• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාව ගහලා වට්ටන්න බෑ! මගෙත් එක්ක තියෙන තරහට පොලොන්නරු ජනතාවගෙන් පළිගන්න එපා! මෛත්‍රී ගමේ ගිහින් ආණ්ඩුවට අභියෝගයක් කරයි! (PHOTOS)

February 27, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
මාව ගහලා වට්ටන්න බෑ! මගෙත් එක්ක තියෙන තරහට පොලොන්නරු ජනතාවගෙන් පළිගන්න එපා! මෛත්‍රී ගමේ ගිහින් ආණ්ඩුවට අභියෝගයක් කරයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුලුවක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුවේදී පැවැත්විණ.

එහිදී හිටපු ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රශ්න එන්න පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. බණ්ඩාරනායක මැතිතුමා පක්ෂයේම අය මරලා දැම්මා.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දක්ෂිණාංශික බලවේග විසින් ප්‍රජා අයිතිය අහෝසි කරා.චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ආබාධිතයෙක් කළා. එක්දහස් නවසිය හැත්තෑ හතේ අපි ආසන හතට බැස්ස මැතිනියගේ දරුව ම පක්ෂ තුනක් හදා ගත්තා.

නැවතත් 94 ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බලයට ආවා. පොලොන්නරුවේ අද මම දේශපාලනය කරන්නේ පරම්පරා තුනක් එක්ක. මම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට බැඳුණේ 1967/8/01. O/L කරන අවුරුද්දේ. දැන් පක්ෂයට බැඳිලා අවුරුදු පනස් හතරක් වෙනවා. ඒ කාලේ දේශපාලනය කලේ සමකාලීන තරුණයෙක්.ඊට පස්සේ වැඩිහිටියෝ. ඊට පස්සේ ඒ අයගෙ දරුවොත් එක්ක යුග තුනක් එක්ක මම දේශපාලනය කරනවා. මම ඒ ගැන සතුටු වෙනවා.

ඒ නිසා අද මට ගල් ගැහුවාට චරිත ඝාතනය කරාට හොරෙක් කියල කිව්වට නින්දා අපහාස කළාට ඒවට අපි සැලෙන්නේ නෑ. මම කිරි දීල හදපු මගේම දරුවෙක් වගේ ලංකාවේ කිසිම කෙනෙක් නොදුන්නු තනතුරු දීපු පුද්ගලයෙක් රූපවාහිනියට ගිහිල්ලා නොයෙක් විදියේ අපහාස කරනවා. මම ඒවට සැලෙන්නේ නැහැ. අවුරුදු 54ක දේශපාලන ජීවිතයේ මට නින්දා අපහාස හොඳට පුරුදුයි. ජාතික දේශපාලනයේ කවුරු කොහොම ගැහුවත් කොහෙන් ගැහුවත් පොළොන්නරුව ජනතාවගේ ශක්තියත් එක්ක පිටකොන්දක් ඇතුව මම කෙලින් ඉන්නවා.

අද පොළොන්නරුවේ මෙන්ම ගොවි ජනතාව ජීවත් වෙන්නේ කඳුළේ. පොලොන්නරුව ගොවියගෙ ක්ෂේම භූමියයි. නමුත් සියලු දෙනාම ජීවත් වෙන්නේ කඳුළෙන්. මම කෘෂිකර්ම ඇමැතිවරයා විදිහට ගොඩක් දේවල් කළා. මං තමයි කාබනික පොහොර අධිකාරියක් මුලින්ම හැදුවේ. කාබනික පොහොර ප්‍රතිපත්තිය ඉතාමත් හොඳ ප්‍රතිපත්තියක්. ලෝකෙ කිසිම රටක් සීයට සීයක් කාබනික පොහොර වගාවට ගිහිල්ලා නෑ. රටේ තියන සම්පත් ගැන සලකලා බලලා තමයි කොයි තරම් ඉඩම් ප්‍රමාණයක් කාබනික වගාවට යොදවන්න ඕනද කියලා තීරණය කරන්න ඕනෙ.

