විදේශ විනිමය අර්බුදය හේතුවෙන් නැවතත් වෙළෙඳ පොලේ ගෑස් හිගයක් මතුව තිබේ.
ලිත්‍රො හා ලාෆ් ගෑස් සමාගම් පවසන්නේ ගෑස් මිලදී ගැනීමට ණයවර ලිපි සදහා ඩොලර් නිකුත් නොකරන නිසා ගෑස් සැපයීම කළ නොහැකි තත්වයට පත්ව ඇති බවයි.
දැනට ලිට්රෝ ගෑස් නිකුත් කරන්නේ කර්මාන්ත ශාලා සහ ආදාහනාගාර සඳහා පමණක් බවද බව එම සමාගම කියයි.
ලාෆ් සමාගම පවසන්නේ තමන් සතුව නිකුත් කිරීමට ගෑස් නොග නැති බවයි.










