රුසියාවට එරෙහි තුන්වන වටයේ සම්බාධකවල කොටසක් ලෙස රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සහ විදේශ ඇමති සර්ජි ලැව්රොව්ගේ වත්කම් තහනම් කිරීමට යුරෝපා සංගමය සූදානම් වන බව ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
රුසියානු බැංකු සහ කර්මාන්තවලට එරෙහි පියවර ගණනාවක් සමඟින් අද පස්වරුවේ මෙම සම්බාධක පැකේජය අනුමත කිරීමට විදේශ අමාත්‍යවරුන් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
කෙසේවෙතත් පුටින් සහ ලැව්රොව් සංචාරක තහනමකට යටත් නොවන අතර සංකේතාත්මක රාජ්‍යතාන්ත්‍රික හැකියාවන් විවෘතව තබා ගැනීමට යුරෝපා සංගමය උත්සාහ දරමින් සිටින බවද එම පුවත්පත පෙන්වා දෙයි.










