• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දේවානම්පියතිස්ස රජතුමනි… ඔබවහන්සේ සසුනට පූජා කළ සධාතුක රන් කරඬු හොරු අරන් ගිහින්! හොයාගන්න විදිහක් නෑ! පුළුවන්නම් හොයලා දෙන්න!

February 21, 2022
in Exclusive, News
Reading Time: 10 mins read
A A
දේවානම්පියතිස්ස රජතුමනි… ඔබවහන්සේ සසුනට පූජා කළ සධාතුක රන් කරඬු හොරු අරන් ගිහින්! හොයාගන්න විදිහක් නෑ! පුළුවන්නම් හොයලා දෙන්න!
Share on WhatsAppShare on Facebook

රඹුක්කන දැළිවල ප්‍රදේශය හා දේවානම්පියතිස්ස රජතුමා අතර දැඩි සබඳතාවක් පැවැත්තේය. මිහිඳු මහරහතන් වහන්සේගෙන් බුදු දහම වැලඳගත් දේවානම් පියතිස්ස රජතුමා දැන් ලංකාවේ බුදු දහම ස්ථාපනයවී දැයි මහරහතන් වහන්සේගෙන් ඇසූ කල නැතැයි යන පිළිතුර ලද පසු ඒ සඳහා කළ යුත්තේ කුමක්දැයි යළි මහරහතුන් විමසුවේය. චෛත්‍ය විහරස්ථාන ඉදිකර දේශීය දරුවකු සසුන්ගත කළයුතු බව උන්වහන්සේ ඊට පිළිතුරු වශයෙන් අනුශාසනා කළහ. එපරිදි දේවානම් පියතිස්ස රජතුමාණන් සිය ප්‍රාදේශීය රජවරුන් කැඳවා චෛත්‍ය ඉදිකිරීමට උපදෙස් දුන්නේය. එහෙත් ඒ වන විට කිසිවකු චෛත්‍යයක් ඉදිකරනවා තබා ඇසින් දුටුවකු පවා මෙරට සිටියේ නැත්තේලු.

දේවානම්පියතිස්ස මහ රජතුමාගේ ඉතා හිතෛෂී තිස්ස කීර්ති කුමරු නමැති ප්‍රාදේශීය රජ තුමා එවකට පාලනය කළ ප්‍රදේශයට “බ්‍රහ්මචෝල” ගම්මානයද අයත් වූවේය. එගම් පියස පිහිටියේ වර්තමානයේ රඹුක්කන නගරයට සැතපුම් හතරක් පමණ දුරකින් වූ “දැළිවල”නම් ප්‍රදේශයේය. මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලද උපදෙස් අනුව තිස්ස කීර්ති කුමරුන් “කොට වෙහෙර” ඉදිකර ඇත්තේය.

එම චෛත්‍යය ඒ නමින් හඳුන්වනු ලබන්නේ “නූස්” (වැඩි උසක් නැති) නිසා නොවේ. ඒ වර්ගයේ ස්වභාවය (පෙනුම) හේතු කොට ගෙනය. (මේ අන්දමේම (වර්ගයේම) මේ නමින්ම හැඳින්වෙන චෛත්‍යයක් (දාගැබක්) දැදිගම ප්‍රදේශයේද තිබේ.) සාමාන්‍යයෙන් චෛත්‍යයක් ඉදිකරනු ලබන්නේ බිම් මට්ටමේ සිට ගඩොළු හෝ කළුගල් ආදියෙනි.
එහෙත් රඹුක්කන දැළිවල කොට වෙහෙර ඉදිකරනු ලැබ ඇත්තේ බිම් මට්ටමේ සිට අඩි සියයක් (100) පමණ තරම් උස කඳුගැටයක ශීර්ෂය (මුදුන) දාගැබක හැඩයට රැහීමෙනි. (කපා කොටා හීන් කිරීමෙනි). පුරාවිදා්‍යාත්මක විස්තර අනුව චෛත්‍යය ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදී ඉදිකරන ලද්දකි.

