක් මේ දෙකම සිදු නොවන බව බැසිල් හොඳ හැටි දැක්කේය. ඒ නිසාම එදා මංගල සහ ශ්‍රීපති ගැන ගත් තීන්දුවම මෙදා විමල් සහ ගම්මන්පිල සම්බන්ධයෙන්ද ගත යුතු බව බැසිල් මුල සිටම කීවේය.

අනෙක දේශපාලනය කරද්දී ‘සදාකාලික හතුරොත් නෑ, සදාකාලික මිතුරොත් නෑ’ යැයි කියමනක් තිබේ. විමල් කලකදී මහින්දගේ හතුරෙක් වුණාට පසුව හොඳ මිතුරෙක් විය. මංගල ශ්‍රීපතිත් කලක් මහින්දගේ තරහකාරයො වුණාට පසුව මිතුරන් බවට පත්විය. ඊළඟට නැවතත් තරහ විය. උදයලා මුලින් මහින්දත් එක්ක තරහා වී සිට පසුව මහින්දත් එක්ක කරට අත දාගෙන වැඩ කළහ.
හැබැයි බැසිල් එහෙම නැත. මහින්ද දේශපාලනයේ ‘අ’යන්න ‘ආ’යන්න කියද්දී බැසිල් මහින්දගේ පිටුපස සිටියේය. මහින්දව මුලින්ම විපක්ෂ නායක කරන සටනේ මහින්දගේ පිටුපසින් සිටියේය. මහින්ද ජනාධිපති අපේක්ෂකයා කරන සටනේ පිටුපසින් සිටියේය. මහින්දව ජනාධිපති කරන සටනේ පිටුපසින් සිටියේය. එපමණක් නොව ගෝඨාභය ජනාධිපති කරන සටනේ බැසිල් පිටුපසින් සිටියේය. කවදාවත් බැසිල් මහින්දටත් ගෝඨාටත් පිටුපසින් සිට හතුරුකම් කළේ නැත. ඒ නිසා කාගේත් පොදු සතුරා බවට පත්වූයේ බැසිල්ය. ඒ, තමන්ගේ සහෝදරයන් හතුරන්ගෙන් ආරක්ෂා කරන්න ගිහිල්ලාය. ඒ නිසාද විමල්ලා ගම්මන්පිලලා පමණක් නොව ආණ්ඩුව ඇතුළේ සිටින සමහරුන්ද විපක්ෂයේ සිටින සජබෙ සහ ජවිපෙ ගෙදර තියෙන මුව හමට තළනවා වගේ තළන්නේ බැසිල්ටය.

ඒකෙන් පේන්නේ වෙන මොකක්වත් නොව ගෝඨාටත්, මහින්දටත් තියෙන එකම හයිය බැසිල් කියන එකය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

සිලින්ඩරයක් 850කින් වැඩි කිරීමට ලිට්‍රෝ අවසර ඉල්ලයි!

Next Post

තෙලුත් නැතිව මිලත් වැඩි කොට ජනතාව නන්නත්තාර කළ තෙල් සංස්ථාව සියලුම සේවකයන්ට කෝටි 50ක බෝනස් දෙන්න තීන්දු කරයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.