මම පුළුවන් හැම තැනම ගොවීන්ගේ ප්‍රශ්නේ ගැන කතා කරනවා මට කතා කරන්න පුළුවන් හැම අවස්ථාවෙම ඒ ගැන මම කියනවා.මම හැරුනුකොට පොළොන්නරුවෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරු තුන්දෙනෙක් ඉන්නවා. ඒ කිසිම කෙනෙක් මේ ගොවීන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් කතා කරන්නේ නෑ. හැමදේටම “යර්ස් සර්” , “ඔවු සර්” කියලා කාලෙ ගෙවනවා.අද රට මෙහෙම දුකෙන්. හැමතැනම තියෙන්නේ අඳෝනාවක්.ජන ජීවිතය විනාශ වෙලා. දිළිඳුකම ඉහවහා ගිහිල්ලා. මිනිස්සුන්ගේ දෛනික ජීවිතය විනාශ වෙලා. කවුරු කොහොම කිව්වත් මම බාර දුන්නේ ඉතා සුන්දර රටක්. මිනිස්සු කාලා ඇඳලා හොඳට හිටියා. නමුත් අද එහෙම තත්ත්වයක් නැහැ.

මම ආණ්ඩුවටම සම්පූර්ණයෙන් දොස් කියන්නේ නැහැ. නමුත් මිනිසුන්ගේ මේ දුක ගැන ආණ්ඩුව බලන්න ඕනේ. මට අද කෙනෙක් හම්බුනා දුර ඉදන් ආපු. එයා මට කිව්වේ “සර් අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ.හැම තැනම ප්‍රශ්න. හැමතැනම දුක”.

නිමල් සිරිපාල ඇමැතිතුමා කිව්වා වගේ ආණ්ඩුවට අපි යෝජනා පහළොවක් ඉදිරිපත් කරා. යෝජනාව ඉදිරිපත් කළේ රටේ ජනතාව වෙනුවෙන්. රුසියාව යුක්‍රේනය යුද්දෙක පැටලිලා. චීනය තායිවානය වටේ කරකැවෙනවා. මේ යුද්ධ හමුවේ අපි වගේ පුංචි රටවලට මොකක් වෙයිද දන්නේ නෑ. තෙල් බැරලය ඩොලර් සීය දෙසිය වෙන්න පුළුවන්. ඒ නිසා මේ තියන තැනින් රට ගොඩගන්න අපි ඕනම කැප කිරීමක් කළ යුතුයි. තනතුරු නෙවෙයි අවශ්‍ය ජනතාව ගොඩගන්න වැඩපිලිවෙලකට අපි යා යුතුයි.ඒ වැඩපිළිවෙළ එකයි. අපි ඒකරාශී විය යුත්තේ ඒ වැඩපිළිවෙළට.අපි නායකත්වය දිය යුතුයි. ඒ නිසා අද රටේ තත්ත්වය අඩුවෙන් තක්සේරු කරන්න එපා. රටේ තත්වය එච්චර හොඳ නෑ.සර්වපාක්ෂික සමුළුවක් තිබිය යුතුයි.

මගේ කාලේ අවස්ථා දෙකකදී සර්ව පාක්ෂික සමුළු තිබ්බා. ඒ වගේ සියලු පක්ෂ අපි එකතුවෙලා මේ ප්‍රශ්න වලට උත්තර සෙවිය යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ගොඩ නැගිය යුතුයි. අපි කිසිවිටෙකත් කිසිවෙකුට වෛර කළ යුතු නෑ. අපි මේ රට තියන තත්ත්වයෙන් ගොඩ නැගීමට මේ රටේ සියළු පක්ෂ සමඟ එකතු වෙලා අපට කළ හැකි සියලු කැපකිරීම් සිදු කරනවා. ලංකාවේ ජනතාව ඉල්ලන පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දිස්ත්‍රික්ක 17ක් අපි ආවරණය කර අවසන්. පක්ෂයේ වැඩපිළිවෙළ, පක්ෂයේ සැලැස්ම, රට ගොඩ ගන්නේ කොහොමද, සියලු කරුණු පිළිබඳව අපි සාකච්ඡා කර විද්වත් කමිටු සකසා අවසන්.ඒ නිසා රට ගොඩ ගැනීමේ මාවතකට අප පිවිසිලා සිටින්නේ. සියළුදෙනා එකතුවෙලා පාට පක්ෂ බලන්නැතුව කළු සුදු බලන් නැතුව සියලු දෙනා එකට එකතු වෙලා මේ රට ගොඩ ගන්න එක සභාවක එක මේසෙක වාඩි විය යුතුයි.