චෛත්‍යය දැනට වසර හැටපහකට පමණ ඉහත (1957) මහා වර්ෂා සමයකදී පළමුවර ගරාවැටීමෙන් මතුවූ පලිඟු කරඬුවකින් සර්වඥ ධාතූන් වහන්සේලා හමුවී ඇත. තවත් එවන් කරඬුවක සාංචි ස්ථූපයේ අනුරුව සහිත චෛත්‍යයක් (සිවු දිගට විහිදුණු ඡත්‍ර සහිත) හමුවිය. පසුව 2001 වර්ෂයේදී තවත් කොටසක් ගරාවැටීමෙන් විවිධ ප්‍රමාණයේ පබළු රැසක්ද, අඟුරු (දැවුණු දරවල ශේෂ) කොටස්ද රෙදි කැබැල්ලක්ද හමුවී තිබේ. රෙදි කැබැල්ල සම්බන්ධයෙන් ඇමෙරිකාවේදී පැවැත්වූ කාබන් පරීක්‍ෂණයේදී එම රෙදිකඩ වසර දෙදහසකටද වඩා පැරණි බව අනාවරණ කෙරී ඇත.

සධාතුක කරඬුව සහිත මේ කෞතුක වස්තූන් වසර තිහකට වැඩි කාලයක් තිස්සේ දැඩි ආරක්‍ෂිතව තැබීමෙන් අනතුරුව වර්තමාන විහාරාධිපති පුස්සැල්ලේ අරියවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා අලුතින් ඉදිකළ දෙමහල් විහාර මන්දිරයක ඉහළ මාලේ වඩාහිඳුවා තිබේ.

විහාරාධිපතින් වහන්සේ විහාරස්ථානයෙන් බැහැරව සිටි පසුගිය දිනෙක රාත්‍රියේ (2022.02.11) මේ අමිල වස්තූන් සොරාගෙන ගොස් තිබේ.

ඉන්දියාවේ සාංචි ස්ථූපයේ අනුරුව සදිසි රන් කරඬුව, කේශ ධාතු සහිත රන් කරඬුව සමග තවත් රන් කරඬු දෙකක් සොරාගෙන ගොස් ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබේ.

එදින අලුයම තේවා භාරකරු රාජකාරිය (තේවාව) සඳහා ගිය කල්හි කුටියේ fදාර විවර කර තිබූ බවද පුරාවස්තූන් අතුරුදන්ව තිබූ බවද කියයි. සොරකම සිදුවූ දින විහාරස්ථානයේ වැඩවාසය කර ඇත්තේ විහාරවාසී පරපේ විද්‍යාශ්‍රී මහ පිරිවෙනේ ආචාර්ය පූජ්‍ය කිවුල්පනේ පඤ්ඤාවංශ හිමියන්ය.

අරියවංශ නායක ස්වාමින්වහන්සේ පැවැසුවේ සී.සී.ටී.වී. කැමරාව තුන් මාසයකට ආසන්න කාලයක සිට අක්‍රියවී ඇති බවකි. මූල්‍ය අපහසුතාව නිසා කැමරා පද්ධතිය අලුත්වැඩියා නොකළ බවට මතයක්ද පැතිරෙමින් තිබේ.

රඹුක්කන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කිංස්ලි හේරත් මහතා ප්‍රකාශ කෙළේ නවීන තාක්‍ෂණික ක්‍රමෝපායන් අනුව පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි.
දැළිවල කොට වෙහෙරට තරමක් සමීපයේම මලියදේව මහරහතන් වහන්සේ වැඩවිසූ වට්ටාරම විහාරස්ථානයේ තිබී මෙයට වසර කීපයකට පෙර මෙසේම සොරාගනු ලැබ තිබූ දඹරන් වටිනා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්ද එවකට මධ්‍යම පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පසුව සහකාර පොලිස් අධිකාරී වශයෙන් විශ්‍රාම ලද කේ.ඇම්.ඇස්. බෝවල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පරීක්‍ෂණයකින් සොයාගනු ලැබිණි.

සිද්ධිය දැනගත් මොහොතේම උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ රඹුක්කන ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල හඳගම, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇම්.ආර්. තිලකරත්න, වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති කනක හේරත් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ආර්.ඩී. බස්නායක යන මහත්වරු පැමිණ නායක හිමියන් සමග සාකච්ඡා කර පරීෂණ සඳහා අවශ්‍ය සෑම සියලු සහායක්ම දීමට සූදානම් බව කීහ.

