ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අතර අද උදෑසන හමුවක් සිදුව ඇති බව ලංකාසීනිවුස් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.
අනුරාධපුර ප්‍රදේශයේ දී මෙම හමුව සිදු වී ඇත්තේ ප‍්‍රභූවරුන්ගේ නක්‍ෂත‍්‍ර කටයුතු සදහා ප‍්‍රසිද්ධියක් උසුලන ඥානක්කා නැමැත්තියගේ නිවෙසේදී බවද එම වෙබ් අඩවිය වාර්තා කොට ඇත.
කෙසේ වෙතත් මෙම හමුව අහඹු එකක් බවත්, එහිදී සිදුවූයේ සුහද කතා බහක් පමණක් බවත් එම වෙබ් අඩවිය වාර්තා කොට තිබේ..










