දැනට රට තුළ මතුව ඇති උග්‍ර බලශක්ති අර්බූදය ඇතුලු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද දිනයේත් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
ඊයේ පස්වරුවේ පැවැති සාමාන්‍ය කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව අද පස්වරුවේ මෙම විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතය.










