• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගෝඨා ජනාධිපති වුණාට පස්සේ කරපු පළමුවැනි සමීක්ෂණයේ ප්‍රතිපල එළියට එයි!

March 2, 2022
in Exclusive, News
Reading Time: 8 mins read
A A
ජනපති පෝට් සිටිය අතට ගනී!
Share on WhatsAppShare on Facebook

‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය’ ‘මැතිවරණ’ පැවැත්වීම පිළිබඳව ‘ජනමත විචාරණයක්’ (මහජන මත විමසුමක්) පසුගිය වර්ෂයේ (2021) නොවැම්බර් සහ දෙසැම්බර් යන දෙමාසය තුළ පවත්වා තිබේ.

ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් බහුතරයක් තම පෞද්ගලික ප්‍රතිපත්ති මත පාලකයින් තෝරාගැනීමට ඡන්දය ප්‍රකාශ කරන බව එමගින් අනාවණය වී තිබේ. ඉනුත් වැඩි දෙනාගේ කැමැත්ත මැතිවරණයකදී හිරිහැරදායී නොවන බලවත් නායකයකු තෝරා ගැනීම වේ.

විශාල පිරිසකගේ (සියයට අනූ දෙකයි දශම දෙකක් – 92.2%) මතය පාලකයින් තෝරාගැනීමේ අරමුණින් ඡන්දය ප්‍රකාශ කරන බවකි.

සිංහල සහ දමිළ ප්‍රජාවගෙන් සියයට හැත්තෑ පහක (75%) අපේක්‍ෂාව තමන්ගේ වර්ගයේ බලවත් පාලකයකු පත්කර ගැනීමය. මුස්ලිම් සහ උඩරට දමිළ ප්‍රජාව ඒ මතය බැහැර කරති.

මේ අන්දමින් ශ්‍රේණිගතව සිටින පාලිත මහජනතාවෙන් සියයට පනහකට (50.3%) මඳක් වැඩි පිරිසක් එක මතයක දැඩි ලෙස එල්බගෙන ඇත්තාහ.

ඒ ජනාධිපතිවරයාට ඇති අසීමිත බලතල අඩුකර ඒ සියල්ල පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවටය.

ජනමත විමසුමට සහභාගිවූ පිරිසෙන් සියයට අසු හතයි දශම හතරක් (87.4%) තරමේ පිරිසක් අභියෝගාත්මක මතයක් ඉදිරිපත් කරති.

ඔවුන්ගේ මතය නම් රට අරමුණුකර ගැනෙන සෑම තීන්දු තීරණයක්ම දේශපාලනඥයන් නොව විශේෂඥ දැනුම් ඇත්තවුන් විසින් ගනු ලැබිය යුතු බවය.

ඒ පිරිසගෙන් සියයට හැටයි දශම හතක (60.7%)ගේ මතය නම් පාර්ලිමේන්තුවේ බහුතරයක් විද්වතුන් සිටිය යුතු බවය.

‘කොවිඩ්-19’ වසංගත මාරයා රට දෙවනත් කරන කල්හි යුද හමුදාව පැය විසිහතර පුරා මහජනයාගේ ගැලවුම්කාරයින් වශයෙන් කැප වී කළ මෙහෙය රටම අගේ කළේය.

ඒ කරුණු අනුව මේ රටේ ‘හමුදා පාලනයකට සුදුසු නොවේ’දැයි යන ප්‍රශ්නය පිළිබඳව කැමැත්ත විමසනු ලැබ ඇත.

සියයට හැත්තෑවයි දශම අටකගේ (70.8%) පිළිතුර ‘එපා’ යන්න වූවේය.

‘එපා’ යන මතයේ එල්බගෙන සිටි පිරිසෙන් සියයට හැටයි දශම පහක්ම (60.5%) සිංහල ප්‍රජාවය. දමිළ ප්‍රජාව සියයට තිහයි දශම පහකි (30.5%). උඩරට දමිළ ප්‍රජාව තිහයි දශම දෙකකි (30.2%). මුස්ලිම් ප්‍රජාව සියයට විසි පහයි දශම දෙකකි (25.2%).

රටට බලපාන වැදගත් තීන්දු ගැනීමේ වගකීම ආගමික නායකයන්ට පැවරීම ගැනද විමසා ඇත. ඊට විරුද්ධවූ ප්‍රමාණය සියයට හැත්තෑ හයයි දශම තුනකි (76.3%).

ගෝඨාගේ ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනයද වැඩකට ඇති එකක් විය නොහැකි බව සියයට හතළිහකගේ (40%) තීරණයයි.

මේ වන විට රට ආර්ථික ප්‍රපාතයකට වැටී ඇත. ගෝඨාභය රාජපක්‍ෂ සිය පාලන කාලය තුළදී රට ගොඩගනු ඇතැයි සිතිය නොහැකි බව සියයට හැටහතරයි දශමයක (64.1%) පිරිසක් පවසා ඇත්තාහ.

A majority of respondents (64.1%) said that it is unlikely that during its term in office, the Gotabaya Rajapaksa government would lift the country from the economic crisis it has been in.