අපි රජයෙන් ඉල්ලනවා ඒ වගේ සාකච්ඡාවක් ගොඩනැගිය යුතු යැයි.ආගමික නායකයන්,විද්වතුන්, විශේෂඥයන් සමඟ අපි සියළුදෙනා එක මේසයක වාඩිවෙලා සාකච්ඡා කළ යුතුයි.ආණ්ඩුව එයට නායකත්වය ගත යුතුයි. අනිත් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බොහෝ දෙනෙක් එකතු වෙනවා බෙදීමෙන් තොරව සියලු දෙනාම එකතු කරගන්න. අපෙන් ගිය අලුතෙන් අපිට එන අයත් සියලු දෙනාම පක්ෂයට එකතු කරගෙන සමගියෙන් වැඩ කරන්න.රටේ සංවර්ධනයට දේශීය සංවර්ධනය ඉහලට ගෙන ඒම අවශ්‍යයි.මේ රටේ කාර්මික සංවර්ධනයට මූලිකත්වය දිය යුතුයි. සවෝත්සාහයෙන් නැගිටින රටක් විය යුතුයි. මේ රටේ ගොවි ජනතාව සහ ආහාර නිෂ්පාදනය පහළ වැටිල තියෙන්නෙ. ඒ නිසා වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතුයි.

එදා ඩී.එස් සේනානායක වගා සංග්‍රාමයක් ආරම්භ කළා, සිරිමාවෝ මැතිනිය වගා සංග්‍රාමයක් ආරම්භ කළා. මම කියන්නේ කෘෂිකර්මාන්තය නංවන්න වගා සංග්‍රාමයක් ඇති කළ යුතුයි. එසේ නොවන්න අපිට මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න බෑ.කෘෂිකර්ම ඇමතිවරයා ලෙස මමත් වගා සංග්‍රාමයක් ආරම්භ කරා. “අපි වවමු රට නගමු” මගේ ප්‍රතිපත්තියක්. පළමුවෙන්ම කාබනික පොහොර අධිකාරිය හැදුවේ මම. මම රට ගොඩනගන්න බොහෝ දේ කළා. වප්මඟුල් තුන්සිය පනහකට වැඩිය මම සිදුකළා. මම කෘෂිකර්ම ඇමති කාලේ කිසිම ගොවියෙක් පෙළපාළි ගියේ නෑ.පොහොර ඉල්ලලා පාරට බැස්සෙ නෑ. වතුර ඉල්ලලා පාරට බැස්සෙ නෑ. මේ රටේ ගොවි ජනතාව මම බලා ගත්තා. විශේෂයෙන් ගොවි පවුලක දරුවෙක් විදිහට, කෘෂිකර්ම අමාත්‍යවරයෙක් විදිහට ගොවියට තියෙන්නෙ මගේ ගෞරවයක් නිසා මම ගොවියගෙ ප්‍රශ්න හොඳින් දන්නවා. මගේ තාත්තා කුඹුරට ගිහිල්ලා වතුර නැතුව ආපු ප්‍රශ්න මම දැක්කා. මම ඒ කඳුළු සියසින් දැක්ක කෙනෙක්. මොරගහකන්ද 1994 චන්ද්‍රිකා මැතිනියට කිව්වත් ඒක වුණේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා සමඟ සාකච්ඡා කරලා මුල්ගල තිබ්බේ මම. හැබැයි මට සල්ලි හම්බ වෙන්නේ නැහැ. හැබැයි මම ජයිකා ආයතනයත් සමඟ කතා කරලා අවසානයේ සල්ලි අරගෙන මම ඒ ව්‍යාපෘතියට අත තිබ්බා.නිමල් සිරිපාල ඇමතිතුමා මගෙන් පස්සේ වැඩ ටික ඉස්සරහට අරන් ගියා. මම ජනාධිපති වෙලා චීනෙන් සල්ලි අරන් මොරගහකන්ද ව්‍යාපෘතිය අවසන් කරා දෙයියන්ගේ පිහිටෙන් තුණුරුවන්ගේ සරණින් පොළොන්නරුවෙ ජනතාවට අනුරාධපුර ජනතාවට අද ඕන තරම් වතුර තියෙනවා. ……

