අද දින ජනාධිපතිවරයා සමග පොහොට්ටු මැතිඇමැතිවරුන් පමණක් පැවැත්වූ විශේෂ සාකච්ජාවේදී වීමල් වීරවංශ මහතා ඇතුලු කණ්ඩායම සම්බන්ධයෙන් මත දෙකක් මතුව ඇති බව වාර්තා වේ.
එහිදී එක් පාර්ශ්වයක් විමල් ඇතුලු කැරලිකාර කණ්ඩායම වහාම ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බව ප්‍රකාශ කොට ඇති නමුත් තවත් පිරිසක් පෙන්වා දී ඇත්තේ එම කණ්ඩායම ආණ්ඩූවෙන් ඉවත් කිරීමට මෙය අවස්ථාව නොවන බවකි.
ඒ අනුව මෙම කණ්ඩායම පිළිබදව අවසන් තීන්දුව ගැනීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇත.