දැළිවල කොට වෙහෙර ආශ්‍රිතව බැඳුණු ඓතිහාසික පුරාවෘත්ත රැසක් සමග උප සංස්කාතියක් ද මේ වන විට අපේ උරුමයට දායාදවී තිබේ.

චෛත්‍ය ඉදිකිරීමේ මහා පුණ්‍යකර්ම කර්මාන්තයේ සියලු අනුශාසනා මිහිඳු මහරහතන් වහන්සේ දෙසූහ. ඒ සඳහා පැමිණි උන්වහන්සේ කර්මාන්තය නිමවෙන තුරා වැඩවිසූ ස්ථානය පිහිටි ගම්මානය වර්තමානයේ මීදුම (කලින් මිහිදුම) ලෙසින් හැඳින්වේ.

පුණ්‍ය භූමියට ආසන්න ගම්මානවලටද නම් පටබැඳුණු බව දැළිවල කොට වෙහෙර රජමහ විහාරවාසී පූජ්‍ය කිවුල්පනේ පංඤාවංශ හිමියන් විස්තර කළ අන්දමට දැළිවල යන ග්‍රාම නාමය ව්‍යවහාරයට පැමිණ ඇත්තේ මෙසේය.

“දැළි” යන්නෙන් ගොරෝසු දැඩි සහ ඝන යන අරුත් දැක්වේ. දැළි රැවුල (ගොරා්සු රැවුල) ආදි තැන් විමසත්වා. “වල” යනු කැළෑවයි. (වනාන්තරයයි). වනාන්තරයේ වෙසෙන වැද්fදා් යැයි කීමට බුදුගුණ අලංකාරයේ “අවුත් වල වැදි දනෝ එතනට” යන පැදි කැටිය විමසන්න.

චෛත්‍ය රාජයාගේ කොත් පැලැඳවීමේ පුණ්‍යකර්මයට මහාසංඝයා වහන්සේලා එක් පෙළක් වශයෙන් වඩිනු දුටු උපාසිකාවක් “අන්න සඟ වැලක්” යැයි කී හෙයින් ඒ පෙදෙස “සඟවැල” වී මේ වන විට “හඟවෙල” ලෙසින් බැවහැර වේ. (හෙළ බසේ “ස” සහ “හ” යන අකුරු සමානව යෙදේ. සතුරා හතුරා, සම හම විමසත්වා)

යාන වාහන ප්‍රමාණවත් තරම් නොවූ එකල පින්කමේ මහ දානය සඳහා දන් කත් (කත් බැඳගත් දානෙ) ගෙන එමේදී සිදුවූ ප්‍රමාදය නිසා ඒ මිනිසුන් විසූ ගමට එදා පැවසූ “දානෙන් පහුවූ” ගම්මානය වර්තමානයේ “දාහෙන්පහුව” වී ඇත. පුණ්‍ය කර්මයට අවශ්‍ය දේ එක එක ගම්මානයකට වෙන්කර පවරා භාරදීමේදී මල් කඩා වට්ටියක් වශයෙන් ගෙන ඒමට නියම වූ ගමක් වර්තමානයේද “කාඩවට්ටිය” ලෙසින් හැඳින්වේ.

ප්‍රස්තුථ කොට වෙහෙරට පරිවාර වශයෙන් සිවු දිගින් ඉදිකර තිබූ දාගැබ් හතරෙන් එකක කොතක් මහා සුළඟකට ගැලවී ගොස් “වැල්ලකට” වැටුණු හෙයින් ඒ ප්‍රදේශය එදා “කොතවැල්ල” ලෙසින්ද අද “කොටවැල්ල” නමින්ද හැඳින්වේ.

දැළිවල රජ මහා විහාරයට පෙර රජ දරුවන්ගෙන් සන්නසකින් ලැබුණු ඉඩමක පිහිටි එක් ගල් තලාවක “කුරප්පට්ටම” (හෙවිසිය) මෙන්ම සුනඛයකුගේ සහ කවුඩුවකුගේ (කපුටකු) යන පරිදි රූ සටහන්ද කොටා තිබිණි.