එක් වරක් මහා එළ යෝජනා මෙයා උතුරට රට වතුර ගැන යන ව්‍යාපෘතියත් මේ ආණ්ඩුව දිගට කරගෙන යනවා. ඒ ගැන මම සතුටුයි. රටේ ගොවි ජනතාව වෙනුවෙන් දෙයක් සිදුවෙනවා නම් එයට මම සතුටු වෙනවා. අද මම මේ උත්සවයට එන්න කලින් තවත් උත්සවයකට ගියා.නීර්මලි දේවස්ථානයට. ජනාධිපති කාලේ සම්පූර්ණයෙන් ඒ දේවස්ථානය මම මුදල් වියදම් කරලා ඉදිකරා. ඒ වගේම තමයි මඩු දේවස්ථානය මම පූජා නගරයක් කරා. අද නව නගරය පූජකතුමන්ලායි කිතුනු බැතිමතුනූයි මට ආශිර්වාද කරා.

පොළොන්නරුවේ කච්චේරිය තට්ටු හතරයි.අවුරුදු තුනක් ගියා. තාම වැඩ ඉවර නෑ. දිසාපතිතුමාගෙන් ඇහුවා. දිශාව කුමාර කිව්වා දැන් නම් වැඩ ටික කරගෙන යනවා කියලා. පරීක්ෂාවට අවශ්‍ය සියළුම දෙපාර්තමේන්තු එකම වහළක් යටට මම එතන ගෙනල්ලා තියෙනවා.ඒවා වනසංරක්ෂණ,විදුලි,ජල සියලුම රාජ්‍ය ආයතන එක වහළක් යටට ගෙන පරිපාලන සංකීර්ණයක් මම හැදුවා. අද වෙනකන් එකේ ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. අද ඉන්න මහා ඇමතිතුමාටත් කාර්යාලයක් එකේ හදලා තියෙනවා.

පොළොන්නරුවේ රාජ්‍ය සේවකයන්ට නිවාස තුන් සියයක් හදලා තියෙනවා.රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය වෙන නිවාස 4ක් එකට අරන් ආණ්ඩුකාරයා ගෙයක් හදාගෙන තියෙනවා. ඇත්තටම ආණ්ඩුකාරයාට ඇවිල්ලා ඉන්න ඕන තරම් තැන් තියෙනවා. රාජ්‍ය සේවකයන්ගේ දේවල් අද පාවිච්චි වෙන්නෙ එහෙමයි. ඉන්දියානු ආධාර යටතේ ආරම්භ කළ ත්‍රෛභාෂා පාසල තාම කොට උඩ. කිසිම දෙයක් වෙන්නේ නැහැ.මම හිටපු කාලේ කරපු දේවල් ටික විතරයි. තාමත් ඉබිගමනේ. ඔන්න ඕක තමයි අද සිද්ධ වෙලා තියෙන්නෙ පොලොන්නරුවට.

