පසුගිය බ්‍රහස්පතින්දා (03) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ කැබිනට් සංශෝධනය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැඩි කලකිරීමට පත්ව සිටින බව වර්තා වේ.
ඊට හේතුවී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඒ මහතා ඉවත් කොට, වීරවංශ මහතා යටතේ තිබූ කර්මාන්ත අමාත්‍යාංශය ඒ මහතාට ලබාදීමට ජනාධිපතිවරයා ගෙන තිබූ තීන්දුවය.
ඊට දැඩි විරෝධය පළකොට ඇති ඒ මහතා කිසිදු ඇමැති තනතුරක් භාර නොගෙන මන්ත්‍රීවරයකු ලෙස සිටින බව එහිදී ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත දැනුම්දී ඇති බවද දැනගන්නට ඇත.
මේ විරෝධය හේතුකොට ගෙන අවසන් මොහොතේදී කර්මාන්ත අමාත්‍ය ධුරය එස්.බී. දිසානායක මහතාට ලබාදීමටත්, තවදුරටත් දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍ය ධුරයේම තැබීමටත් ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.










