• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

බිත්තර ගහපු එවුන් අසූචි ගහපු එවුන් කෝ..!

March 2, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
බිත්තර ගහපු එවුන් අසූචි ගහපු එවුන් කෝ..!
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනෙක අනුර කුමාර දිසානායක සහෝදරයා පැමිණි රැස්වීමකට බිත්තර ගැහුවේය. බිත්තර ගසා පැනයමින් උන් පිරිස අතරින් දෙන්නෙක් පාක්ෂිකයන්ට කොටු විය. පාක්ෂිකයෝ ඒ දෙන්නාව අල්ලාගත්ත අතර වහාම පොලීසිය කැඳවා ඒ අයව බාරදුන්නේය. එසේ බාර දෙන්නට පෙර මේ දෙදෙනාව වීඩියෝ ගතකර තිබුණු නිසා කතාව පැහැදිලිය. මිනිස්සු කියන කතන්දර ඇතුළෙ නම්, ගම්, ලිපිනයන් කිහිපයක්ම තිබේ. ඒ අතර රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක්ව ඉන්න ප්‍රසන්න රණතුංගගේ නමත් කියැවෙනවා අපට ඇසුණේය.

‘‍ඉන් පස්සෙ?‍’

ඔව්… ඉන්පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා අපි බලාගෙන ඉඳිමු. මොකද මේ ටෙලිනාට්‍යයක් නොවනා නිසාය. හැබෑවටම ඒවා එකින් එක සිද්ධ වෙනවා අප දුටුවේය.
‘‍බිත්තර ගහන හැටි…’

එහෙම ගහලා ගහපු එවුන් දුවගෙන යන හැටි…

ඒ අය කොටු වෙන හැටි…

ඉන්පසු කොටුවූ අය අදහස් ප්‍රකාශ කරන ආකාරය…‍’

සියල්ල පටිගත වී තිබේ. එහෙම නම් ඒ ගැන පරීක්ෂණ කිරීම ඒ තරමටම අපහසුද? ප්‍රහාරය සිදුවෙන බව පටිගත වී තිබේ. ඒ සඳහා පැමිණි අය රූපවලින් හඳුනාගත හැක. ඒ අය අල්ලා ගන්නා බවත් පැහැදිලි සේම අල්ලන ආකාරයත් පෙනේ. ඒ අල්ලපු උන් අතින් අල්ලා බාරදුන් පසු පොලීසියට තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නටය. ඒකවත් කරගන්නට බැරි නම්,
‘‍මහත්තයො ඕක දීහං ළමයෙක්ට…‍’
කියනවා ඇර වෙන කරන්නට දෙයක් නැත. වැරැදිකාරයා අතින් අල්ලා බාරදී වැරැද්ද වෙන හැටි පටිගත කරදී තව ඕනෑ මොනවාදැයි අපට නොතේරේ. සමහර විට විනයගරුක නිලධාරීන්ට මීට වඩා අවශ්‍යතා තිබිය හැක. එහෙම නම් අපේ නොතේරුම් කමට සමාව ඉල්ලා සිටිමු. ඒත් අපි දන්නා තරමට අනුව නම් මේ වෙලාවෙ පේන්නෙ වෙන සෙල්ලමකි. ඒ සෙල්ලම මොකක්ද කියනා එක ඔබට ඔබේ නැණ පමණින් වටහාගත හැකි වෙනු ඇත.

ඊළඟට චමුදිත සමරවික්‍රමගේ සිදුවීම වාර්තා විය. ඒ චමුදිතගේ නිවෙසට එල්ල කළ අසූචි ප්‍රහාරයයි. ඒ ප්‍රහාරය එල්ල වෙන්නේත් එළිපිටමය. එම ප්‍රහාරයේද ජජඑඩ දර්ශන තිබේ. ආ හැටි, ගිය හැටි ඕනෑ තරම් හොයාගත හැක. මේ වාහනය කාගේ එකක්ද කියා හොයනා එක සම්බන්ධවද ලොකු ප්‍රශ්නයක් තිබිය නොහැක. මේ වාහනය ආ මගක් දිගේ ජජඑඩ දර්ශන ලු‍හුබැඳයාමද පරීක්ෂකයන්ට අසීරු නැත. අවශ්‍යව ඇත්තේ හොයා ගැනීමේ උවමනාවයි. මේ වනවිට පොලිස් කණ්ඩායම් හයක් මේ පරීක්ෂණ සඳහා යොදවා ඇති බවක් අසන්නට ලැබුණේය. බිත්තරකාරයන් පොලීසියෙන් අතුරුදන්ව ඇති බවක් පහුගිය දිනෙක දැන ගන්නට ලැබුණේය. ඒ පුවතින් පසු බිත්‍තර කතාවලින් ඇහුණේ බිත්තර ගණන් යන බවක් පමණි. ඒ අස්සේ කුකුල්ලු‍න්ට කෑම හිඟ වීම වැනි කයිකතන්දර මතුව ආ මුත් ආයෙ අනුර කුමාරට බිත්තර ගැහුව එකෙක් ගැන කියවෙන්නේවත් නැත. එහෙමනං චමුදිත ගැන කවර කතාදැයි අපිට සිතේ.