චීන රජයේ ආධාර යටතේ මට ලැබුණු වකුගඩු රෝහල. ඒකෙත් ප්‍රශ්න. ලංකාවේ වැඩිම වකුගඩු රෝග තියෙන්නෙ බස්නාහිර පළාතේ.දියවැඩියාව, රුධිර පීඩනය, ආහාර ගැනීමේ රටාව නිසා කොළඹ වකුගඩු රෝග වැඩියි.අද පොළොන්නරුවේ වකුගඩු රොහල මුළු රටේම වකුගඩු රෝගීන්ට තියෙන රෝහල. මේ රෝහලේ වටිනාකම ජනතාවට අද ලබාදෙන්නේ නෑ.එක තැනක කතා වෙලා තියෙනවා මේ රෝහල සුදු අලියෙක් විදියට තියෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ. ඒක ඇත්ත. අද මේ රෝහලේ එකසැරේ ප්‍රතිකාර කරන්න පුළුවන් රුධිර පිරිසිදු කිරීම් 100ක් තියනවා.අද රෝගීන් 22කට විතරයි කරන්නේ.මම මේ රෝහල වෙනුවෙන් මගේ තත්ත්වයෙන් පල්ලෙහාට ගිහිල්ලා හැමෝටම කතා කරා. නමුත් අද මේ රෝහල හරි විදියට ක්‍රියාත්මක කෙරෙන්නේ නෑ. අධි තාක්ෂණික උපකරණ එන්න එන්න ම අභාවයට යනවා.මම කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැතිතුමාට කතා කළා. හිටපු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාට කතා කළා.ඒ එකකින්වත් වැඩක් වුණේ නෑ.රෝහල එන්න එන්නම අභාවයට යනවා. තව ටික දවසකින් මේකෙ තියෙන අධි තාක්ෂණික උපකරණ පාවිච්චි නොකර විනාශයට යනවා.මේ මුළු ලංකාවෙම වකුගඩු රෝගීන්ට තියෙන රෝහල. දුර බැහැර ඉඳන් රෝගීන් එනවා. ඒ අයට සේවාවක් සලකන්න. සීටී මැෂින් එක අද වැඩ කරන්නේ නැහැ.මම කෑගහලා යන්තම් ඒක හදාගත්තා.කෝටි විස්සක් විසි දෙකක් වෙනවා. නිකරුනේ දිරාපත් වෙනවා.

තාමත් මේ රෝහලට අධ්‍යක්ෂකවරයෙක් පත් කරල නෑ.මේ වකුගඩු රෝහල ජාතික සම්පතක්. ජාතික විනාශයක් කරන්න එපා.වකුගඩු රෝහලට මෙහෙම කරනවා නම් භාෂා පාසලට මෙහෙම කරනවා නම් කාටද මෙහෙම කරන්නේ මටද.? කාගෙන්ද මේවාට පලිගන්නේ? මේවා ජනතාවගේ දේවල්.මේවායින් දුක් විඳින්නේ මේ ප්‍රදේශයේ ජනතාව මේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේවා බැලිය යුතුයි.

මට මේ දිස්ත්‍රික්කයේ එම ප්‍රදේශවල මන්ත්‍රීවරුන් කියනවා කොන්ත්‍රාත් ඇවිල්ල තියෙනව පාරවල් හදන්න පොහොට්ටුවෙ මන්ත්‍රීවරුව මට කියනවා සර් අපි රජයට මෙච්චර ප්‍රමාණයක් සියයට අටක් දෙන්න වුණා කියලා. ඔන්න ඔහොම තමයි අද වැඩ සිද්ධ වෙන්නේ. මේ ආණ්ඩුව ආව ගමන්ම පිබිදෙමු පොළොන්නරුවේ ව්‍යාපෘතිය ගැන ෆයිල් අරගෙන පරීක්ෂණයක් තිබ්බා කිසිම දූෂණයක් වංචාවක් හොයාගන්න බැරි වුණා. කිසිම දූෂණයක් වංචාවක් නැතුව තමයි මම පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය කරේ. ආණ්ඩුවට පැමිණිලි කරා මම මේකෙන් හොරකම් කරලා තියෙනවා කියලා. ඒ නිසා තමයි පරීක්ෂණ කළේ. කිසිම හොරකමක් ආණ්ඩුවට හොයාගන්න බැරි වුණා.මම වැඩ කරන්නේ එහෙමයි.ඒ වැඩ කළේ ත්‍රිවිද හමුදාව යොදවලා. පුද්ගලික කොන්තරාත්කරුවන් ට දුන්නේ නෑ.අදටත් මේ දිස්ත්‍රික්කයේ පුද්ගලික කොන්ත්‍රාත්කරුවෝ මගෙත් එක්ක තරහයි. නගර සභා තියෙනවා.රාජසභා තියෙනවා.අපිට බලය තියෙනවා සමහර තැන් වල. විපක්ෂ විදියට අපි ඉන්නවා මේවා තමුන්නාන්සේලාගේ සභාවල කතා කරන්න. පරිපාලන ගොඩනැගිල්ලට වෙන්න මොකක්ද, කච්චේරියට වෙන්න මොකක්ද, තෛයි භාෂා පාසලට වෙන්නේ මොකක්ද, මේ පිළිබඳව කතා කරන්න.

