රුසියානු මිසයිල සහ රොකට් යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරයේ සංස්කෘතික වටිනාකම් ඉලක්ක කරගනිමින් පහර දී ඇත.
හමුදා ඉලකයන්ට පමණක් පහර දෙන බව සඳහන් කරන රුසියාව නගර මධ්‍යයේ පිහිටි ඔපෙරා හවුස් හා රජයේ කාර්යාල ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම මිලේච්ඡ හා කුරිරු ක්‍රියාවක් බව යුක්රේන රජය ප්‍රකාශ කරයි.
ප්‍රහාරයෙන් කුඩා දරුවෙකු ඇතුළු 20ක් පමණ තුවාල ලබා ඇති බව තහවුරු වී ඇති අතර ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව පිලිබඳව මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් කර නැත.
රුසියාව යුධ අපරාධ කරන බව යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබියෙදී පවා රුසියාව යුක්රේනයේ සිවිල් ඉලක්ක වෙත පහර දෙමින් සිටී.
මේ තමන් යුක්රේන අගනගරය වන කියෙව් වෙත පහර දීමට සූදානම් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියෙව් හී ජනතාවට අනතුරු අඟවා ඇත.
විශාල රුසියානු සන්නද්ධ රථ පෙලක් නගරය දෙසට ගමන් කරමින් සිටින අතර නගරය අතහැර පලායන ලෙසට ඔවුන් සිවිල් වැසියන්ට කියා තිබේ.
කියේව් නගරයට ගුවනින් බෝම්බ හේලිමට රුසියානු ආක්‍රමණිකයන් පියවර ගෙන ඇත.
මේ අතර රුසියාව හිතාමතාම දරුවන් හා සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බව බ්‍රිතාන්‍යය හා බටහිර රටවල් පුටිංට චෝදනා කර තිබේ.
මේ වන විට ලක්ෂ 6කට අධික ජනතාවක් ප්‍රහාර වලින් බේරීමට සිය නිවෙස් අතහැර පලාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තහවුරු කර ඇත.
තිලාන් ජයසේකර