තවමත් ප්‍රදීප් එක්නැලිගොඩට වෙච්ච දෙයක්වත් හොයා ගන්නට බැරි පොලීසියට මේ වෙලාවෙ ඕවා හොයා ගන්නට බැරි වෙන එකෙත් ලොකු වෙනසක් නැත. තවමත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන පැහැදිලි ප්‍රතිපලයක් නැත. ඔහු මියයන්නේ අධිආරක්ෂිත කලාපයක් තුළය. නමුත් මේ සියල්ල තවමත් නොවිසඳුණු අපරාධ බවට පත්ව තිබේ. ලසන්තගේ මරණයට දැන් දහතුන් වසරකි. එක්නැලිගොඩ අතුරුදන් වූ බව වාර්තා වෙන්නෙ දෙදහස් දහයේ සිටය. දැන් ඒ කතාවටත් දොළොස් වසරකි. ඒ ගැනද නිවැරැදි උත්තරයක් නැත.

ඔක්කෝටම හපං පාස්කු ප්‍රහාරයයි. පාස්කු ප්‍රහාරය එල්ලවී දහස් වෙනි දවසද පසුව ගොස්ය. ඇල්ලූ කෙනෙක් නැත. අත්අඩංගුවේ සිටි අය දැන් නිදොස්ය. අධිකරණය නිදොස් කොට නිදහස් කරන ලද හිටපු පොලිස්පති පූජිතත්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිත් ගෙදර ගියෝය. ඒ මිනිස්සු මාස ගානක් තිස්සේ හිරගෙවල්වල අපා දුක් වින්දේය. ඒ පාරත් පොලීසිය ෆේල්ය. රටේ මුදල් කෝටි ගානක් වියදම් කළමුත් අහිංසකයෝ මරා දැමීමේ මහ එකා ඉන්නේ නිදැල්ලේය.

මේ විදියට ගත් විට බොහෝ පරීක්ෂණ යන්නේ ඉබ්බාටත් වඩා හෙමීටය. නමුත් ලංකාවේ පොලීසියට වැඩ බැරි නැති බව අපට නිතරම හිතෙනා කාරණයකි.
ඔය අපි කී තැන් දෙක තුන ඇතු‍ළු කිහිප තැනක පොලීසිය අසමත් නමුත් පොදුවේ ලංකාවේ පොලීසිය අති දක්ෂය. ඉතාම අවම පහසුකම් යටතේ පවා ඉතාම ඉක්මණින් පරීක්ෂණ සාර්ථක කරගත් අවස්ථා එමටය. ඒ නිසා එයාලාට බෑ කියනා එක සාධාරණ නැත. තරුණියක මරා සූට් කේස් එකක දැමීම වැනි සිද්ධි දවසෙන්, දෙකෙන් සියලු‍ වතගොත සහිතව විසඳූ පොලීසියට මේ බිත්තරකාරයෝ ඒ තරමට අමාරුකාරයෝ වෙන විදිය අපභ්‍රංශයකි. අසූචි මුට්ටි කතාවත් එහෙමය. කොහොම නමුත් මේ බොහෝ සිදුවීම් අස්සෙ අපිට දැනෙන හැඟීම නැති කරගත නොහැක. ඒ මේ වෙලාවෙ පොලීසිය අසමත් කරන අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වෙන බවකි. ඒ කවුද? කින්ද? මන්ද? කියනා එක අපි දන්නේ නැත. ඒවා හොයනා එකද බාර දෙන්නට වෙන්නේ පොලීසියටමය. ඒ ”‍හොරාගෙ අම්මගෙන් පේන අහනවා”‍ වගේ එකක් යැයි හිතෙනවා නම් මාර අවුලකි. ඒ වගේම ”‍වැටත් නියරත් ගොයම් කානම් කාට පවසන් ඒ අමාරුව…”‍ වගේ ගතියකුත් අපට පෙනේ. අවසන නෝනාවරුනි, මහත්වරුනි, මේ සෙල්ලම ඉක්මනින් නිමා විය යුතුය. පොලීසිය කලිසම් ඇඳගෙන පාරෙ යා හැකි පරිසරයක් නිර්මාණය කරන්න. ඒ වෙනුවට ගෑනුන්ට යටකලිසං අඳිනා තැනට ලොකු ලොක්කෝ පත්වේ නම් ඒක විලිලැජ්ජාවකි. මෙහෙ මේ වෙන ඒවායෙ හැටි නම් කියන්නට වෙන්නෙ ‘‍විලිලැජ්ජා සංතෝසෙ බෑ’ කියාය‍.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

එදා ‘කොටි… කොටි…’ කියපු නෝර්වේ එක්ක ගම්මන්පිල ගිවිසුමක් ගහයි!

Next Post

මෝඩ කබ්රාල් මේ අහන්න… අපි කියන දේ කරන්න…! (VIDEO)

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.