ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියානු ගමන තීන්දු වීමත් සමග පසුගිය කාලය පුරාම නිශ්ශබ්දව සිටි තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ. නායක වයිකෝ සහ ඩී.එම්.කේ. නායක එම්. කේ. ස්ටාලින් යළිත් වතාවක් ලංකාවට එරෙහිව සිය විරෝධතා ව්‍යාපාරය ආරම්භ කොට තිබේ.
ඒ අනුව වයිකෝ දකුණු ඉන්දීය පුවත්පත්වලට ප්‍රකාශ කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට එරෙහිව තම පක්ෂය විරෝධතා දක්වන බවකි.
මීට අමතරව ඩී.එම්.කේ. නායක එම්.කේ. ස්ටාලින් ප්‍රකාශ කර ඇත්තේ බහුතර දමිළ ජනතාවක් වෙසෙන උතුරු නැගෙනහිර ප්‍රදේශවලට සන්නද්ධ හමුදාව යෙදවීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් ඉන්දීය සංචාරය අතරතුරදී නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළ යුතු බවකි.