කුරප්පට්ටමෙන් ඇඟවුණු අර්ථය කුරප්පට්ටමක් වැයූ කල ඒ හඬ ඇසුණු තෙක් මානයේ ඇති ඉඩකඩම් විහාරස්ථානය සන්තක බවය. සුනඛ සහ කවුඩු සටහනේ අර්ථය විහාරස්ථානයට හිමි දේපොළ අකැප වූවන් පරිභෝජනය කරනු ලැබුවේ නම් ඔවුන් බලු කපුටුවන් සේ ජන්මය ලබන බවය.

ඉඩම්කඩම් පසු කලෙක අනවසරෙන් අත්පත් කරගනු ලැබුවන් ඒ ගල්තලාව කුඩුපට්ටම් කර දමා ඇති බව පැවසේ.

මීට කලිනුත් කීප වතාවක්ම උස්සන්න හදලා!

විහාරාධිපති හිමියෝ “මව්රට”ට මෙසේ කීහ.

“වසර තිහක් තිස්සේ ඉතා සුරක්‍ෂිතව තැන්පත් කර තිබූ පුරාවස්තු එතැනින් එළියට ගෙන ඒ වෙනුවෙන්ම ඉදිකළ දෙමහල් මන්දිරයක තැන්පත් කරන්නට යෙදුණේ “අධිකරණ ක්‍ෂේත්‍රයේ තනතුරුධාරී බලවන්තයකුගේ ”තර්ජනය නිසා” යැයි රඹුක්කන දැළිවල කොටවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පුස්සැල්ලේ අරියවංශ නාහිමියෝ “මව්රට”ට පැවැසූහ.

විහාරස්ථ පරිශ්‍රයේ දැනට තුන් වසරකට පෙර අභිනවයෙන් ඉදිකළ දෙමහල් ධාතු මන්දිරයේ ඉහළ මාලයේ විශේෂ ආරක්‍ෂිත (වෙඩි නොවදින සහ යකුළු-කුළුගෙඩි පහරවල් සියයකින් හෝ නොබිඳෙන)වීදුරු වර්ගයකින් ඉදිකළ සුරක්‍ෂිත මංජුසාවක තැන්පත් කර තිබූ පෞරාණික වස්තූන් ජනවාරි එකොළොස් (11) වැනිදා රාත්‍රියේ හෝ fදාළොස් (12) වැනිදා අලුයම හෝ සොරාගෙනැ ගොස් තිබේ.

දඹරන් කරඬුවක්,දම් සහ ශ්වේත වර්ණ පළිඟු කරඬු දෙකක්,කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කර තිබූ පළිඟු කරඬුවක්,සහ රන් කරඬු පහක් (5) සහිත එක් මංජුසාවක් එසේ සොරාගෙන ගොස් ඇත.

විහාරස්ථ සහ සතර පේරුවේ දායක සභාවේ තනතුරුධාරියකු පැවසූ අන්දමට නව ධාතු මන්දිරය ඉදිකර ඇත්තේ දැනට තුන් වසරකට පෙර දීය.

ඒ සඳහා සමස්ත බරපැන දරනු ලැබ ඇත්තේ යථෝක්ත තනතුරුධාරී බලවන්තයා මෙන්ම දේශපාලන දැවැන්තයා විසින්ය.

මන්දිරය 2019.05.05 දින විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය අගමැති මහින්ද රාජපපක්‍ෂ මහතාගේ සුරතින් ඉෂ්ට සිද්ධකිරීමේ සැලසුමක් තිබුණද අනපේක්‍ෂිත අන්දමින් 2019.04.22 දින සිදුවූ “පාස්කු ප්‍රහාරය” නිසා ඒ සැලැස්ම නිෂ්ප්‍රභ වූයේය.

ඒනිසා උත්සවය ධාතු මන්දිරය ඉදිකළ පින්වන්ත දානපතියාණන්ගේ සුරතින්ම විවෘත කිරීමට තීරණය කරනු ලැබ එසේ කෙරිණි.

එතෙක් රහසිගත ආරක්‍ෂිත සේප්පුවක තිබූ රන් කරඬු නව ධාතු මන්දිරයේ නව තාක්‍ෂණික ආරක්‍ෂිත ක්‍රමෝපායට අනුව නිමැවුණු සුරක්‍ෂිත මංජුසාවට වැඩම කරන්නට යෙදුණේ ඒ අනුවය.