පොහොර භාවිතය

සියයට හැත්තෑදෙකයි දශමයක (72.1%) තරම් පිරිසකගේ මතය වගාවට රසායනික පොහොර යෙදීම නුසුදුසු බවයි. එතකුදු වුවත් ඒ සඳහා තිරසාර වැඩපිළිවෙළක් ආරම්භ කෙරෙන තුරු කිසියම් තරමකට රසායන පොහොර යෙදීම වරදක් නැති බවද ඔවුන්ගේ මතයයි.
සියයට විසිතුනකගේ (23%) මතය වහාම රසායනික පොහොර නැවැත්විය යුතු බවය.

විදේශීය ආයෝජන

විදේශීය සමාගම්වලට ව්‍යාපාර සඳහා ආයෝජන පහසුකම් සලසා දිය යුතුය යන මතයේ සිටින සංඛ්‍යාව සියයට හතළිස් පහකි (45%). ශ්‍රමය සූරාකන බැවින් විදේශීය ආයෝජකයන්ට fදාර වැසිය යුතුය යන මතයේ එල්බගත් සංඛ්‍යාව සියයට තිස්හතයි දශම පහකි (37.5%).

ගෘහස්ත ආර්ථිකය ඍණ බිංදුවටම වැටී ඇතැයි කියන පිරිස සියයට හැත්තෑපහයි දශමයකි (75.1%). ඒ බලපෑම දැඩිව සිදුව ඇත්තේ වතු කම්කරු ප්‍රජාවටය. ඒ ප්‍රමාණය සියයට හැටතුනයි දශම හයකි (63.6%). තම දේශපාලන පක්‍ෂය මැදිහත්ව රජයේ සහනාධාරය දීමේදී සියයට පනස්අටයි දශම අටක (58.8%) පිරිසකට එතරම් සැලකිල්ලක් නොදැක්වෙන වතු ප්‍රජාවගේ ආකල්පයයි.

ජනවාර්ගික සම්බන්ධතා

මෙයට අවුරුදු දෙකකට පෙර වෙනත් ජනවාර්ගික කණ්ඩායම් සමග පැවති සම්බන්ධතා යථා තත්ත්වයෙන්ම පවත්වා ගැනීමේ හැකියාව ඇති බව සියයට හතළිස්අටයි දශම හයක (48.6%) පිරිසක් කියති. සියයට තිහක් (30%) පවසන්නේ තිබූ තත්ත්වය ඉතාම නරක අන්දමින් අයහපත් අතට හැරී ඇති බවයි. උඩරට දමිළ ප්‍රජාවට ඒ නරක තත්ත්වයේ බලපෑම සියයට හතළිස් හතයි දශම තුනකි (47.3%). මුස්ලිම් ප්‍රජාවට සියයට හතළිහයි දශම පහකි (40.5%).

භාෂණ නිදහස

පෙර පැවැති පාලන තත්ත්වය යටතේ ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරියේ කටයුතුවල හරි වැරදි පෙන්නා දීමේ නිදහස ඇහිරී ඇතැයි කියන සංඛ්‍යාව සියයට තිස් හතකි (37%).
එහෙත් සියයට තිස්දෙකක (32%) කණ්ඩායමක් පවසන්නේ ඒ නිදහස පෙර පැවැති තත්ත්වයෙන්ම පවත්නා බවයි.
යථෝක්ත ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරියේ fදාස් පෙන්නා දීමේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය අහිමිව ඇතැයි කියන මුස්ලිම් ප්‍රජාවේ අගය සියයට පනස්එකයි දශම නවයකි (51.9%). වතුකර දමිළ ප්‍රජාව සියයට පනස්එකයි දශම පහකි (51.5%). සෙසු දමිළ ප්‍රජාව සියයට පනහයි දශම තුනකි (50.3%).

හමුදා ඇගයීම

හමුදා ක්‍රියාකාරකම් (දොස් දැක්වීම) විවේචනයද දුෂ්කරවී තිබේ. ඒ බව කියන මුස්ලිම් ප්‍රජා ඝනත්වයේ ප්‍රතිශතය පනහයි දශම හතරකි (50.4%). උඩරට දමිළ ප්‍රජාව සියයට පනස්හයයි දශම හයකි (56.6%). සෙසු දමිළ ප්‍රජාව සියයට හතළිස්පහයි දශම තුනකි (45.3%). සිංහල පිරිස සියයට විසිපහයි දශම තුනකි (25.3%).

විදෙස් සබඳතා

ජනමත විමසුමට පිළිතුරු දුන් සියයට පනස්අටයි දශම දෙකකගේ (58.2%) අදහස රජය විදේශ සම්බන්ධතා වර්ධනය කළ යුතු බවය.
මත විමසුමට සහභාගි වූ පිරිසෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසකගේ මතය රජය එසේ සම්බන්ධතා නොපවත්වන බවය.
ඒ බවට රජයට චෝදනාව එල්ල කරන වැඩි පිරිස මුස්ලිම් ප්‍රජාවය. ඒ සංඛ්‍යාව සියයට හතළිහයි දශම දෙකකි (40.2%).

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ජනපති තවත් හදිසි කැබිනට් රැස්වීමක් අද කැඳවයි!

Next Post

පුටින්ට යුද අපරාධ චෝදනා!

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.