විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඇමැතිකමෙන් සහ ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණය ගනු ලැබුවේ 2020 ඔක්තෝබර් මාසයේදී බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ 20 වන සංශෝධනය සම්මත කරගැනීම සදහා මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහාය ගත්තේ විමල් සහ උදය ආණ්ඩුවෙන් ඉවත් කරන බවට වූ පොරොන්දුව මත බවය.










