කොළොන්නාවේ පිහිටි තම නිවස ඉදිරියේ කිසියම් පිරිසක් විසින් විරෝධතාවයක නිරතව සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.
ඇය සඳහන් කරන්නේ තමන් ඇතුළු කාන්තාවන් පිරසක් සිදුකරන ලද උද්ඝෝෂණයට විරුද්ධව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.
තමන් මේ මොහොතේ නිවසේ රැදී නොසිටින නමුත් තමන්ගේ දරුවන් තිදෙනා නිවසේ සිටින බවත් ඔවුන්ට හෝ නිවසේ දේපලවලට කිසියම් හානියක් සිදුවුවහොත් තමන් ඊට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය සදහන් කරයි.
එසේ වුවහොත් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ගොස් සිදුවූ මෙම හානිය සම්බන්ධයෙන් ජාත්‍යාන්තරයද දැනුවත් කරන බවත් ඊට ජනාධිපතිවරයාද වගකිවයුතු බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.