එහෙත් අමිල ඓතිහාසික වටිනාකමක් ඇති (වසර 2300) ආසියාවේ ඇති වටිනාම රන් කරඬුවලට වීදුරු මංජුසාවෙන් අපේක්‍ෂිත නිසි ආරක්‍ෂාව නොලැබෙන බැව් පසක් කරගත් විහාරාධිපතින් වහන්සේ ඇතුළු දායක සභාවම වික්‍ෂෝපව ඊට අකැමැත්ත පළකර රන් කරඬු තුබූ තැනම (සේප්පුවේම) තබා වීදුරු මංජුසාවේ (තුළ) කරඬුවලට සමාන අනුරූ තබන්නට යෝජනා කර ඇත්තාහ.

එහෙත් අර ප්‍රබලයා නායක හාමුදුරුවන් වහන්සේට සහ දායක සභාවේ ප්‍රධානීන්ට “රන් කරඬු හොරකම් කරන්නද ප්ලෑන් කරන්නේ” යැයි තරක්කර (එදිරිව) තර්ජනාංගුළි එල්ල කර තිබේ.

ගම්වැසි තමන් වහන්සේ වැන්නෙකුට එවන් අචින්ත්‍ය බල ඇති අනන්ත දළ ඇති දේශපාලන හයිය ඇති තනතුරේ බලය ඇති දැවැන්තයකුගේ කීමට රැහැනි (එරෙහි) වුවහොත් හිරේ විලංගුවේ වැටෙන්නටද බැරි නැතැයි යන දායක කරකාදීන්ගේද ඔවදන් අනුව නිහඬව උන් කීවාක්ම (කීදෙයක් ම) කළහයි උන්වහන්සේ කීහ.

ගතවූ වසර දහයකට (10) ආසන්න කාලය තුළ (2006-2016) මේ උතුම් වස්තූන් වංචාකිරීමට, සොරකම් කිරීමට, කොල්ලකෑමට (සුදුසු වචනය තෝරා ගනිත්වා) බලවන්තයන් මෙන්ම බලවන්තයන්ගේ උපාය මාර්ගික දූතයන්ද බොහෝ වර තැත් කළ බවද ඒ යත්න (උත්සාහ) ව්‍යවර්ථ වූ විට එමගින් අත්විඳින්නට සිදුවූ හිංසා පීඩා දුක්ඛ fදා්මනස්සයන් මහමෙරක් සේ යැයි ද උන්වහන්සේ කීහ.

මේ ඓතිහාසික වස්තූන් ජපානයේ පැවැත්වෙන ප්‍රදර්ශනයකට ගෙනයාමට දෙන ලෙසට එක් අමාත්‍යාංශයක ඉහළ නිලධාරීන් 2008 වර්ෂයේදී ඉල්ලීමක් කර තිබේ.
තමන් වහන්සේට සහ දායක සභාවේ අඩුම තරමින් තුන් දෙනකුට හෝ ඒ ගමන සඳහා පහසුකම් සපයන්නේ නම් මෙන්ම ධාතූන් වහන්සේලා (කරඬු) තමන් වහන්සේ සන්තකයේම තබාගැනීමට (ගෙනයාමට පවා) ඉඩසලසා දෙන්නේ නම් මිස භාරකාරත්වය කිසිවකුට නොදීමේ කොන්දේසියට යටත්ව ඉල්ලීම ඉටුකළ හැකි බව උන්වහන්සේ පවසා ඇත්තාහ.

එහෙත් කරඬු තමන් ගෙනයන බවත් හාමුදුරුවන් වහන්සේ ඇතුළු දායකවරුන් ගමනට සහභාගි වියයුතු බවත් නිලධාරීන් විසින් පවසනු ලැබීමෙන් උන්වහන්සේ යෝජනාව බැහැර කර ඇත්තෝය.

කොළඹදී 2016දී පමණ දින කීපයක් තුළ පැවත්වෙන දැවැන්ත පුරාවිද්‍යා ප්‍රදර්ශනයකට කරඬු ප්‍රදර්ශන භාණ්ඩ වශයෙන් තැබීමට විහාරාධිපතීන් වහන්සේගෙන් කෙරුණු ඉල්ලීමකට උන්වහන්සේ කැමැත්ත පළකර තමන්වහන්සේ සමග දායක සභාවේ සාමාජිකයන් දෙදෙනකුටද ඒ සඳහා යාමට අවසර ඉල්ලා තිබේ.

