13 වතාවක් මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත.
මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා අවසන් වරට පසුගිය වසරේද දළදා පෙරහරේ කරඩුව වැඩමවීම සිදු කළේය.
මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.