හොඳට තියෙන පාරවල් කඩල.අලුත් ඒව එහාට නෑ. හැබැයි මං හදපු කදුරුවෙල පාර හදන්නේ නෑ.ඇයි මෙහෙම කරන්නේ මේ පිළිබඳව අවංක වේදනාවක් මට තියෙනවා. ආණ්ඩුවේ ප්‍රශ්න මං කතා කරනවා කියලා විවේචනය කරනවා කියලා මගෙත් එක්ක අමනාප වෙන්න ඕනේ නැහැ. මම කතාකරන්නේ තියෙන ප්‍රශ්නයක්.හැබැයි පොළොන්නරුවේ ජනතාවට සැප පහසු ජීවිතයක් ගත කරන්න, ඒ අයගේ ප්‍රශ්න විසඳන්න, ගොවි ජනතාවගේ ගොවිතැන හොඳට කරන්න, කවදාවත් මම අකුල් හෙළුවේ නෑ. හැමදාම පොළොන්නරුවෙ ජනතාවට මම ශක්තියක් වෙනවා. ඒ නිසා මම කියන්නේ රටේ ජනතාවගේ තියෙන ප්‍රශ්න මෙන්ම පොළොන්නරුව ජනතාවගේ ප්‍රශ්න වලට අපි එකට එකතුවෙලා විසඳමු. අපි පක්ෂයක් විදිහට නැගිටිය යුතුයි.අපිට බැහැයි කියල දෙයක් නැහැ.

අද පැමිණි සියලු දෙනාටම ස්තූතියි. අපිට අපේ ආණ්ඩුවක් හදන්න පුළුවන්.ස්ථිර වශයෙන්ම පුළුවන්. බැහැයි කියල කිසිම දෙයක් නැහැ අපිට පුලුවන්. අපිට පුළුවන් අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීමට. අපට පුළුවන් රටේ තියෙන ප්‍රශ්න විසඳීමට. කළු සුදු පක්ෂ පාට සියලු දේවල් බේද අමතක කරලා අපි මේ රට ගොඩනගමු. ඒ සඳහා අපි සියලූදෙනාම එකතු වෙමු.රට වෙනුවෙන් අපි වැඩ කරමු.

ගිය අවුරුද්දේ ජපානයෙන් ආරාධනයක් ආවා රටවල් 164ක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රධාන ආරාධිත දේශනය කරන්න.කොවිඩ්.. නිසා මට යන්න බැරි වුණා. නමුත් මම අන්තර්ජාලය ඔස්සේ එම දේශනය කරා. ඒ වගේම ඊයේ පෙරේදා මම කොරියාවට ගියා ඒ ගියේ ලෝක සමුළුවට. ඒකීය රටවල් 162ක ආරාධිත ප්‍රධාන දේශනය කරන්න. ඒ නිසා මම ලෝකයේ විවිධ දේවල් වලට යන්නේ රට වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගය නැතුව.මේ රටේ මේ තියෙන ප්‍රශ්න වලට ගොඩ එන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසාම ජනාධිපති කාලයේ තිබුණු සම්බන්ධතා හිතවත්කම් සහ ඒ තියෙන සම්බන්ධතා සියලු දේවල් උපයෝගී කරගෙන මාතෘ භූමිය වෙනුවෙන් මට කළ හැකි දේ මා රට වෙනුවෙන් සිදුකරනවා.ඒ නිසා මේ රට ගොඩ නැගීමට අපි එකතු වෙමු.

SendShareShare
Previous Post

දේශපාලනය කරන ගමන් ශාස්ත්‍රපති විභාගයත් ඉවර කරලා! සජිත් රටට හොඳ ආදර්ශයක් දෙයි!

Next Post

සාමසාකච්ජා ඇරඹේ! බෙලරූස් දේශසීමාවට යුක්රේන් ජනපති කැමැති වෙයි!

MORE NEWS

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

හම්බෙගමුව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ මාලය සහ ජංගම දුරකතනය පැහැරගත් හැටි. සැකකරුන් සොයා හම්බෙගමුව පොලිසීය විමර්ශන අරඹයි. Sri Lanka Latest...

Read more
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.