මේ වනවිට ඩොලර් ආදායම රටට අහිමි වී ඇත්තේ රුපියල අත් නොහැරීම නිසා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව වහාම රුපියල අතහැර ජාත්‍යන්තර ආයතන සමග ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් නැවත සාකච්ජා කළ යුතු බවකි.
ආණ්ඩුව එසේ නොකරන්නේ නම් ඉදිරියේදී ජනතාව සමග ආණ්ඩුවට එරෙහිව පාරට බැසීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවද ඒ මහතා කීය.