හැන්දෑ මානයේ පළමු දින ප්‍රදර්ශනය නිම වූ විට විහාරාධිපතින් වහන්සේට හැර සෙසු දෙදෙනාට එතැන රැඳී සිටිය නොහැකි බව පවසා ඔවුනට නැවතීමට හෝටලයක් වෙන්කර ඇතැයි සංවිධායකයන් පවසා තිබේ.

එහෙත් එවන් හෝටලයක් වෙන්කර නැති බව දැනගත් පසු විහාරාධිපතින් වහන්සේ ධාතු කරඬු රැගෙන දායක සභාවේ සාමාජිකයන් දෙදෙනාද සමග මහ රාත්‍රියේම ආපසු විහාරස්ථානයට වැඩ තිබේ.

ප්‍රදර්ශන මුවාවෙන් මේ අවස්ථා දෙකේදීම මේ වටිනා වස්තූන් වංචාකිරීමට උත්සාහ දරා ඇති අතර ඉන් පසු තමන් වහන්සේට සමාජ මාධ්‍යවලින් විවිධ අන්දමේ චෝදනා එල්ල කර පහරදීමට පටන්ගත් බවද පැවසූහ.

මේ සියලුම කරඬුවල ඇත්තේ ඓතිහාසික වටිනාකමක් මිස රන්වල (රත්‍රං) වටිනාකමක් නැති බව ලෝහ කර්මාන්තය ගැන දන්නෝ කියති. මේ සියල්ල නිමියේ “දඹ” රන්වලිනි. දඹ රන් වනාහි රත්ත්‍රං උණු කිරීමෙන් ඉතුරුවන “මණ්ඩි” වැනි අපද්‍රව්‍යයකි. එබැවින් ඒවායේ රන් මෙන් ඉහළ වටිනාකමක් ඇතැයි යන්න මුළාවක් බව ඔවුහු කියති.

දැළිවල කොටවෙහෙරේ නිධන් වස්තු අතුරුන්වීම පිළිබඳව කිසියම් තොරතුරක් ඇත්නම් එම විහාරස්ථානයේ විහාරාධිපති පුස්සැල්ලේ අරියවංශ නාහිමියන්ගේ 071-6920275 දුරකතන අංකයට හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තම්න්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයසේකර මහතාගේ 071-8594924 සහ 070-2542162 යන අංකවලට හෝ දන්වන ලෙසට ඉල්ලා සිටියි.

එසේ සැපයෙන තොරතුරු පිළිබඳ රහස්‍ය භාවය සියයට සියයක්ම (100%) ආරක්‍ෂා කෙරේ. එවන් විශ්වසනීය ආරංචියකට රුපියල් මිලියනයක (10,00,000) මුදල් ත්‍යාගයක් පිරිනැමෙන බවද විහාරාධිපති හිමියෝ පැවසූහ.

සිද්ධිය පිළිබඳ කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් මත කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.ඒ.ඩී. රෙෂාන්ත පොලිස් පරීක්‍ෂක පී.ඩී. තිලකරත්න රඹුක්කන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කිංස්ලි හේරත් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බණ්ඩාර, සැරයන් රාජපක්‍ෂ (37611) යන මහත්වරුද, කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යාංශයේ කාන්තා පොලිස් පරීක්‍ෂක අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මියද පරීක්‍ෂණ පවත්වති.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ආන්දෝලනාත්මක අන්තිම කුණු කන්ටේනර් 45ත් රටින් පිට කරයි! එව්වෙ කව්ද ගෙනාවෙ කව්ද අන්තිමට එළියට එයි! එව්වේ එංගලන්තෙ ‘වන්ගාඩ්ස්’! ගෙනාවේ ‘සිලෝන් මෙට්ල්’! (VIDEO)

Next Post

කෞතුකාගාරෙන් කංගැට්ටා ඉස්සූ කඩු කෝ? කෝට්ටේ පන්සලේ මිනීමරා අරන් ගිය රන් කඩුවට මොකද වුණේ? පහුගිය කාලෙ හොරකම් කරපු පුරාවස්තු තියෙන්නෙ කවුරු ළඟද?

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.