පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීම සඳහා ජනප්‍රිය චරිත සෙවීමේ මෙහෙයුමක් ආණ්ඩුව පාර්ශ්වයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනප්‍රිය චරිත කිහිපයකටම කතා කොට ඇති ආණ්ඩුවේ ප්‍රධානීන් ඒ බව දැනුම් දී ඇති අතර, ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, සිය මන්ත්‍රී ධුරවලින් ඉවත්වී මහ ඇමැති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන ලෙසට දැනුම්දී ඇති බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙම දැනුම් දීම්වලදී ඇතැම් ජනප්‍රිය චරිත එය ප්‍රතික්ෂේප කොට ඇති බවද දැනගන්නට තිබේ.










